ස්විස්ටර්ලන්තයේ ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ කඨින පින්කම ශ්‍රී ලාංකික, තායි, ස්විස්, ප්‍රංශ, ලාඕස් සහ කාම්බෝජ ජාතික බෞද්ධ හා අබෞද්ධ විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකැරිණි.
කඨින චීවර පූජාව පවත්වා සංඝීක දානයක් පිරි නැමූ අතර පැමිණ සිටි සියලුදෙනාට ආහාර පානාදියෙන් සංග්‍රහ කළහ.
ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්ද්‍රරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මේ පින්කමට මාතලේ ගංගාරාම විද්‍යාර්ථ මහ පිරිවෙන් විහාරාධිපති පූජ්‍ය තලකිරියාවේ විමලරතන නාහිමි, සූරිච් බෞද්ධ විහාරාධිපති කරුවලගස්වැව අනුරුද්ධ හිමි, ජර්මනියේ බොන් බෞද්ධ විහාරාධිපති බටුවන්ගල සමිද්ධි හිමි, ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරයේ ආචාර්ය තවලම ධම්මික නාහිමි හා හල්විටිගල සුජාත හිමි, කාම්බෝජ හා තායි ජාතික හිමිවරු ද පින්කමට සහභාගී වූහ.
එක්සත් ජාතීන්ගේ ජිනීවා තානාපති හා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ මහතා විශේෂ ආරාධිතයකු ලෙස පින්කම් මාලාවට සහභාගී විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සසුණ බැබළේවා! (නි)
මේ අයට තෙරුවන් සරණයි .(ස)