
(ටී.කේ.ජී.කපිල)
රුපියල් නව ලක්ෂ අනූ අට දහසක් වටිනා , සුරතල් සතුන් 38 දෙනකු නීතිවිරෝධී ලෙස රැගෙන ආ අයකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙක් පැවැසීය.
සැකකරු මහනුවර , දිගන ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකි. තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙම සුරතල් සතුන් ගෙනැවිත් ඇතැයි කියයි.
ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ ගිනි පිග් , ලේනුන් , ඩව් බර්ඩ් , ෂුගර් ග්ලයිඩර්ස් සහ හෙජ් හොග් සතුන් කූඩු තුළ බහා සගවා ගෙන තිබුණි .
ශ්‍රී ලංකාවේ වනජීවී සහ වෘක්ෂලතා ආඥා පනතේ සහ සත්ව රෝග ආඥා පනතේ විධිවිධාන උල්ලංඝනය කරමින් , මෙම සතුන් රැගෙන විත් ඇත.
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd