දක්‍ෂතම කී‍්‍රඩකයා ප‍්‍රදීප්
ශී‍්‍ර ලංකාවේදී පළමු වරට පැවැති කඩු සටන් ජාතික ශූරතාවලියේදී සමස්ත ශූරතාව දිනා ගැනීමට ස්ලිම් ලයින් කී‍්‍රඩා සමාජය සමත් විය. පානදුර යුනිචෙලා කර්මාන්ත පරිශ‍්‍රයේදී පසුගිය සති අන්තයේ පැවැති මෙම තරගාවලියේදී අනුශූරතාව දිනාගත්තේ යුනිචෙලා කී‍්‍රඩා සමාජයයි.
ස්ලිම් ලයින් කී‍්‍රඩා සමාජයේ ප‍්‍රදීප් දුනුකියනගේ තරගාවලියේ හොඳම කඩු සරඹ කී‍්‍රඩකයාට හිමි කුසලානය දිනාගත්තේය.
ජාතික කඩු සරඹ සංගමයේ සහයෝගයෙන් යුනිචෙලා කඩු සරඹ සමාජය විසින් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය සඳහා කී‍්‍රඩා සමාජ 7 කින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 100 කට ආසන්න පිරිසක් සහභාගී වූහ. සැහැල්ලූ අසිපත්, බර අසිපත් සහ දෙපිට මුවහත් අසිපත් ලෙසින් ඉසව් 3 කින් යුතුව, කණ්ඩායම් සහ කේවළ තරග වශයෙන් තරග ඉසව් 9ක් පැවැත්විණ.
තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට සමත් වූ ස්ලිම් ලයින් කී‍්‍රඩා සමාජය විසින් සැහැල්ලූ අසිපත් කාණ්ඩයේ පිරිමි සහ කාන්තා ඉසව් වලදී කේවළ ශූරතා ද්විත්වයම දිනාගත්තද එම අංශයේම කණ්ඩායම් ශූරතාව ඔවුන්ට අහිමිවීම සුවිශේෂී සිදුවීමක් විය.
සැහැල්ලූ අසිපත් කාණ්ඩයේ කණ්ඩායම් අංශයේ අවසන් මහා තරගයේදී එම්. ඞී. එස්. කඩු සරඹ සමාජය හමුවේ ලකුණු 44/45 ක් ලෙසින් පරාජයට පත්වෙද්දී තරගාවලියේ සමස්ත අනුශූරතාව දිනාගැනීමට සමත් වූ යුනිචෙලා කඩු සරඹ සමාජය, දෙපිට මුවහත් අසිපත් කාණ්ඩයේ පිරිමි සහ කාන්තා කේවළ ශූරතා දෙකම දිනාගත්තේය. එම අංශයේම කණ්ඩායම් ශූරතාවයත් යන ශූරතා ති‍්‍රත්වයම දිනාගනිමින් සුවිශේෂී දක්ෂතාවයක් දැක්වීමට යුනිචෙලා පිල සමත් විය.
තරග ප‍්‍රතිඵල
සැහැල්ලූ අසිපත් - කේවළ (පිරිමි)
ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ ප‍්‍රදීප් දුනුකියනගේ විසින් ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ දිලාන් ඉරේෂ් පරාජය කරන ලදී. (15/9)
බර අසිපත් - කේවළ (පිරිමි)
සිලූටා කඩු සරඹ සමාජයේ ගයාන් බණ්ඩාර විසින් ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ චාමර නුවන් පරාජය කරන ලදී. (15/7)
දෙපිට මුවහත් අසිපත් - කේවළ (පිරිමි)
යුනිචෙලා කඩු සරඹ සමාජයේ සුදේශ් චන්දන විසින් යුනිචෙලා කඩු සරඹ සමාජයේ මන්ජුල ප‍්‍රනාන්දු පරාජය කරන ලදී. (15/14)
සැහැල්ලූ අසිපත් - කේවළ (කාන්තා)
ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ කාන්චනා සඳලංකා විසින් සිලූටා කඩු සරඹ සමාජයේ අශෝකා උදයන්ගි පරාජය කරන ලදී. (15/13)
බර අසිපත් - කේවළ (කාන්තා)
ස්ලිම්ලයින් කඩු සරඹ සමාජයේ නිරන්ජලා වීරරත්න විසින් සිලූටා කඩු සරඹ සමාජයේ පියුමි ක‍්‍රිෂාන්ති පරාජය කරන ලදී. (15/5)
දෙපිට මුවහත් අසිපත - කේවළ (කාන්තා)
යුනිචෙලා කඩු සරඹ සමාජයේ කාන්චනා මධුභාෂිණි විසින් තුරුලිය කඩු සරඹ සමාජයේ නදීෂා කරුණාරත්න පරාජය කරන ලදී. (15/9)
සැහැල්ලූ අසිපත් - කණ්ඩායම් තරගය
එම්.ඞී.එස් කඩු සරඹ සමාජය විසින් ස්ලිම්ලයින් කඩු සරඹ සමාජය පරාජය කරන ලදී. (45/44)
බර අසිපත් - කණ්ඩායම් තරගය
සදර්න් කඩු සරඹ සමාජය විසින් යුනිචෙලා කඩු සරඹ සමාජය පරජය කරන ලදී. (45/43)
දෙපිට මුවහත් අසිපත් - කාණ්ඩයේ කණ්ඩායම් අංශය
යුනිචෙලා කඩු සරඹ සමාජය විසින් තුරුලිය කඩු සරඹ සමාජය පරජය කරන ලදී. (45/17)



2025 දෙසැම්බර් මස 04
791
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය සමස්ත ශුරතාව දිනාගනී