කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර එස් එස් සී ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන 84 වැනි ‘සුලෝහිත සංග‍්‍රාමය’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගය අතරතුර ගැටුමක් හටගත් බවත්, ආරක්ෂාවට පොලීසිය කැදවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී පී එම් එච් බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් ක්‍රිකට් තරඟ පවත්වන්න ප්‍රමිතියක් නැහැ (දී)
කොල්ලන්ගේ හැටි ඔහොමතමයි (දී)
මම කියන්නේ කොල්ලෝ ඔහොම තමයි
අපි සැමදා සහෝදරයන් වන්නෙමු. ඔබ නිවස තුලදීද සහෝදරයා සමග නිරත්තරයෙන් අඩ දබර කරගන්නවා ඇති. නමුත් ඒ කිසිදු දබරයක් අවසානයේ එය ජන්මාන්තර බේදයක් නොවී සහෝදරත්වයෙන් තවත් බැදුන ආකාරය සැමගේ අත්දැකීමක් වන්නට ඇති. එවන් සහෝදරත්වයක් ඇති ආන්නද සහ නාලන්දා සහෝදරයන් තුලද දබර අවසානයේ සිතේ කහටක් නොතබාගෙන සහෝදරත්වයෙන් තවත් බැදී සැබෑ සහෝදරයන් සේ එක්ව සිට සැමට ආදර්ශයක් වනවා නොඅනුමානයි. (නි)
මොකද්ද මේ කර ගත්තේ . නම්බුව නැති කළා (දී)
තරගයට කලිනුත් අපි එකට. තවමත් එකට. (නි)
දැන් ඉතින් මේ පාසැල් දෙකේ ළමයි ටිකත් පාරවල් වල ගහගන්න පටන් ගනියිද දන්නේ නැහැ.(නදී)
ඕන්න මහ ලොකුවට හැමදාම රාජකීය විද්‍යාලයට බනින මහ ලොකු බෞද්ධ පාසල් දෙකේ විනය තරම... (ස)
අන්න වැදගත් පාසැල්වල සිද්ධියක්.(නදී)
ශක්තිය මනින්නට සිංහයෝ අර ඇද්දේ ක්‍රිකට් සටන සිංහල පිටියෙයි තිබ්බේ එක කුස උපන් අයිය මලෝ ගෙයි මැද්දේ රණ්ඩු කරනකොට සිවලුන් හට රිද්දේ.. ආනන්දේ මල්ලි සැමදා නාලන්දේ මවුබිම රකින්නයි දෙපලම ඉරි ඇන්දේ ජාතික සටන පන පොවනා මර යුද්දේ ආනන්දේ හීය නාලන්දෙයි විද්දේ සොහොයුරු පෙමින් කරනා විදුහල් ගැටුම හැමදා ඉවර වන්නේ සිනහව කැටුව ඒ දුටු විටදී ඇස් රිදෙනා සොර දෙටුව එක දෙක කළා සොහොයුරන්ගේ පොඩි ගැටුම වැටෙනා හැමවිටම සොහොයුරු නාලන්දා ආනන්දේ සිටියි උරහිස අත් රන්දා හැමදා ලක්මවගේ සිරසෙහි මිණි අන්දා ඇය රැක ගන්න විදු දෙපලම දුක් වින්දා සිංහයෝ එකතු වෙනකොට ජයකොඩි බන්දා කනහිලොන්ට රට ඉඩ මදි වෙන හින්දා ලද සැනෙකින් එසැනින් කියමින් නින්දා කරමින් සොහොයුරන්ගේ සමගිය බින්දා.(නදී) දශක ගණන් පැවතුනු ඒ සමගිකම සිය දහසක් දෙනා රකිනා අනගිකම එක දවසකින් නැති වේනම් සොයුරු පෙම බටහිර දෙසින් ඉරු නැග එයි දිනට එම පොඩි ගැටුමකට කර පෙරලිය රට මැද්දේ සිංහයෝ නවතාගන්න කිසිදා බැහැ බැද්දේ සැමදා මවුබිමේ සටනට කඩු ඇද්දේ හැකිනම් කනහිලුනි නවතනු අප සද්දේ copy from ධාරණ කෝරළේ ආරච්චි
මෙහෙමද රටේ ප්‍රධාන පාසැලෙන් රටට දෙන ආදර්ශය. මේ ගැන පාසැල් දෙකම ලැජ්ජා විය යුතුයි.(නදී)
විශ්ව විද්‍යාලයේ උනානම් කියාවි දේශපාලනය කියලා. දැන් කියන්නේ මොකක්ද ? අනේ අනේ... (ස)
කිසි සේත්ම අනුමත කරන්න බැහැ (දී)
බිග් මැච් කාලෙට මෙවැනි දේවල් සාමාන්‍යයි. අපේ කාලෙත් මේ වගේ දේට මුහුණ දුන්නා.(නදී)
කැතයි. ඉතාම කැතයි (දී)
ප්‍රශ්නයක් නැහැ. දෙමවිපියන් සහ ගුරුවරු සතුටු වෙනවා. ඔවා කොලු කමට කරන වැඩ. ළමයි සතුටු වෙනවා වීර ක්‍රියාවක් කියලා. පාරේ යන ජනතාවට තමයි ටිකක් කරදර.(නදී)
ආනන්දෙයි නාලන්දෙයි ගහගෙන! ඉතින්? "වැඩක් බලාගෙන යනව මනුස්සයො යන්න!" (නි)
මෙතැන කෑ ගහන කට්ටිය අපේ එක් දින තරගය බලන්න එන්න. ආනන්ද නාලන්ද ගැටුම් ඒ වෙලාවේ විතරයි . ඕක ජන්මාන්තර තරහක් වෙන්නේ නැහැ. (නි)
කෝ අපේ බොදු බල සේනාව.. ? (ස)
ඕවා බලන්න යන්නෙනම් ආදි ශිෂ්‍යයෝ. කෝ විනය? කෝ බෞද්ධකම.(නදී)
නිමල්, ආදි ශිෂ්‍යයෝ විතරක් නෙමෙයි, වත්මන් ශිෂ්‍යයොත් ඉන්නවා. (නි)
අපි ගහගත්තා. නමුත් සහෝදරකම කිසිම මාධ්‍යයකට කඩන්න බැහැ.(නදී)
කදුලු නම් හැළුනට කමක් නැහැ.(නදී)
ආනන්ද නාලන්ද පාසැල් මේ විදිහට කවදාවත් ගහගෙන නැහැ. එහෙත් සමහරු පුද්ගලික ප්‍රශ්න නිසා ගහ ගන්නවා ඇති. (නි)
ආනන්දෙ මොකෝ නාලන්දෙ මොකෝ අපි ඔක්කොම එකයි. අයියයි මල්ලියි ඉදලා හිටලා වලියක් දාගන්නෙ නැත්තෙ මොන ගෙදරද? ඔව්වා ඔහොම තමා. අපි සහෝදරයො හැමදාමත් සහෝදරයො!!! (නි)
ලොකු ලොකු ඇත්තො මෙතෙන්ට ආවේ නැත්තන් මේක සුළු සිද්ධියක්. දේශපාලකයෝ හරි පොලිසිය හරි ඉන්නවා නම් හැමෝටම හරි ලොකුයි. (නි)
කාගේ හරි ජීවිතයකට අනතුරක් වුණොත් එහෙම ඒකත් සහෝදරකම වෙන්න ඇති. සහෝදර කමට ගහගන්නවට වඩා හොඳයි නේද(අ)
මමත් නාලන්දෙ ඉගෙනගත්තේ. අපේ කාලෙත් ඔහොම දේවල් වුණා. හැබැයි ඒවා එදාට විතරයි. ආනන්ද නාලන්ද කියන්නේ සහෝදර පාසැල්. මේ මෝඩ අදහස් දැක්කම හිතා ගන්න පුලුවන් ඒ අය වැස්සකටවත් බිග් මැච් එකකට ගිහින් නැහැ කියලා. මොනවා කරන්නද දුක තමයි... (නි)
තරගයට හොද අරමුණක් නැතිවීම මෙම ගැටුම් වලට හේතුවයි. (නි)
ක්‍රීඩාවට විතරක් නොවෙයි පාසල් වල තියෙන නම්බුවත් නැති වෙනවා මේ වැඩ වලින් (දී)
ආනන්ද ....නාලන්ද .....සුලොහිත සංග්‍රාමය (දී)
කොල්ලෝ උනාම ඔහොමතමයි (දී)
අයියෝ ලංකාවේ ක්‍රිකට් (දී)
මේවා ලොකුවට ගනන් ගන්න අයට මේ රටේ මීට වඩා දේවල් පෙනෛන්නේ නැතුව ඇතිනේ.(නදී)
මමත් නාලන්දෙ ඉගෙනගත්තේ. අපේ කාලෙත් ඔහොම දේවල් වුනා. හැබැයි ඒවා එදාට විතරයි. සිල්වා මහත්තයා කියන විදියට වෙන්නේ නැහැ. ආනන්ද, නාලන්ද කියන්නේ සහෝදර පාසැල්.(නදී)
වැදගත් තාලෙට සෙල්ලම් කරන්න (දී)
ආනන්ද - නාලන්ද දිනුවා ලක් දෙරණ තුල සිරසක් නැති සිරසක් හැදුවා සමගිය නසන්නට නොහැකිද සොදුර අප හඩවා දමන්නට දුටුවද දස පරපුරක් ඇති බව සුභ පතන්නට වරක් දෙවරක් තෙවරක් හැඩුවා අප බෙදුන දින දස වරක් යලි එක් වුවා රණ බෙර වයන්නට රෑ පොත තුල සිතුවම් මැව්වා අප යලි බැදෙන්නට දෙපිලක් යළි හමුවූවා මව් බිමේ පෙර පිනකට ආනන්ද නාලන්දා සහෝදරත්වය සදා නොමියෙනු ඇත !!! (නි)
ආනන්දේ , නාලනන්දේ කියන්නේ අපේ ඉස්කෝලේ ලඟම තියෙන මිතුරු පාසල් දෙකක්. ඒ වගේම හොඳ සමගියක් තියෙන පාසැල් දෙකක්. අසෝකෙට ප්‍රශ්න එන වෙලාවලදීත් හැම වෙලාවෙම ඕනෑ දේකට අපිට උදව්වට කිසිම අවුලක් නැතුව එන එකම ඉස්කෝල දෙක තමයි ආනන්ද - නාලන්ද ... බිග් මැච් කාලෙට වලි යන එක සාමාන්‍ය දෙයක්. හැබැයි ආනන්දේ - නාලන්දේ එහෙම වලියක් ගියත් කලාතුරකින් යන්නේ. ආනන්දීයනි, නාලන්දීයනි, මිනිස්සු ඕනෑ දෙයක් කියපුදෙන්. නිෂ්ශබ්දව අසා සිටින්න. අසෝකීයන් සැමවිට ඔබ සමගයි...!!!! (නි)
ආනන්ද නාලන්ද කියන්නේ සහෝදර පාසල් දෙකක්. එම නිසා මෙම ගැටුම දරුවන් විසින් අමතක කළ යුතුයි. (නි)
ගමේ ඉස්කෝලෙක මේ දේ වුණා නම් මෙහෙම ටීවී එකේ යයිද? (නි)
සියල්ල දැන් සාමකාමී වි ඇත. වුණු දේ ගැන දෙගොල්ලොම දුක් වෙනවා. අපි සහෝදරයෝ. ඒ සහෝදරත්වය එහෙමමයි. වන් ඩේ මැච් එක දවසට ඒක බලාගන්න පුළුවන්. (නි)
බලන්න බෞද්ධ පාසල් වල විනයේ තරම... (නි)