සිංහල භාෂාව යනු වඳ වී යන භාෂාවක් බවට පත්වී ඇති බව මහාවංශය අලුතින් ග්‍රන්ථානුරූඬ කරන ඉතිහාසය පිළිබඳ මහාචාර්ය මාලනි ඈඳගම මහත්මිය පැරීසියේ දී කීවාය. මව් භාෂා දිනයේ ප්‍රධාන ආරාධිත දේශනයේදී ඇය එසේ කීවාය. ප්‍රංශයේ දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය වසරකට වරක් මව් භාෂා දිනය සමරයි.
කථීක , ජන ගායනා, පද්‍ය රචනා ආදිය සදහා පැරීසියේ දූ දරුවන් අතර තරඟ පැවැත්විණි. එම තරඟ වලින් අංජනා චරිතානි ජයලත්ගේ, ඕෂද කිරිදිආරච්චි, සෙනුරී විෂාදි ප්‍රනාන්දු, චරක අබේරත්න, දුලෝකි වික්‍රමආරච්චි, මරීන් සිල්වා, ඒෂාන් කිරිදිආරච්චි සහ සවිදු සේරම් යන දූ දරුවන් ත්‍යාග දිනා ගැනීමට සමත් වුහ. ඔවුන් සියල්ලෝම දක්ෂයෝය.
එදින උත්සවයට සහභාගිවූ බොහෝමයක් දු දරුවන් පැරිස් බෞද්ධ විහාර දහම් පාසැලේ ඉගෙනුම ලබති. එහි කෝ ආනන්ද හිමියන්ගේ හා එම ආචාර්ය මඩුල්ලේ උත්සාහයේ ප්‍රතිපල එදින වේදිකාවේ රඟ දැක්විණි.
සිංහල භාෂාව රැක ගැනීමට වෙහෙසෙන ආනන්ද හිමියන්ට විශේෂ තිලිණයක්ද ප්‍රධානය කැරිණි.
ප්‍රංශයේ දේශ හිතෛශී ජාතික දේශපාලනයෙන් තොර සමාජ සේවය සදහා කැපවී සිටින ව්‍යාපාරයක් බව එහි ප්‍රධාන සභාපති හා ප්‍රධාන ලේකම් රුවන්සිරි හා ලකී ගනේවත්ත මහත්වරු කීහ.
අද › ලංකාවේ ඉංග්‍රීසි නොමැතිව මොනවත්ම කර ගැනීමට නොහැකි පරිසරයක් උදාවී ඇති බැවින් කුඩා ළමයාගේ සිට ජාත්‍යයන්තර පාසල් ජාලය ඔස්සේ ඉංග්‍රීසි ශීඝ්‍ර සමාජ පරිවර්තනය විසින් සිංහල භාෂාවේ ඉදිරි වර්ධන වේගය අඩු මට්ටමකට පත්කරනු ලැබ ඇතැයි ඕ කීවාය. සාධක හා දත්ත ඇසුරෙන් තර්කානුකූලව ඕ ඒ බව පැහැදිලි කළාය. එසේ හෙයින් වර්තමානය වන විට සිංහල භාෂාව ලෝක භාෂාවන් අතර හුදෙකලා වී ඇතැයි ද, එය රැක ගැනීම සිංහලයන්ගේ වගකීමක් යැයි ද ඕ කීවාය.
ඇගේ දේශනය හරබර හා මනසට ගෝචර වී යැයි එහි සිටි බොහෝ දෙනෙක් කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යථාර්ථය පෙන්නුම් කළ ඔබතුමියට තුති! (නි)
මගේ දැනුමේ හැටියට නම් ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනීම ගැන කිසිම වරදක් පෙනෙන්නෙ නැහැ. නමුත් අද අපේ රටේ ඉංග්‍රීසිය ඒ ඒ අයට බදු රහිත හොඳ ආදායම් මාර්ගයක් විතරයි. කුඩා කාලයෙම ළමයින්ට ඉංග්‍රීසි උගන්නනවා කිව්වත් සාමාන්‍ය පෙළ දක්වා ආවත් ළමයින්ට ඉංග්‍රීසි බැහැ. ඒක මේ කුඩා ළමයින්ගෙ වටිනා කාලය විනාශ කිරීමක්. අද අධ්‍යාපන ආමාත්‍යංශය කතා කරන්නෙ ඉංග්‍රීසිය ගැන විතරයි. අනෙක් එකදු වැදගත් විෂයක් ගැනවත් කිසිම හැඳින්වීමක් නැහැ. මේ රට දියුණු කරණ්න ඉංග්‍රීසිය ඕනෑයි කීම මහා ප්‍රෝඩාවක්. ඒක එහෙම නම් මේ රට දියුණු වෙලා ගොඩක් කල්. අවසානයේ ඉංග්‍රීසියටත් නැති සිංහලටත් නැති රටක් තමයි ඉතිරි වෙන්නෙ. (නි)
මව් භාෂා වේදිකාව දෙවනත් කළ ගරු ලේකම්තුමණි, මට හිතුනා වීර පුරන් අප්පු නැවත ඉපදුනාද කියලා? (නි)
ගොඩක් හොදයි මේ වැඩේ. (නි)
දහම් පාසලේ දරුවන්ගේ දෙමවුපියෝ වයින් බෝතල්, විස්කි බෝතල් ගන්න අතපය දිගහැරලා වියදම් කරනවා. නමුත් දහම් පාසලේ දියුණුවට එක සතයක්වත් දෙන්න වැඩි කැමත්තක් නැහැ. (නි)
නමුත් දෙමළ භාෂාවට නම් එහෙම වෙන එකක් නැහැ. (නි)
කවදාවත් නැහැ, (දී)
මෙහෙම ගියොත් නම් ඒ දේත් වෙයි (දී)
අපි ඉන්නකම් ඒවා වෙන්න දෙන්නේ නැහැ (දී)
ඉතාලියේ තියෙන්නේ ඉතාලි භාෂාව. ප්‍රංශයේ ප්‍රංශ භාෂාව. නමුත් මේ හෙළදිව බහු භාෂාවන්... (නි)
අපේ භාෂාව රැක ගන්න එක වෙන්න (දී)
ඉංග්‍රීසි නොව පරිඝනක භාෂාවයි අනාගතයේදී ලොව ජනප්‍රිය වන්නේ. (නි)
ලංකාවේ ඉන්නවා නම් සිංහල දැන ගත යුතුයි.. නීතියක් නෙමෙයි සත්‍ය ඒකයි... (ස)
ඉතලි ඉන්න සිංහලයොත් ලංකාවට ගිහිල්ලා බැරි ඉංග්‍රීසි කථා කරනකොට භාෂාව නොමැරී තියෙයිද ?? (ස)
අපේ ලංකාවේ අය දැන් කතාකරන්නේ ඔය එකකින්වත් නෙමෙයි, "සිංග්ලිෂ්" වලින්. (නි)
මැඩම් ඔයා සිංහලද වෙන ජාතියකද (ස)
උගත් සිහලුන් සිටින ඉතාලියේ ලංකාවට වඩා සිංහලකම රැව්දෙනවා. (නි)
කවදාවත් වෙන්න දෙන්නේ නැහැ (දී)
ඒවා කොහෙද ජාතික ඇදුම අදින නායකයින් ඉන්නකමි(නදී)
ඒක නම් සහතික ඇත්ත. මොකද දැන් අපේ රටේ ඉන්නෙ බාගෙට කළු සුද්දො.මේ අය කතා කරනකොට ඉංග්‍රීසි කෑල්ලක් දැම්මෙ නැත්නම් ඒක ඒ අයට මදි පාඩුවක්. ඒකෙන් ප්‍රදර්ශණය කරන්නෙ උගත්කම නොවෙයි,නූගත්කමයි. (නි)
අපි ජිවිත කැප කරලා අපේ දේ රැක ගන්න ඕනේ (දී)
හුගක් කට්ටියට තමන්ගේ මවුභාෂාව වන සිංහල දැන් අමතකයි. (නි)
කොහොමද එහෙම කියන්නේ (දී)
කොහොමත් මේ රටේ සියලුම දෙනා සිංහල අතහැර ඉංග්‍රීසි බස කතා කරන දවසක් ගැන හිතන්න බොහොම අමාරුයි, මට නම්. (නි)
අපේ භාෂාව නගා සිටුවන්න ඇමරිකාවේ උදවු ඉල්ලමු. (නි)
මමනම් ජිවිත පරදුවට තියලා අපේ දේ රැක ගන්නවා (දී)
චීන සහ හින්දි භාෂා තමයි දැන් ලෝකයේ නැගීයාමක් පෙන්වන්නේ. (නි)
අගය කළ යුතු ඉතාම වැදගත් වැඩක්.(නදී)
සිංහල භාෂාව නගා සිටුවීමට නම් අපනයන ආර්ථිකයක් අවශ්‍යයි. (නි)
සිංහල විතරක් නෙමෙයි, ලෝකයේ සියලුම භාෂා මළ භාෂාවක් වූ දාට මුළු ලෝකයම එකම මුදල් වර්ගයක් පාවිච්චි කරනවා කියලා විද්‍යාඥයෝ කියනවා. (නි)
ඉදිරි අනාගතේ ලොව ඉංග්‍රීසි පමණක් සහ එකම මුදල් ඒකකයක් භාවිත කරනවා කියා සමාජ විද්‍යාඥයෝ අනාවැකි පලකරනවා... (ස)
සිංහල භාෂාව ඉදිරියට ගෙන යා යුතුයි.. (ස)
මේ මළගමට පුද්ගලික එෆ්. එම් නාලිකාවල නිවේදක නිවේදිකාවනුත් වග කියන්න ඕනේ... (ස)
හීනෙකින්වත් හිතන්න එපා, ජීවිතය පරදුවට තියලා හරි ජාතිය ආගම භාෂාව බේරා ගන්නවා (දී)
නියමයි. හොද වැඩක්. (නි)
මම දිවි හිමියෙන් රකිනවා (දී)
මහාචාර්යවරියගේ කතාව නම් නියමයි. (නි)
සිංහල බස රැකගැනීම සිංහල අපි කාගේත් වගකීමයි. (නි)
ඔෂද පුතේ ඔය, හතරවන වතාවට නේද මේ පාර පළවැනියා වුණේ? පුතේ ඔයාගේ කතාව අහලා අපි සිංහල භාෂාව ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ස්තුතියි! (නි)
ඔෂද, අපි ඔයාගේ තරග හතරම බැලුවා. ඔය කරපු කතා හතරම හරි අර්ථවත්. බුදුසරණයි! (නි)
ඔෂද , ඔයාගේ කතා අහනකොට ඔයාගේ අම්මයි තාත්තයි ගැන අපිට ආඩම්බරයි. (නි)
ඔෂද පුතේ, ඔය ඉන්න ඕනෑ ප්‍රංශයේ නෙවෙයි ශ්‍රී ලංකාවේ. (නි)
උත්සවය ගොඩක් හොදයි. (නි)