කෑගල්ල නගරයේ සහා අවට පාසල්වල සිසුන්ගේ අතේ ඇති මුදල් කප්පම් කෑ විරැකියා තරුණයෝ තිදෙනෙක් කෑගල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. පාසල් කළමනා මෙන්ම වෙනත් දෑ සඳහා ගෙදරින් ගෙන එන මුදල් කප්පම් කා ඇත්තේ ඔවුන් බිය ගැන්වීමෙන් බව පොලිසිය කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලට දෙන දඩුවම් ප්‍රසිද්ධියෙ දෙන්න ඕන.. එතකොට මේ වගේ ඉන්න අනිත් අයත් බය වෙනවා..!(නු)
රත්නපුරෙත් තියෙනවා. (නි)
දියුණු රටවල තරුණයින් රැකියාවක් සොයාගන්නා තුරු ජීවත්වීමට සරිලන දීමනාවක් ලබා දෙනවා. ඒකට අපේ රටේ? (නි)
මේ වැඩේ පාසල් වල ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයොත් කරනවා. විශ්ව විද්‍යාල වල නවක වදය වගේ පාසල් වල කප්පම් ගන්නවා. (නි)
ජනතාව ඔවුන් විසින් කරන කියන දේවල් වලට වගනොකියන්නේ නම් සමාජයක් පාලනය කළ නොහැක. (නි)
ඇමති පුතෙක් එහෙම සම්බන්ධද දන්නෙ නැහැ. (නි)
ප්‍රභාකරනුත් සුළුවට වැඩේ පටන් ගත්තේ ඔය වගේ දේවල් වලින් තමා. මේගොල්ලන්ට මදි නොකියන්න දෙන්න. (නි)
ඕකනේ කප්පම් ගන්න එපා කියුවේ
ඉතිං ඕකට තියෙන විකල්පය මොකද්ද? රැකියා දී ලා තරුණ අසහනය පිටු දකින්න ක්‍රියාමාර්ග ගන්න ඕන.. නැත්නම් හොරු බිහිවෙන එක නවත්තන්න බැහැ..!(නු)
රත්නපුරේ විස්තර ටිකක් මේකේ දාන්නකෝ (ස)
තව ටික දවසකින් බඩේ ඉන්න දරුවොන්ගෙනුත් කප්පම් ගනීවි (ස)
මේ මංකොල්ල කන්නේ බඩගින්නේ උදේ පාන්දරින් ගෙදරින් එන අහිංසක දරුවන් කෑම කන්න තියාගෙන එන මුදල් නේද ?? කැත වැඩ (ස)
පොඩි එවුන්ගෙ සල්ලි මංකොල්ල කන එක චිරාගත කාලයක් තිස්සෙ සිදුවන දෙයක් පහුගිය කාලෙ මගේ සල්ලිත් එහෙම මංකොල්ල කාල තියනවා මම ඉතින් එදා ඉඳලා සල්ලි ගෙනියන්නෙ සපත්තුව අස්සෙ (ස)
චතූ කියන විදියට අවුරුදු 30කට විතර කලින් මේ වගේ දේවල් වෙලා තියෙනවා (නි)
චතූ හොද වෙලාවට සපත්තු අස්සේ ගෙනිච්චේ. වෙන තැනක ගෙනිච්චා නම් එහෙම? (නි)
මේ වැඩේ හැම නගරයකම තියෙනවා. පොලිසියේ මහත්වරුනි ඉක්මන් පියවරක් ගන්න (අ)