(ජයමාල් චන්ද්‍රසිරි)

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී මේජර් ජනරාල් සුරේෂ් සලේට සිදු කරනු බව කියන  අමානුෂික ක්‍රියවලට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් එකතුව ආරම්භ කළ  සත්‍යග්‍රහය කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද ආරම්භ කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වෙනිදා  පාස්කු ප්‍රහාරය සම්බන්ධ චෝදනා එල්ල කරමින අත්අඩංගුවට ගත්තේය

අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන සිටින සුරේස් සලේ මහතාට ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ රාත්‍රීයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.