
(යොහාන් භාසුර)
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතිය මෙම සතිය තුළ තුන්වැනි දිනටත් අද (26) බිඳවැටුණේය.
මේ හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ඇනහිටි ඇත.
ජාතික හැඳුනුම්පත් ලබාගැනීමට පැමිණි ජනතාව මේ හේතුවෙන් නොසන්සුන්කාරී විය.
එම පිරිස පාලනය කිරීමට පොලිසිය කැඳවූ බවත් පොලිසිය මැදිහත් වී ජනතාව පාලනය කළ බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මේ හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ඇතුළු සේවාවන් රැසක් තාවකාලිකව නතර කළ බවත් වාර්තාවේ.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය පසුගිය සඳුදා එනම් 23 වැනිදා පළමුවරට අක්රිය වූ අතර ඒ අනුව පසුගිය 24 වැනිදා එම දෙපාර්තමේන්තුවේ සියලුම සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට වැඩබලන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් එම්. එස්. පී. සූරියප්පෙරුම මහත්මිය පියවර ගත්තාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd