ගම්පොළ මහනුවර සහ වැලිගෙපොල පාසල් හතරක ළමුන් සිය ගණනක් හිටි හැටියේ ලෙඩ වීමට හේතුව සමූහ මායා රෝගය නමැති හිස්ටීරියා තත්ත්වය (Mass hysteria) විය හැකියැයි මනෝ වෛද්‍යවරු පවසති. මේ සම්බන්ධයෙන් ලංකාදීප එසැණ පුවත් සමග අදහස් දැක්වූ කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා කියා සිටියේ සිසුවියන් කිහිප දෙනකුට ඇතිවූ ආසාත්මිකතාවක් ඔවුන් ඇසුරු කරන හා එය දකින සිසුවියන් විසින් තමන්ට ද ඇතැයි සිතීම සාමාන්‍ය දෙයක් බවයි. එලෙස වෙනත් අයකුට ඇතිවන රෝගී තත්ත්වයක් සමූහ වශයෙන් විශාල පිරිසක් විසින් තමන්ට ද ආදේශ කැර ගැනීම සමූහ මායා රෝගය ලෙස හැඳින්වේ. වෛද්‍ය රූමි පවසන්නේ මේ තත්ත්වයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ නව යොවුන් වියේ සහ යොවුන් වියේ පසුවන ගැහැණු ළමුන් බවයි. එවැනි අවස්ථා විදේශ රටවල විශාල වශයෙන් වාර්තා වී ඇති බවත් මෙවැනි තත්ත්වයන් පිළිබඳ පුවත් වාර්තා කියවන හා ඒවා අසන්නට ලැබෙන අය ද එයට සමාන පරිසර තත්ත්වයන්හිදී තමන් ද එවැනි රෝගයකට ගොදුරු වූ බව සිතන බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදෙයි. සමූහ මායා රෝගයේදී පරිසරයේ වෙනස්වීම් පවා තමන්ට ඇතැයි සිතන රෝගී තත්ත්වයට ආදේශකැර ගැනීමට ඔවුන් පෙළඹෙන බව ද දෙමාපියන් විසින් මෙවැනි අවස්ථාවලදී කරන පෙළඹවීම් ද සමූහ මායා රෝගයට ගොදුරුවීමට හේතුවක් වන බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. සමූහ මායා රෝගයේ ප්‍රධානතම ලක්ෂණයක් වන ගැහැණු ළමුන් වැඩිපුර ගොදුරුවීම මෙම අවස්ථාවේදී දක්නට ලැබෙන බව ද වෛද්‍යවරයා පෙන්වාදෙයි. පාසල් දරුවන් මෙලෙස හදිසියේ රෝගාතුර වීමට කෘමියකු හෝ විෂ වායුවක් හේතුවන්නේනම් පාසල් ළමුන් පමණක් නොව වැඩිහිටියන් සහ පාසල් ගුරුවරු පවා රෝගාතුර විය යුතු බව ද ඔහු පවසයි. කෙසේ වෙතත් මේ තත්ත්වය ගැන වැඩිදුර පරීක්ෂණ කිරීමේ අවශ්‍යතාවක් තිබෙන බව ද එය කල්පවතින රෝගී තත්ත්වයක් නොවන බව ද පවසන වෛද්‍යවරයා කියා සිටින්නේ සමූහ මායා රෝගය පිළිබඳ පාසල් සිසු සිසුවියන් දැනුම්වත් කිරීමෙන් එය මගහරවා ගතයුතු බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද්ද ඒ
පාසල් 4ටම එකම ලෙඩක්ද එතකොට? (නි)
ලෝකේ තියෙන හැම ප්‍රශ්නයම මනෝ ඇසින් දැකීම වැරදියි. (නි)
දන්නා කියන කෙනෙක් යමක් කිවුවහම ඒක තමන්ගේ දැනුමේ ප්‍රමාණයෙන් තේරුම්ගන්න බලන්න. (නි)
අනේ මටත් මේ රෝගයද දන්නේ නෑ ..මගේ ඇඟත් කසනවා වගේ (ස)
මට පෙනෙන්න මේව අහන අපිටයි මායා රෝගය. (ස)
පාර්ලිමේන්තුවෙත් මේ වගේ සමූහ මායා රෝග තියෙනවා (ස)
සමරහවිට මේක මායා රෝගය නොවෙන්නත් බොහෝදුරට ඉඩකඩ තියෙනවා. ඉක්මණින් සොයාගෙන ප්‍රතිකාර නොකළොත් අවදානමකට මුහුණ දෙන්න වෙයි. (නි)
මෙහෙම නිගමනයකට එන්නට වෛද්‍යතුමා කළ පරීක්ෂණ මොනවාදැයි දැනගන්න අපි කැමතියි. (නි)
දොස්තර මහත්තයා ගැන මට සැකයක් තියෙනවා.. එකක් මතක තියාගන්න. ලංකාවෙ ළමයි එතරම් දුර්වල මානසික තත්ත්වයක නැහැ.. මේ සිදුවීම මානසික රෝගයක් බවට ප්‍රසද්ධියේ කීම ළමයින්ට අපහාසයක්.. දොස්තර මහත්තයා පිටරට ඉගෙනගත්ත කෙනෙක් වගේ..!(නු)
අමිතු ලෙඩක්
සමූහ මායා රෝගය නම් ඉතින් අපේ රටේ ඡන්දදායක වැඩිහිටි පුරවැසියන් බොහොමයකටත් තියෙනවානේ. ඒකේ එක රෝග ලක්ෂණයක් තමයි හැබෑ ලෝකේ මොන තරම් භයානක තත්වයක් එළඹෙමින් පැවතුණත් කාපට් පාරවල්, කොන්ක්‍රීට් ගොඩවල්, විදෙස් කුමන්ත්‍රණ භීතිය, ආගම් වාදය, දෙමළා පැරදවීමේ තෘප්තිය, පපුවට ගසාගැනීම වැනි දේ වලින් මායා ලෝකයකට පිවිසීම. එහෙම වුණහම සමූහයක් වශයෙන් බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාව නැතිව ගිහින් මායාවේ පැටලිලා ඉන්න පුරුදු වෙනවා. (නි)
අනේ බොරු කියන්න එපා (ස)
එදා විශාලා නුවර දි හේතුවුනෙත් ඔය ලෙඩේමද?(නු)
මට හැගී යන්නේ මනෝ විද්‍යාවරයා ගෙනියන්නෙත් මායාවක්..!(නු)
බටහිර විද්‍යාවටත්, බටහිර වෛද්‍ය විද්‍යාවටත් වටහාගන්න බැරි බොහෝ දේ මේ ලෝකේ සහ විශ්‍වයේ තියෙනවා. අඩුගානේ භූමිකම්පා අනාවැකියක් හරියට කියන්න මේ විද්‍යාවට බැහැ. මේ රෝගය ගැන කවර කතාද? අඩුගාණේ ඒ අවට වායුගෝලයේ වායු සංයුතිය පරික්ෂා කළාද ? (නි)
මායා රෝග යලිත් හැදෙයිද?
කව්ද මේවට වග කියන්නේ?
මේකත් ලෙඩක් තමයි. හැබැයි මට දොස්තර මහත්තයාගේ අදහස් එක්ක නම් එකග වෙන්න බැහැ. (නි)
මම දන්න විදියට මායා රෝගය තියෙන්නේ කාන්තාවන්ට... (නි)
සමහරවිට දොස්තරලා හරි වෙන්න පුලුවන්. ඒත් ලංකාවේ අපිට එච්චර මානසික දුර්වලතාවයක් නැහැ. (නි)
මොකද්ද ඒ රෝගය
අදමයි ඇහුවේ
එතකොට නුගවෙල විදුහලේ පිරිමි ළමයි ලෙඩ වුණේ කොහොමද ? (නි)
මෙම අදහසට මම 100% ක් ම එකඟ වෙනවා කැසීම වගේ දෙයක් සාමාන්‍යන් ළඟ ඉන්න කෙනාට නිකන්ම බෝවෙනවා. එයක බෝවීමක්ම නෙමෙයි. තමන්ම මනසින් එය වැළද ගැනීමක්. (නි)
පලු දාන්නේ , වවමේ දාන්නේ මායාවටද ?? (ස)
හොද පැහැදිලි කිරීමක්. (නි)
මොනවද මේ කියන්නේ? (නි)
මම හිතුවෙ මේ රෝගයත් අර ලෝක විනාශය වෙනවා කියපු මායාවරුන් එවපු ලෙඩක් කියලා.. මොනවා කිව්වත් මේ ලෙඩේ සනීප උනේ රෝහලෙන් බෙහෙත් දුන්නට පස්සේයි..!(නු)
ස්තූතියි වෛද්‍යතුමනි. (නි)
මේ ලෙඩේ ගැන මම ඇහුවෙත් අදයි. (නි)
අනේ මන්දා සිසින්ට කොහොම උනත් මානසික රෝග වෛද්‍යවරයාටනම් මානසික රෝගයක් වගේ මට පේන්නේ.. මොකද මෙම වෛද්‍යවරයා පැහැදිළි මනෝ විද්‍යාත්මක සාක්කියක් මෙතනදි නොදක්වමින් කෙලින්ම දරුවන්ට හිස්ටීරියා කියා පවසා ඇති නිසයි.. මනෝවිද්‍යාවරයෙක් ප්‍රකාශ නිකුත් කිරීමේදී මෙයට වඩා සැළකිලිමත් විය යුතුයි..!(නු)
මම හිතන විදියට මේක හිස්ටීරියා නම් වෙන්න බැහැ. (නි)
කුප්ප - මේනියා - රෝගය කියන්නෙත් මේකටම තමා
මනෝවිද්‍යාඥයින්ටත් පිස්සු හැදෙනවා මේව නිසා (ස)
දැන් අඩු මායා රෝග විතරයි. (නි)
ළමයි 1000කට එකපාරටම එකම විදිහටම මෙහෙම වෙන්නේ කොහොමද? (නි)
රෝගය හරියටම හොයාගෙන නැත්නම් මේක මායා රෝගයමයි කියලා කියන්න බැහැනේ.නේද? (නි)
මේ ලෝකයම එක්තරා මායාවක් තමයි. (නි)
මේක පාර්ලිමේන්තුවට පතුරවන්න බැරිද? (නි)
ආ.. ඔය හොයාගෙන තියෙන්නේ හේතුව. (නි)
වෛද්‍ය රූබන් කියන්නේ ඇත්ත.. ගාල්ලේ හොද නම ගිය වෛද්‍යවරයෙක්.. ඇලෝසියස් විදුහුලේ අපේ පන්තියෙ එකට උගත් ළමයෙක් මේ රූබන් මහතා ඔහුගේ පියත් මේ විදුහලේම නමගිය ගුරුවරයෙක්..!(නු)
මොකක් උනත් අපේ ළමයි මේකෙන් බේරා ගන්න