
(ඩයනා උදයංගනී සහ සමන්ත යහම්පත්)
60 සහ 70 දශක වල මෙරට සිනමාවේ ප්‍රවීණ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක වූ ස්වර්ණා කහවිට මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
වසර 50 කට අධික කාලයක් මෙරට සිනමාව වෙනුවෙන් සිය දායකත්වය ලබාදුන් ඇය කලක් රෝගාතුරව සිට අභාවප්‍රාප්ත වී ඇත.
ප්‍රවීණ සිනමාපත්‍ර කලාවේදී ආරියරත්න කහවිටගේ නැගණියක් වන ඇය ”වෙසතුරු සිරිත” චිත්‍රපටයේ ඉතා සුළු චරිතයක් රංගනය කරමින් සිංහල සිනමාවට පිවිසියාය.
අනතුරුව ”බිනරමලී” චිත්‍රපටයේ බිනරමලී ලෙස මුල්වරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළ ඇය 1970 වසරේදී එම චරිතය වෙනුවෙන් හොඳම නිළියට හිමි සරසවිය සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.
ස්වර්ණා කහවිට මහත්මිය “රහස් දූපත”, “රෑණ ගිරව්”, “සිරිල් මල්ලි”, “රං ඔන්චිල්ලා”, “අභිරහස”, “ඔන්න බබෝ බිල්ලෝ එනවා”, “හරිම බඩු තුනක්”, “දයාබර නිලූ” ආදී චිත්‍රපට 35 කට පමණ රංගනයෙන් දායක වූවාය.
ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල කනත්තේ දී හෙට (24) පස්වරු 4.30ට සිදුකිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමිය තම මව්බිම වෙනුවෙන් කළ සේවයට හිසනමා ගෞරව කරන අතර, අජරාමර උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා කියා ඉතසිතින් පතමි.
දේශපාලනයට ආපු නැති නිසා ඔබතුමියට ගෞරවනීය මරණයක් හිමිවුණා. ඔබට අජාරාමර නිවන් සුව..!.
ඔබට නිවන් සැප ලැබේවා..!