සිංහරාජ වනාන්තරයේ උඩවැඩියා ඇතුළු පැළ ගැලැවූ රුසියා ජාතික යුවළට රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේදී අද රුපියල් එකොළොස් ලක්ෂ අනූපන්දහසක දඩ නියම විය. ඔවුනට එරෙහිව චෝදනා 34ක් විය. වනසංරක්ෂණ නිලධරයකුට බැන රාජකාරියට තර්ජනය කිරීමේ චෝදනාවට රුපියල් විසිදහසක දඩද නියම විය. කලවාන උසාවිබිමේදී ලංකාදීප වේවැල්කඳුර වාර්තාකරු එස්. පත්මබන්දුගේ කැමරාවට ගසා කඩාදැමීමේ වන්දිය ලෙස රුපියල් විසිදහසක් ගෙවන ලෙසද නියම විය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩ මුදල සාධාරණයි (ස)
අන්න හොඳයි.දැනෙන දඩුවමක් දෙන්න ඕනි (ස)
දඩ මුදල හුගක් මදි. (නි)
කාලෙකට පස්සේ උසාවිය හොද දඩයක් ගැහුවා නේද? (නි)
සිංහරාජයේ කැළේ කපන හොරුන්ට එහෙනම් කොච්චර දඩ ගහන්න ඕනෑද? (නි)
මේක එයාලට ලොකු ගාණක් නෙමෙයි (ස)
අපේ උරුමයක ආරක්ෂාව අපි සලසා ගන්න ඕනේ
වාර්ථා කරුගේ කැමරා එක කැඩුනට 20,000 ද? හ්ම්ම්... පොඩි ඩිජිටල් කැමර් එකක් ගන්න පුළුවන් වේවි ඒ මහතාට. (ස)
සාධාරණ දඬුවමක් දීල තියෙනවා.... මින් අදිරියට ජාන හොරු අහුවුනොත් දඩ මුදල තවත් වැඩි කරන්න... හම සුදු වුණාට කිසිම බුරුලක් දෙන්න එපා... (ස)
එතකොට අපේ වනජීවී නිලධාරීන් රුසියන් භාෂාව දන්නවද? (නි)
කරනකොට දන්නේ නැද්ද මේ කරන්නේ වරදක් බව (දී)
මම හිතන විධියටනම් මේ අය ලොකු වරදක් කරල තිබුන උනත් අපිට වෙලාවේ හැටියට උපායශීලීව කටයුතු කරන්න පුලුවන්නම් හොඳයි. මොකද අපේ මුලු රටම කාල විනාශ කරන්න හදන සමහර බටහිර රටවල් හමුවේ රුසියානු ජනතාවගේ සහාය අපට ලොකු ශක්තියක් උනා. ඒක නැති කරගත්තොත් ඉදිරි කාලයේදී අපි ආයෙත් අමාරුවේ වැටෙනවා. (ස)
බමුණු සිංහ මාත් එකඟයි ඔබේ අදහසට (ස)
අන්න හරි. ඔය තියෙන්නේ නියම දඩුවමක්. (නි)
බමුණුසිංහ ඒක ඔය රැසියන් ජාතික යුවලට ඇහෙන්න කියන්න ඒපා. ඊට පස්සේ මේක ජාත්‍යන්තර ප්‍රශ්ණයක් වෙයි. (ස)
හොද දඩුවම. (නි)
ලංකාදීපය මේක ලෝකෙට කිව්වට ලක්ෂ 5 ක් වත් ලංකාදීප වාර්තාකරුට දෙන්න වටිනවා (ස)
නියමයි. ඔවුන්ගෙන් මීට පසු අනිත් අයත් පාඩම් ඉගෙන ගනීවි. (නි)
ලක්ෂ 10 මදි මම කියන්නේ