(අංජුල මහික වීරරත්න)

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, ඓතිහාසික කතරගම කිරිවෙහෙර රාජමහා විහාරයේ විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, කොබවක ධම්මින්ද නා හිමි කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ දී බැහැදුටුවේය.

මෙරට වත්මන් ආර්ථික සහ සාමාජීය කටයුතු පිළිබඳව මෙන්ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව අමාත්‍යවරයා මෙහිදි සාකච්ඡා ක⁣ළේය.

මෙම අවස්ථාවට වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම්. ජයවර්ධන, කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති එච්. එන්. ඩී. හේරත් මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.