(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සාලියවැව නීලබැම්ම ඕලුමඩු ගම්මානයේ දී අතුරුදන් වු සිව් හැවිරිදි දැරිය අතුරුදන් වී දින 12ක් ගතවී තිබුණ ද කිසිදු හොඩුවාවක් සොයා ගත නොහැකි වුවත් පොලිස් පරික්ෂණ නොකඩවා සිදුවන බව පුත්තලම කොඨඨාස බාර පොලිස් අධිකාරි ජේ.ජ්. චන්ද්‍රසේන මහතා පැවසීය.
ඩබ්ලියු .ජි. තෙනුරි තිසාරා නැමති සිව් හැවිරිදි මෙම දැරිය පසුගිය 30 වැනිදා සිය නිවසේ සිටියදී අතුරුදන් වී තිබිණි.
පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් සාලියවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් දැරියගේ මව විසින් පොලිසියට පාපොච්චාරණයක නිරත වෙමින් පවසා තිබුණේ තමන් විසින් දැරියට පහර දීමෙන් පසුව සිහි නොමැතිව සිටි දැරිය කලා ඔයට දැමු බවයි.
නමුත් එම පාපොච්චාරණය සනාථ කර ගැනිමට නොහැකිවිම මත දිගින් දිගටම පොලිස් කණ්ඩායම් සහ ජනතාව දැරිය සොයමින් පරීක්ෂණ අරඹා තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd