ඩුබායි  හි සැඟව සිටි ප්‍රබල  පාතාල කල්ලි සාමාජිකයකු බව කියන  සැන්ඩෝ යන අන්වර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයාට අයත් බව කියන  ගිනිඅවියක් රාගම, බටුවත්ත වල්පොල මාර්ගයේ වීරරත්න මාවතේ ගසක මුල  සඟවා තිබියදී සොයාගත් බව කොළඹ ත්‍රස්තවාදි විමර්ශන කොට්ඨාසයේ කියයි.

ටී පනස් 56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිවලට යොදනන උණ්ඩ යෙදිය හැකි ලෙස මෙම ගිනි අවිය මෙරටදී නිෂ්පාදනය කර ඇතැයි පොලිසිය කියයි.  

මෙම පාතාල කල්ලි සාමාජිකයාගේ කීමට   කිසියම් අයකු ඝාතනයට  එම පාතාල කල්ලි සාමාජිකයාගේ පාර්ශවයේ වෙඩිකරුවකු පැමිණ මෙම ගිනි අවිය රැගෙන යන තෙක් එම ගස යට ගිනි අවිය  සඟවා තබා ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය

කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයේ බුද්ධි අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත නිලධාරීන් කණ්ඩායමක්  එහි ගොස් සිදු කළ මෙහෙයුමකදි  සූක්ෂම ලෙස සඟවා තිබූ මෙම ගිනි අවිය සොයා ගත්තේය.