සිංහරාජ වනාන්තරයෙන් ශාක විශේෂ 32ක පැල 345ක් සොරකම් කළැයි සැකපිට කලවාන සංචාරක උසාවියට ඉදිරිපත් කැරුණු රුසියා ජාතික යුවළට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දීමට මහේස්ත්‍රාත් මහේෂිකා ධනනසූරිය මහත්මිය අද කල් දුන්නාය.
මාර්සින් ස්ටැනිසියාව් සහ ස්මිර්ලෝවා අයිපිවා රිටිගල, හොර්ටන් තැන්න හා පේරාදෙණිය උද්භිද උද්‍යානයේන් ද පැළෑටි සොරකම් කර ඇතැයි වන සංරක්ෂණ නිලධරයෝ අධිකරණයට කීහ.
ඔවුන් ළඟ තිබූ ශාක පිළිබඳව පේරාදෙණිය උද්භිද උද්‍යානයේ අධ්‍යක්ෂ ආචාර්ය සිරිල් විජේසුන්දරගෙන් වාර්තාවක් කැඳවන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැට්ට පිටින් අලි මැරෙන රටේ මේක මොකක්ද? (නි)
"මේ මහ පොළොවෙ තියන ගහ කොළ සතා සීපාවා හැම මිනිහටම අයිතියි." ඒහෙනම් කොතල හිඹුටු ලංකාවෙන් ජපානය ට ගෙනිහින් දියවැඩියාව ට බෙහෙතක් හදලා ඒකට ජපානය විතරක් පේටන්ටි බලපත්‍රය ගත් හැටි හරිද ඒ බෙහත් නිෂ්පාදන වියදමින් අඩකටවත් ලංකාවට දෙනවද ලංකාවේ ඉන්න වැඩි දෙනකුට අදහස් තියෙන්නේ මොනව විකුණල හරි අද ජීවත් වෙන්න (ස)
මේකෙ ඇතුලෙන් සැළසුමක්.. අත් ටැක්ටරයකට පටවන්න තරම් පැල තොගයක් කෙසේද මේහිදී එකතුරගනන්නේ.. ඩොලර් ටිකක් කාටහරි දීලා තමයි වැඩේ පටන් අරගෙන තියෙන්නේ.. එලිවෙයි නේද?(නු)
මමත් විශ්‍රාම ගිය කැලෑ නිලධාරියෙක්.. මේ තරම් පැල ප්‍රමාණයක් ගෙනියන්න හදපු එක මටත් සැකයි.. ආර්.එෆ්.ඕ. මහත්තයෝ මේක තව ටිකක් මහන්සිවෙලා හොයන්න ඕන වෙන අපරාධයක්..!(නු)
හරි කොතල හිඹුටු ලංකාවෙන් තුරන් වෙලාද? ලංකාවෙ මිනිස්සු ජපානෙ බෙහෙත් ගැන කියනවා ඇයි අපට පරීක්‍ෂණ කරලා ඒවා නිපදවන්න බැරි. ඔක්කොම පිටරටින් එනකල් බලාගෙන ඉන්නවා. (ස)
රටේ පවතින නීතිය අනුව අපි මෙයාලට දඩුවම් දෙන්න ඕන..!(නු)
සිංහරාජයට ඇතුලු වෙන්න තියෙන්නෙ අනිවාර්යයෙන්ම රුපියල් 560ක් ගෙවලා ටිකට් එකක් ගන්න ඕන. ඒත් එක්කම තවත් රුපියල් 800ක් විතර දීලා මාර්ගෝපදේශකයෙකුත් ගන්න ඕන.. නැත්නම් සිංහරාජයට ඇතුල් වෙන්න බැහැ.. මේ වැඩේට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන මාර්ගෝපදේශකයා.. එයාගෙ අනුදැනුම නැතිව මේ වැඩේ උනානම් පුදුමයක්..!(නු)
ඔන්න ඔහේ ගත්ත දෙන්. යුද්ද කාලේදී, එක්සත් ජාතීන්ගේ සංවිධාන ය ප්‍රශ්න ඇතිකරද්දී රුසියාව උදව් කලානේ ...(නු)
මේ අය රිටිගල හෝර්ටන් තැන්න පේරාදෙණිය වගේ වෙන තැන් වලිනුත් පැළෑටි එකතුකරලා තියෙනවා. ඒ කියන්නේ ආසාවට පැලයක් ගලෝගෙන නොවෙයි. මෙයාල පොඩි බබාලා නොවෙයි. කොතල හිඹුටු විතරක් නොවෙයි සෙනෙහෙකොල අරළු වල්ල ගස් කරඳ පොතු ආදී තවත් බොහෝ වර්ග යොදාගෙන බෙහෙත් හදල පේටන්ට් අරන් තියෙනවා. මේවා අපට බෑ කියන මිත්‍යාව පරාජය කරන්න. මගේ දුව දැනට ඉගෙන ගෙන තියෙන මට්ටමෙන් ඇයට මේවා ගැන පර්යේෂණ කරන්න පුළුවන්. ඊට වඩා බොහෝ උගතුන් ලංකාවේ ඉන්නවා. විදේශිකයින්ට ඕනේ නම් අපෙන් අවසර අරන් අපේ රටේදී පර්යේෂණ කරලා අපිත් එක්ක සම ව්‍යාපාරයක් විදියට ඒවායේ ආර්ථික ඵල සාධාරණව බෙදීයන ලෙස කටයුතු කරනවා මිසක් හොරකම් කරගෙන යන්න දෙන්න බෑ .(නු)
ගලොනකල් බලන් හිටියාද (දී)
සංචාරක කර්මාන්තයෙන් වැඩක් ගන්න නම් හොද නීති තියෙන්න ඔන... දුෂනය හා වංචා නිසා කිසි දෙයක් හරි යන්නේ නෑ. (ස)
චතූ, කොතල හිඹුටු ලංකාවෙන් තුරන් වුණේ නැහැ. ජපන් කාරයෙක් මේ රුසියන් අය වගේ ලංකාවට ඇවිල්ලා කොතල හිඹුටු සාම්පල් ඒ රටට අරන් ගිහිල්ලා ඖෂධයක් වෙළඳ පළට නිකුත් කරලා, ඊට අදාළ පේටන්ට් බලපත්‍රය ලබාගත්තා. මේ වෙනකොට ඇමරිකන්, ජපන් සමාගම් කොතල හිඹුටු වලින් නිෂ්පාදනය කරන ඖෂධ 116කට පමණ පේටන්ට් ලබාගෙන අවසන්. දැන් අපට වෙලා තියෙන්නේ අපේ ඖෂධය අපි නිෂ්පාදනය කරන්නත් ඒ සමාගම් වලට මුදල් ගෙවන්න. මෙවැනි දේවල් සුළුවෙන් සලකලා බැහැ.මීට වඩා දැනුවත් විය යුතුයි. (නි)
අපේ දේ අයිති අපිටයි. ඒවා රැකගැනීම අපේ යුතුකමයි. (නි)
චතූ දන්නේ නැද්ද " කොතලහිඹුටු " වලට මොකද වුණේ කියලා ... (ස)
ලංකාවේ මේ පැළ තියාගෙන වැඩක් ගන්නේ නැත්නම් අඩුමගානේ ඒ මිනිස්සු හරි වැඩක් ගන්න එක වැරදිද? (නි)
වැදගත් අය වගේ මූණ වහගන්නෙ ලැජ්ජාවට . උගත්කමයි වැදගත්කමයි කපටිකමයි ඔක්කොම තියෙන අයට තමයි ඔය වගේ වැඩ කරන්න පුලුවන් ඒ නිසා උගත් සහ වැදගත් අයගෙන් පරිස්සම් විය යුතුයි (ස)
අපේ රට ඉතිං මිත්‍රශීලී රටක්නේ. (නි)
ඔය බටහිරට බනිනඅය චීනය, රුසියාව ලන්කරගෙන ඉන්නේ (ස)
කලාතුරකින් ඔය වැනි දේවල් වෙනවා.ඒවා ගණන් ගන්න එපා. අපේ රටට විදේශ විනිමය ගලා එන මාර්ග වැඩි කරන්න සංචාරක කර්මාන්තය දියුණු කරන්න අපි කැපවෙන්න ඕනෑ.ඊට ගණිකාවෘත්තිය හා ගබ්සාව නීතිගත කරන්න වෙනවා. (ස)
ඕන කෙනෙක්ට එන්න පුළුවන් ඒත් හොරකම් කරන්න දෙන්න බෑ (ස)
මෙච්චර පැල ගලවනකම් අදාල අංශ නිදියගෙනද හිටියේ (ස)
මේ නඩු ආදායම් වලින් රජයේ සේවක වැටුප් වැඩිකරන්න කොටසක් යොවදන්න බැරිද ? (නි)
කොතලහිඹුටු වලින් හදනවා කියන බෙහෙත් 116න් එකක් හරි ප්‍රායෝගිකව පාවිච්චි කරනවා නම් මෙතරම් දන්නා කවුරු හෝ අපටත් කියාදෙන්න. අපේ ජාන සම්පත් ගැන අපි පර්යේෂණ නොකරනවා නම් කාට හෝ බාරදීලා වත් කරවාගෙන, ගතයුතු දෙයක් තියෙනවානම් මානව වර්ගයා වෙනුවෙන් සල්ලි දීලා හරි ගන්න පිළිවෙලක් සකස් කළ යුතුයි. අපේ ජෛව විවිධත්වය ගැන ලොකු කතා කියමින් 'අපිට නැත්නම් ලෝකේ කාටවත් නැති වේවා' කියා අටුවේ දමා රැකගෙන ඉන්නේ අපේ කුහකකම නිසා නොවේද? අප්‍රිකාවේ ගෝත්‍රිකයින් ඊතල සඳහා භාවිතා කළ විස වර්ගයකින් සුද්දා හැදූ නිර්වින්දන ඔසු වලින් තමා අදත් අපේ රටේ සැත්කම් සිදු කරන්නේ. ඒ ගෝත්‍රිකයින්ට අපේ වගේ අන්තගාමී පරිසරවේදීන් නොහිටි නිසා හොඳයි, නැත්නම් ඒ ජාන තවම අප්‍රිකාවේ වනාන්තර වල 'පරෙස්සම් කරලා' අරන් තියලා. (නි)
ජෛව තාක්ෂණය, ශාක ජාන තාක්ෂණය යන විෂයන්ට අදාලව ජර්මනියේදී පශ්චාත් උපාධියක් සහ විශේෂ පුහුණුවක් ලබා ලංකාවට ආවත් මා හට හිතට එකඟව කළ හැකි රැකියාවක් හෝ ආයතනයක් හෝ ලංකාවේ නැතිබව ඔබට කියන්නේ ඉතා කණගාටුවෙන්. විදේශයේදී ලද දෙයින් දැන් යන්තම් ගෙයක් හදාගෙන ඔහේ ජීවත්වීම තමයි අපේ රටේදි කරන්න වෙලා තියෙන එකම දේ.ඔන්න ඕකයි ඔය විෂය ඉගෙන ගත්ත අයට ආපහු අපේ රටට ආවහම වෙන්නේ. (නි)
ලංකාවට ඇවිල්ලා ලංකාවේ සාරය හුරාගෙන ගිහිල්ලා ලංකාවට වින කටින්න තමයි ඔය හදන්න (දී)
හොරකම නරක වැඩක් හොඳේ .(ස)
මොකෝ මේ අය අපිට බයේද මූණු හංගන්නේ (ස)
අමතක නොවන පාඩමක් කියලා දෙන්න. (නි)
අමතක නොවන පාඩමක් දෙන්න ඕනි හොරකම් කරනවට.(ස)
අමතක නොවන පාඩමක් දෙන්න ඕනෑ, හොරකම් කරනවට. (නි)
මේක නම් ප්ලෑන් කරල කරපු දෙයක්. නැත්නම් කොහොමද පැළ තුන්සිය ගණනක්..? අපේ අයත් පිටරටින් කියලා එන ඕනෙම සුදු කෙනෙකුට බොක්කෙ තියෙන දේත් දෙනවනෙ. දුප්පත් දරුවෙක් ආශාවට මලක් ඇල්ලුවත් කටට නිවනක් නැතිවෙනකල් දොස්කියනවා. (නි)
විදේශිකයෝ ලංකාව විනාශ කරනවා
ජාන හොරකම් කරලා එයාලා ඒකට පේටන්ට් බලපත්‍ර ගත්තාම ලංකාවේ අපේ අයට අනාගතයේ කවරදාකවත් ඔය පැළෑටිවල ජාන මුල්කරගෙන කිසිම බෙහෙතක්, නිෂ්පාදනයක් කරන්න බැහැ. එහෙම කිසිදෙයක් නිෂ්පාදනය කරනවා නම් ඔය ජාන හොරකම් කරලා පේටන්ට් බලපත් ගත්තු අයට නිෂ්පාදනයෙන් සියයට ප්‍රතිශතයක් ගෙවන්න වෙනවා. (හරියට බද්දක් ගෙවනවා වගේ)ඔන්න ඕකයි ඕකේ ඇති වැදගත්කම. (නි)
අත්අඩංගුවට ගන්න
ගංජා පැළ ටිකකුයි දෙන්න තිබුණේ කරන දේවල් වලට. (නි)
පරදේශක්කාරයෝ ඉස්සෙල්ලා ඇවිල්ලා අපේ සම්පත් හූරගෙන කැවා. දැන් රටේ තියෙන ගස්කොළන් ටිකටත් වැඩේ දෙන්නයි යන්නේ. (නි)
සංචාරක කර්මාන්තය තුලින් ඇතිවන්නට යන ජාතික විපත්තියන් පිළිබද සැලකිලිමත් වී දැඩි දඩුවම් පැමිණිවිය යුතුයි. තතු දන්නෝ මේවායේ යටි අරමුණු දනිති. (ස)
සංචාරකයන් දැනුවත් කරන්න ඕනි (ස)
ඇත්තටම කියනවනම් අපේ උද්භිද උද්‍යාන වල ඔය ඉන්න නිළධාරියො අපට ආවේනික මේ දුර්ලභ ශාඛ ගැන හොයල බලල ඒවායේ ජානමය අයිතිය තහවුරු කරගැනීමට කටයුතු කරනවද? නැතුව දැනට මේ අවුරුදු ගානකට කලින් වැඩ කරපු විදියට රාජකාරි කරල හරියන්නෙ නැහැ. මෙහෙම ගියොත් අපේ ජාන සම්පත් විදේශිය හොරුන්ට අයිතිවෙයි. ඒකෙ හානිය මොකක්ද කියලවත් අපේ අය තාම දන්නෙ නැහැ. (ස)
බලනකොට රුසියාවත් වැඩක් නැහැ. (නි)
ඇප දුන්නේ ඇයි? (නි)
විදේශ විනිමය සොයන්නේ මේ වගේ අපේ රට විනාශ කරන විදේශිකයන්ගෙන්ද (ස)
ඩයනාවවත් මේ වගේ පින්තූර ගත්තේ නැතුව ඇති. (නි)
හොරකම කළේ රැසියානුවෙක් නිසා අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය සහ නීතිය අනුව ඔවුන් නිදහස් වෙයි..! වැරදිලාවත් ඇමරිකානුවෙක් මේක කලානම් එයාට හොද දඩුවමක් දෙන්න තිබුණා..!(නු)
රුසියානුවොනේ ඔන්න ඔහේ අතහැරලා දාන්න (ස)
දැන් ටිකක් ලැජ්ජයි වගේ නේද ?? . කලින් හිතන්න තිබුණා (ස)
අනේ ඔය මොනවාද? රටේ ඔය තරම් විපත්තිද සිදුවෙන්නෙ.. ඒ ගැන කතා කරන්න යාළුවනේ..!(නු)
මේකට ඉහලම දඬුවමක් දිය යුතුයි. ඒ සමගම ලොකු ප්‍රසිද්ධියකුත් දිය යුතුයි. සංචාරකයන් එතකොට තමයි දැන ගන්නේ මේ වගේ නීති විරෝධී දේවල් කරලා ගැලවීමක් නැහැ කියල. අනික් එක මේකෙන්ම පෙනෙනවා නේද මේ අය සංචාරයකට නොවෙයි මෙහෙ ඇවිල්ල තියෙන්නේ කියල. (ස)
බොහොම තැන්වල නාම පුවරු තියෙන්නෙ සිංහල බසින් පමනයි.ඒකත් ඕකට එක හේතුවක්.මේ අය ඔය තැන් වලට එනකොට ඇතුලත් වීමට පෙර දැනුවත් කරන්න ක්‍රමයක් හදන්න.ඒකත් ඉතාම වැදගත්.(ස)
මොනවා උනත් ගහකොළ එක්ක ජීවත්වෙන මිනිස්සු මේගොල්ලො අපේ රටට අයහපතක් කරන අදහසින් පැල ගෙනියන්න හිතුවා කියන එක පිළිගන්න බෑ - මේ මහ පොළොවෙ තියන ගහ කොළ සතා සීපාවා හැම මිනිහටම අයිතියි. ඔවුන්ගේ අරමුණ විමසලා නිදහස් කිරීම වටිනවා..(ස)
ගොඩක් හොඳයි (ස)
අපි ඒ රටේදි ඔහොම කරානම් අපිට දෙන දඩුවම වගේ දෙගුණයක් දඩුවම් දෙන්න ඕනි (ස)