සිංහරාජ වනාන්තරයෙන් ඕකීඩ් ශාක ගලවා ගමන් මල්ලේ සඟවා රැගෙන යාමට උත්සාහ කළ රුසියන් ජාතික යුවළට, එක් අයකුට රුපියල් පනස් දහස බැගින් රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදාහරින ලෙස රත්නපුර මහේස්ත‍්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මිය අද නියෝග කළාය.
මාර්සින් ස්ටැනිසියාව් සහ ස්මිර්ලෝවා අයිපිවා ඔවුහුය. ඔවුන්ගේ විදෙස් ගමන් බලපත‍්‍ර දෙක අධිකරණයට බාරදීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය ලබන 21 වැනි දාට නඩුව කල් තැබිණි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවාද මේ විනාශ කාරී වැඩ
ආයේ නම් මේ අය ලංකාව දෙස හැරිලා බලන එකක්වත් නැහැ. (නි)
එයාලා දන්නෙ නැතුව ඇති ඕකිඩ් රුසියාවෙ වවන්න බැහැ කියලා. ගන්න ඇත්තේ ආසාවට වෙන්න ඇති. (නි)
ගයිඩ්ලා කොහේද හිටියේ මේක වෙනකොට ? (නි)
අධිකරණයෙන් ඔවුන්ට උපරිම දඩුවම් දුන්නොත් අපේ වන නිලධාරීන්ට එය ධෛර්යයක් වේවි. (නි)
දෙන්න තිබුණෙ ජීවිතේට අමතක නොවෙන දඩුවමක් , ආයේ හොරකම් නොකරන්න (ස)
දෙන්න එපා ඇප
සිංහරාජ වනාන්නතරය සමහරුන් සහමුලින්ම වනසන්න උත්සාහ කරනවා. ඒවා ගැනත් සොයාබැලිය යුතුයි. (නි)
අපේ අය කරන හොර වැඩ වල හැටියට මේක හොරකමක්ද කියලත් හිතෙනවා (ස)
මේ අය ඇවිල්ලා තියෙන්නේ මේවා හොරකම් කරන්නම නම් දඩුවම් කළාට කමක්නැහැ. හැබැයි ඒ අය ඒවා ආසාවට ගැළෙවුවා නම් පවු. (නි)
දඩුවම ලොකු නැද්ද? පවුනේ. ආසාවටනේ ගළවන්න ඇත්තේ. සමහරු පාරේ හිටවලා තියෙන ලොකු ගස් පවා ගළවාගෙන යනවා. (නි)
සමහර අදහස් දැක්කම තමයි තේරෙන්නේ, ආසාවට හරි පැළ ගළවන්න තහනම් කියලා කට්ටිය දන්නෙ නැහැ කියලා. අපේ කට්ටියත් දැනගන්න අවශ්‍යයි මේ පැල වලට වෙන තැන්වල හදෙන්න බැහැ කියන එක. මම කීප වතාවක්ම දැකලා තියෙනවා සිංහරාජයේ තිබෙන බාදුරා ගස් ගලවාගෙන ඇවිල්ලා ගෙදර හදන්න හදන අය. ඒක ලොකු වැරැද්දක්. (නි)
වැඩේ වෙන්නේ මෙහෙමයි.. නියමිත උෂ්ණත්වය ඇතිව වීදුරු ගෙවල් ඇතුලෙ තමයි මේවා පැල කරන්නේ.. උද්භිද විද්‍යාව දන්න අය මේවා දන්නවා.. මේ දඩුවම මදි මෙයාලාට..!(නු)
ඒ වුණත් සිංහරාජ අඩවියේ වටිනා ගස් කපන, මැණික් ගරන වැඩ අඩුවක් නැතුව කෙරෙනවා. (නි)
ලංකාවේ නීතිය ගැන නොදැන ඔවුන් මේ දේ කළා නම්, ඔවුන්ට අවවාද කර නිදහස් කරන්න බලන්න. (නි)
ඔයා ගාණන මදි , ජාත්‍යයන්තරව බලද්දි පොඩි ගාණක් මේක (ස)