(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ඉරිදා එල්ල කළ මාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා පරීක්‍ෂා කර ඔහු සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කළ ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කළ වෛද්‍යවරුන් දසදෙනාට ලබන 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොටුව මහෙස්ත්‍රාත්වරයා නොතිසි නිකුත් කළේය.

මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කැඳවු අවස්ථාවේදී රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරයා එලෙස නොතිසි නිකුත් කළේය.

සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග මොනවාද? යන්න සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙස දැනුම් දෙමින් ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ වෛද්‍ය මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කළ වෛද්‍යවරු දසදෙනාට මෙලෙස නොතිසි නිකුත් කලේය.