
(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයියර් නසීර් මහතා අතර හමුවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.
ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර පවතින එම දිගුකාලීන සමාජීය, ආර්ථික සහ දේශපාලනික සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳවත්, දෙරට අතර බහුවිධ අංශ හරහා හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරිම පිළිබඳවත් මෙහිදී අවධානයක් යොමු විය.
දෙරටේ සෞඛ්‍ය සේවාවන් සහ ඖෂධ සැපයුම් ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම සඳහා ගත හැකි පියවර පිළිබඳව ද අවධානය යොමු වූ අතර, දෙපාර්ශ්වයම පවතින වෛද්‍ය අධ්‍යාපනික සහයෝගීතා, වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ අධ්‍යාපන සහ පුහුණු අවස්ථා හුවමාරු කර ගැනීම සහ විශේෂයෙන් පකිස්ථානයේ ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් සඳහා වෛද්‍ය ශිෂ්‍යත්ව සමාලෝචනය ආදී ක්ෂේත්‍ර වලට අදාළ වෘත්තීය පුහුණුව සහ සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳව ද අදහස් හුවමාරු කර ගන්නා ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd