වාර්ෂික ගෝලීය සාම දර්ශකය ප්‍රසිද්ධියට පත් කළ අතර, දකුණු ආසියානු කලාපය තුළ සාමකාමීත්වය අතින් ඉහළින්ම සිටින දෙවැනි රට බවට ශ්‍රී ලංකාව නම් කර තිබේ.

රටවල් 163 ක් මෙම ලැයිස්තුවට ඇතුළත් අතර ශ්‍රී ලංකාව ඇත්තේ 67 වැනි ස්ථානයේය. දකුණු ආසියානු කලාපය තුළ සාමකාමීත්වය අතින් ඉහළින්ම සිටින පළමු රට භූතානයයි. භූතානය සිටින්නේ 16 වැනි ස්ථානයේය.

රටේ පවතින දේශපාලන ස්ථාවරත්වය, ආර්ථික ස්ථාවරත්වය සහ  සුරක්ෂිතභාවය හේතුවෙන්, ශ්‍රී ලංකාව, ගෝලීය සාම දර්ශකයේ ඉහළට පැමිණ ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

ලෝක සාම දර්ශකය යනු ඕස්ට්‍රේලියාව පදනම් කරගත් ‘ආර්ථික විද්‍යාව සහ සාමය’ පිළිබඳ ආයතනය විසින් සකස් කරනු ලබන වාර්ෂික වාර්තාවකි.  

සාම දර්ශකය සකස් වන්නේ ජනමත සමීක්ෂණ මගිනි. මෙමඟින් ලොව පුරා පවතින රටවල් සහ කලාපවල සාමකාමීත්වයේ සාපේක්ෂ මට්ටම මැන බැලීම සිදු කරයි. මාධ්‍ය සමීක්ෂණ වාර්තා ද මේ සඳහා යොදා ගැනෙයි.

        මෙම දර්ශකය මඟින් ස්වාධීන රාජ්‍යයන් සහ ප්‍රදේශ 163ක් ශ්‍රේණිගත කිරීමට ලක් කරන අතර, එය සමස්ත ලෝක ජනගහනයෙන් සියයට 99.7ක් පමණ ආවරණය කරයි.

පසුගිය දශකය තුළ මෙම ලෝක සාම දර්ශකයේ දත්තයන්ට අනුව පෙනී ගොස් ඇත්තේ ගෝලීය වශයෙන් ප්‍රචණ්ඩත්වය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර සාමකාමීභාවය අඩු වෙමින් පවතින බවය.

2026 ගෝලීය සාම දර්ශකයේ පළමු ස්ථානයේ ඇත්තේ අයිස්ලන්තයයි. දෙවැනි ස්ථානය නවසීලන්තයටත්, තෙවැනි ස්ථානය ස්විට්සර්ලන්තයටත් හිමිවී ඇත.

චීනය ඇත්තේ 118 වැනි ස්ථානයේ වන අතර, ලෝක බලවතා වන ඇමෙරිකාව සිටින්නේ 134 වැනි ස්ථානයේය. අප අසල්වැසි ඉන්දියාවට හිමිවි ඇත්තේ 217 වැනි ස්ථානයයි. ගෝලීය සාම දර්ශකයේ අවසන් ස්ථානය, එනම් 163 වැනි ස්ථානය හිමිවී ඇත්තේ රුසියාවටය.