
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්. චන්දන)
නොරෝච්චෝල ලක්විජය බලාගාරය විකිණිමට හා එහි සේවකයන් බහුතරයක් ඉවත් කිරීමට රජය ගෙන ඇති තිර්ණයට විරෝධය පා ලංකා විදුලි බල මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි වෘත්තිය සමිති රැසක සාමාජිකයන් දහසකට ආසන්න පිරිසක් ලක්විජය බලාගාරය ඉදිරිපිටට අද දහවල් විරෝධතාවයක නිරත වුහ.
මෙම විරෝධතාවයට ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති 30 ක පිරිස් මේ සදහා එක්විය.
ඒ සමග නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ කළමණාකාරු නාලක විජයකොන් මහතා ඇතුළු බලාගාර කාර්ය මණ්ඩලය ද එක්ව සිටියේටත.කළු කොඩි ඔසවා විරෝධතාවයට එක්ව තිබු අතර ලක්විජය බලාගාරය අවට කළු කොඩි ප්‍රදර්ශනය කිරීමද දැක ගත හැකි විය.
දහවල් කැම පැය තුළ මෙම විරෝධතාවය සංවිධානය කර තිබුනී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිරික්ත සේවකයන් සියලු දෙනාම අයින් කරන්න. ඕටී කාක්කන්...
මේවා පෞද්ගලීකරණය කරන්නම ඕනෑ. එහෙම නම් ජනතාවට හොඳ සේවාවකුත් ලැබෙනවා. හොරකමුත් නතර වෙනවා. දේශපාලන පත්වීම් දීලා දීලා ඒ සේවකයින් නඩත්තු කරන්න වෙලා තියෙන්නේ සාමාන්‍ය ජනතාව...
අනිවාර්යයෙන්ම පුද්ගලීකරණය කළයුතුයි මේවා...
මේවා විකුණන එක තමයි විසදුම. පාඩු ලබන ආයතන
මණ්ඩලයට පමණක් නොවෙයි කැබිනටුවෙත් වැඩිපුර ඉන්න ගොයියෝ ටික පන්න දමන්න. වැඩක් කරන තැන සීමාව ඉක්මවා සේවකයින් සිටීම එම ස්ථානයේ කෙරෙන වැඩ වලට බාදාවක් ලෙස අපි ඉගෙනගෙන තිබෙනවා. ඒ වගේම නිෂ්පාදන වියදම ඉහල යනවා. මේවාට ගෙවන්නේ රටේ ජනතාව. අපිට නිකමුන් නඩත්තු කරන්න බැහැ . වහාම මොවුන් පන්න දමා අපේ විදුලිබිල අඩුකරන්න. මණ්ඩලය පෞද්ගලීකරණය සිදු උනොත් hire and fire policy ක්‍රමයට සේවකයින් බඳවා ගනීවි.
ලංකාවෙන් භාගයක් මීටරේ වෙනස් කරලා හොරට විදුලිය ගන්නවා. අතිරේක සේවකයෝ යොදවන්න... හොරට විදුලිය ගන්න උදවිය අල්ලන්න.
රජයට කරන්න බැහැ... හොරු එක්ක ඕවා ඔක්කොම විකුණන්න ඕනෑ...
වෙන රටවල් වගේ කියලා හිතන්න එපා... මේ රටේ ඔය විකුණලා දියුණුවෙනවා කියන එක. මේ රටේ ඔය විකිණිල්ලත් මහා තක්කඩි වංචාවක්. අන්තිමේදී මේ හොර තක්කඩි දේශපාලුවන් ඒකෙනුත් වංචා කරලා මිලියන ගණන් හොරකම් කරනවා මිසක් දියුණුවක් නම් මෙතෙක් කල් අපිට වෙලා නැහැ...