කුවේට් රාජ්‍යයේ ස්වර්ණ ජුබිලිය සැමරීමේ උළෙලට පැයක් පුරා මල්වෙඩ් 77282ක් කුවේට් අගනුවර  අහසේ මනරම් ලෙස ලස්සන විය. ඊට පවුම් කෝටියක් හෙවත් රුපියල් කෝටි 209ක් වැය විය. එම සංදේශය කෙතරම් ලස්සන වූයේ දැයි කියතොත් එය ගිනස් වර්තාවක් ලෙස ඉතිහාසට එක් විය. ආණ්ඩුක්‍රම ව්‍යාස්ථාවක් හා පාර්ලිමේන්තුවක් පිහිටුවා පනස් වසරක් ගතවීම සැමරීම වෙනුවෙන් මේ ගිනි කෙළි සංදර්ශනය පැවැත්විණි. කුවේට් රාජ්‍ය නායක එමීර් ෂික් අබ්දුල්ලා අල් සලීම් අල් සබා ප්‍රකාශ කෙළේ රජය වඩවඩාත් ප්‍රජාතන්ත්‍රවාදයට හා ජාතික සමගියට කැප වන බවයි.