IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


සිසිලසිරිගේ තරග තහනම වසර 5 කට අත්හිටුවයි

ජාතික අයෝමය ශූරයෙකු වන සිසිලසිරි සෝමපාලගේ තරග තහනම වසර 5ක කාලයක් සඳහා අත්හිටුවීමට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය තීරණය කර තිබේ. වසර 2010 දී ජාතික අයෝමය ශූරයාට තේරුණු සෝමපාලගේ තරග තහනම ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ උපදෙස් පරිදි පසුගිය පෙබරවාරි 1 වැනිදා සිට ඉවත් කිරීමට පියවර ගත් බව කායවර්ධන සම්මේලනයේ සභාපති කපිල කුමාර මහතා ”ලංකාදීප”යට පැවැසීය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ කපිල කුමාර මහතා පැවසුවේ එම ක‍්‍රීඩකයාට එරෙහිව වසර 5කට පනවා තිබූ තරග තහනම එකී කාලසීමාවට බලපැවැත්වෙන පරිදි අත්හිටුවීමට පියවර ගත් බවයි. වසර 2010 බහරේන් රාජ්‍යයේ දී පැවැති ආසියානු අයෝමය ශූරයා තේරීමේ තරගාවලියට ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ අනුදැනුමෙන් තොරව සහභාගි වීමේ චෝදනාව මත වසර 2010 නොවැම්බර් 27 වැනිදා සිට 2015 නොවැම්බර් 27 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි කායවර්ධන සම්මේලනයේ විනය කමිටුව විසින් ඔහුට මෙම තරග තහනම පනවන ලදී. කෙසේ වුවත් සෝමපාල පැවසුවේ පසුගිය පෙබරවාරි 11 වැනිදා පැවැති 2011 වසර සඳහා වන ජාතික කායවර්ධන තරගාවලියට පුහුණු කටයුතු අතපසුවීම නිසා තමන් සහභාගි නොවූ බවයි.



අදහස් (0)

සිසිලසිරිගේ තරග තහනම වසර 5 කට අත්හිටුවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2377 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site