මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් පැරණි කොටි බලකොටුවේ අවසන් සටනේදී රජයේ හමුදා භාරයට පත්ව පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයෝ 2500 දෙනා සිවිල් ආරක්ෂක බළකායට බැඳී පුහුණුව නිම කළහ.
මුලතිව් විශ්වමඩුවේ අක්කර දෙදහසක වගා බිමක් සමූහ ගොවිපලක් ලෙස සංවර්ධනය සඳහා ඔවුනට බාර කැරිණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඔවුන්ට ගොවිපළ බාරදුන්නේය.
කොටි සන්නද්ධ අංශයේ චාල්ස් ඇන්තනී බළකායේ අණදෙන්නා වූ වී රඝුනාදන් ද පුනරුත්ථාපනය වූ පිරිසේ සිටියි. ඔහු ද සිවිල් ආරක්ෂක බලකායට බැඳී සිටියි.
රඝුනාදන් මෙසේ ප්‍රකාශ කළේය.
‘වෙල්ලමුල්ලි වයිකාල් සටනේදී අපි හිතුවේ උතුරේ දෙමළ ජනතාවගේ ජීවිත මේ සටන සමග ඉවරවේවි කියලයි. නමුත් අද මම තේරුම් ගත් දෙයක් ඇත. දෙමළ ජනතාව ජීවත්වීම ආරම්භ කළේ එදා බවයි මගේ වැටහීම.‘
‘අපි ජනාධිපතිට ණයගැතියි. තුවක්කුව හැර වෙනත් කිසිවක් නොදැක නොදැන සිටි අප තුවක්කුවෙනුත් මරණයෙනුත් බේරාගෙන ජීවිතය කුමක්දැයි කියා දුන්නට ස්තුතියි.‘
මම කියන දේ හරිනම්, මාත් එක්ක එකඟ නම් ඒ බව කියන්නැයි සිවිල් ආරක්ෂක බලකායට බැඳුණු තම සගයින්ගෙන් ඔහු ඉල්ලා සිටි අතර, එම තරුණ පිරිස ද එක පයින් එය අනුමත කළහ.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිවිල් බළකාය කොටි පුල්ලි මකයි
සුමනා Sunday, 04 November 2012 07:30 PM
කැළේ මාරුවුණාට කොටින්ගේ පුල්ලි මාරුවෙන්නේ නැහැනේ. (නි)
වසන්ත Sunday, 04 November 2012 08:15 PM
අපි සැම එක මවකගේ දරුවන් වේවා - එක්සේසත්බව පිරි රටක් මැවේවා (ස)
කුරේ නාවලගේ Sunday, 04 November 2012 08:08 PM
ඔය අය මොනවද කරන්නේ කියලා බලන්න අපේ ආරක්ෂකයින්ව දානවද? (නි)
තුවාන් Sunday, 04 November 2012 11:06 PM
පරිස්සමින් පුතෝ...ගොවිපගල යටින් ආයුධ මතුවේවි (ස)
අනුර Monday, 05 November 2012 12:23 AM
ආඩම්බරයි නාමල්. (නි)
සම්පත් Monday, 05 November 2012 02:28 PM
කොටි ගැන නම් කතාකරනවාටවත් මම කැමති නැහැ
ජයී තිසර Monday, 05 November 2012 02:34 AM
මිනිසුන් මරණ අවි ආයුධ කර පින්නා දිගු කාලයක් මෝඩව රැවටී උන්නා කැත්තේ උදැල්ලේ බලයට අත දුන්නා වෙල්යායවල් අස්වද්දා සරු වෙන්නා (ස)
සම්පත් Monday, 05 November 2012 03:35 AM
අවුරුදු 30ක් තිස්සේ තිබුණූ පුල්ලි මකන එක එච්චර ලේසි නැහැ. (නි)
පුබුදු Monday, 05 November 2012 03:56 AM
හොදටම විශ්වාසද පුල්ලි ටික මැකුණා කියලා? (නි)
චූලක Sunday, 04 November 2012 01:58 PM
මට පේන්නෙ නාමල් මහත්තයා රටට හොඳ වැඩක් කරයි වගේ. මේ පාර්ලිමේන්තුවෙ නිදිකිරන හොරු ටික අයින් කරලා මේ වගේ අයට වැඩ ටික බාර දුන්නා නම් හොඳයි. (නි)
රුවන් Monday, 05 November 2012 08:11 AM
ඉතා හොද වැඩක් හැබැයි පරිස්සමෙන් (දී)
මුතුකුඩ Sunday, 04 November 2012 02:55 PM
කෙසේ වෙතත් ඉතා හොද දෙයක්. නමුත් සමහර ලාංකිකයන්ට මේවා නයාට අදුකොළ මෙනි. (නි)
රාජා Sunday, 04 November 2012 03:08 PM
ඇත්ත මෙයා. ඒ වුණත් ඒ බව පිළිගන්න අකමැති අයත් ඉන්නවනෙ. (නි)
ඒෂණ Sunday, 04 November 2012 03:18 PM
ආණ්ඩුවෙ මොන වැරදි තිබුණත් මේ වගේ දේවල් අගයනොකර ඉන්න බැහැ. බොහොම හොද වැඩ.... (නි)
උපුල් Sunday, 04 November 2012 03:38 PM
සිංහල අය ටිකත් හිර ගෙවල් වලින් එළියට අරන් මෙව්වා වගේ දේවල් වලට දාපල්ලකෝ බන්, එයාලට කන්න දෙන්න අපි බදු ගෙවන්න ඕනෑනේ. නිකම් කන්න දෙන්න ඕනෑ නැහැ. (නි)
අචිනි Sunday, 04 November 2012 03:49 PM
අර අකුරු දෙකේ මාමා කෝ පුතේ? (නි)
ලලිත් Sunday, 04 November 2012 03:51 PM
ගොයම් කපනකොට පිටරටින් හාල් ගේන්න එපා ????? (ස)
සාලිය Sunday, 04 November 2012 04:22 PM
මිනිසුන් විසින් නොගැළපෙන චරිත ප්‍රතික්ෂේප කළ යුතුයි. (නි)