මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් පැරණි කොටි බලකොටුවේ අවසන් සටනේදී රජයේ හමුදා භාරයට පත්ව පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයෝ 2500 දෙනා සිවිල් ආරක්ෂක බළකායට බැඳී පුහුණුව නිම කළහ.
මුලතිව් විශ්වමඩුවේ අක්කර දෙදහසක වගා බිමක් සමූහ ගොවිපලක් ලෙස සංවර්ධනය සඳහා ඔවුනට බාර කැරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔවුන්ට ගොවිපළ බාරදුන්නේය.
කොටි සන්නද්ධ අංශයේ චාල්ස් ඇන්තනී බළකායේ අණදෙන්නා වූ වී රඝුනාදන් ද පුනරුත්ථාපනය වූ පිරිසේ සිටියි. ඔහු ද සිවිල් ආරක්ෂක බලකායට බැඳී සිටියි.
රඝුනාදන් මෙසේ ප්‍රකාශ කළේය.
‘වෙල්ලමුල්ලි වයිකාල් සටනේදී අපි හිතුවේ උතුරේ දෙමළ ජනතාවගේ ජීවිත මේ සටන සමග ඉවරවේවි කියලයි. නමුත් අද මම තේරුම් ගත් දෙයක් ඇත. දෙමළ ජනතාව ජීවත්වීම ආරම්භ කළේ එදා බවයි මගේ වැටහීම.‘
‘අපි ජනාධිපතිට ණයගැතියි. තුවක්කුව හැර වෙනත් කිසිවක් නොදැක නොදැන සිටි අප තුවක්කුවෙනුත් මරණයෙනුත් බේරාගෙන ජීවිතය කුමක්දැයි කියා දුන්නට ස්තුතියි.‘
මම කියන දේ හරිනම්, මාත් එක්ක එකඟ නම් ඒ බව කියන්නැයි සිවිල් ආරක්ෂක බලකායට බැඳුණු තම සගයින්ගෙන් ඔහු ඉල්ලා සිටි අතර, එම තරුණ පිරිස ද එක පයින් එය අනුමත කළහ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සැම එක මවකගේ දරුවන් වේවා - එක්සේසත්බව පිරි රටක් මැවේවා (ස)
කොටි ගැන නම් කතාකරනවාටවත් මම කැමති නැහැ
ඉතා හොද වැඩක් හැබැයි පරිස්සමෙන් (දී)
හොදටම විශ්වාසද පුල්ලි ටික මැකුණා කියලා? (නි)
අවුරුදු 30ක් තිස්සේ තිබුණූ පුල්ලි මකන එක එච්චර ලේසි නැහැ. (නි)
මිනිසුන් මරණ අවි ආයුධ කර පින්නා දිගු කාලයක් මෝඩව රැවටී උන්නා කැත්තේ උදැල්ලේ බලයට අත දුන්නා වෙල්යායවල් අස්වද්දා සරු වෙන්නා (ස)
ආඩම්බරයි නාමල්. (නි)
පරිස්සමින් පුතෝ...ගොවිපගල යටින් ආයුධ මතුවේවි (ස)
ඔය අය මොනවද කරන්නේ කියලා බලන්න අපේ ආරක්ෂකයින්ව දානවද? (නි)
මට පේන්නෙ නාමල් මහත්තයා රටට හොඳ වැඩක් කරයි වගේ. මේ පාර්ලිමේන්තුවෙ නිදිකිරන හොරු ටික අයින් කරලා මේ වගේ අයට වැඩ ටික බාර දුන්නා නම් හොඳයි. (නි)
කැළේ මාරුවුණාට කොටින්ගේ පුල්ලි මාරුවෙන්නේ නැහැනේ. (නි)
මිනිසුන් විසින් නොගැළපෙන චරිත ප්‍රතික්ෂේප කළ යුතුයි. (නි)
ගොයම් කපනකොට පිටරටින් හාල් ගේන්න එපා ????? (ස)
අර අකුරු දෙකේ මාමා කෝ පුතේ? (නි)
සිංහල අය ටිකත් හිර ගෙවල් වලින් එළියට අරන් මෙව්වා වගේ දේවල් වලට දාපල්ලකෝ බන්, එයාලට කන්න දෙන්න අපි බදු ගෙවන්න ඕනෑනේ. නිකම් කන්න දෙන්න ඕනෑ නැහැ. (නි)
ආණ්ඩුවෙ මොන වැරදි තිබුණත් මේ වගේ දේවල් අගයනොකර ඉන්න බැහැ. බොහොම හොද වැඩ.... (නි)
ඇත්ත මෙයා. ඒ වුණත් ඒ බව පිළිගන්න අකමැති අයත් ඉන්නවනෙ. (නි)
කෙසේ වෙතත් ඉතා හොද දෙයක්. නමුත් සමහර ලාංකිකයන්ට මේවා නයාට අදුකොළ මෙනි. (නි)