(අංජුල මහික වීරරත්න)
ස්නායු ශල්‍ය කර්ම සඳහා ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මොළයෙහි සැත්කම් සඳහා සහ විවිධ ස්නායු ශල්‍ය කර්ම වලදී භාවිත කරන ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් මිල දී ගැනීම පිණිස ජාත්‍යන්තර තරඟකාරී ලංසු කැඳවා ඇති අතර ඒ සඳහා ලංසු 2 ක් ලැබී තිබේ. එකී ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලයේ නිර්දේශ මතපදනම්ව, ඉලෙක්ට්‍රික් ඩ්‍රිල් 10ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය අවම ලංසුකරු වන ජර්මනියෙහි Aesculap AG (Manufacturer: Aesculap Ag) වෙත පිරිනැමීම පිණිස සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය ක්ෂේත්රයේ විශාල දියුණුවක්...
හොද පුවතක්... පිළිකා සෛල නසන උපකරණයක් ගෙන්වන්න..
ගොඩක් රජයේ රෝහල්වල රෝගීන් අසරණ වෙනවා. ඒ රෝහල් වලටත් නවීන තාක්ෂණයක් තියන උපකරණ ගෙන්වන්න.
සිංහල වෛද්‍ය ක්‍රමයත් දියුණු කරන්න.
ඇත්තටම හොදයි.