
(එම්.කේ.නන්දසේන)
කතරගම සිට සෙල්ලකතරගම දෙසට එමින් තිබූ සෆාරි ජීප් රථයක් මහසෙන් වට රවුම හංදියේදී රිදුරුගේ දකුණු පසින් ධාවනය කළ යතුරුපැදි කරුවකුගේ ගැටී ඔහු බිම ඇද වැටීමෙන් පසු හිස මතින් ධාවනය වීමෙන් යතුරුපැදි කරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි.
අනතුරක් සිදුවීමෙන් පසු අදාල වාහන සිදුවූ ස්ථානයේ සිට අඩි 100 ක් පමණ ඉදිරියට ගොස් සෙල්ල කතරගම මාර්ගයේ නතර කොට තිබූ බව පොලිස් රථවාහන අංශයේ නිළධාරියෙක් පැවසීය.
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ කතරගම ගාමිණීපුර ප්රදේශයේ මුල් පදිංචි කරුවකු වන යුද හමුදාවෙි වසර 28 ක් සේවය කොට විශ්රාම ලබා පොළොන්නරුව ප්රදේශයේ පදිංචි කේ.ඒ.චන්දන නැමති 53 හැවිරිදි අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd