ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඞ් සමාගමට සහ සෙලින්කෝ ශ්‍රීරාම් කැපිටල් සමාගමට එරෙහි අයිතිවාසිකම් පෙත්සම් දෙකද එම සමාගම් දෙකට එරෙහිව ගොනුකර ඇති තවත් අයිතිවාසිකම් පෙත්සම් දෙකක්ද ලබන සඳුදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම සඳහා හදිසියේම ලැයිස්තු ගත කර තිබේ. ගෝල්ඩන් කී ක්‍රෙඩිට්කාඞ් සමාගමට එරෙහිව ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කර තිබූ මුලික විරෝධතාවක් පිළිබඳ නියෝගය ප‍්‍රකාශයට පත් කිරීම මීට ඉහතදී අධිකරණය විසින් කල්තබා තිබිණි. ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෝෂාභියෝගයේ මුල් චෝදනාව වනුයේ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත් සමාගම් කීපයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩු විභාග කිරීමේ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ලෙස කටයුතු කරමින් සිටියදී එම නඩුවල විෂය වස්තුවක් වන සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ ආයතනයකට අයත් නාරාහේන්පිට ”ටි‍්‍රලියම්” නිවෙසක් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි දෙදෙනකු විසින් ලබාදෙන ලද ඇටර්නි බලපත‍්‍රයක් මත ඒ දෙදෙනාගේ නමට මිලදී ගැනීම යන්නයි.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සෙලින්කෝ අයිතිවාසිකම් පෙත්සම් ලබන සඳුදා විභාගයට
ගාමිණි Thursday, 08 November 2012 08:35 PM
අනාගත බලාපොරොත්තු සහිතව තැන්පත් කළ මුදල් ගසාකෑවා නම්, එහෙම අයට හොදක් වෙන්න නම් එපා. (නි)
ලකී Friday, 09 November 2012 09:49 AM
ගෝල්ඩන් කි වංචාවට සාධාරණයක් කරන්න
දම්මි Friday, 09 November 2012 09:59 AM
අපිත් බලං ඉන්නවා එච්චරයි
ප්‍රසන්න Friday, 09 November 2012 11:42 AM
නින්දෙන් නැගිටලද කොහෙද (ස)
ඉරාජ් Tuesday, 14 May 2013 07:25 PM
කට්ටියක් එහේ සවාරි යනවා.සෙලින්කෝ විශ්වාස කළ අයගේ ඉරණම කෙසේ විසදේද? (නි)
රත්න Thursday, 08 November 2012 06:52 PM
"සෙලින්කෝ" ව්‍යාපාරයේ වත්මන් අයිතිකරුවන් කවුද කියලා හොයලා බලමුද? (නි)
ගයාන් Thursday, 08 November 2012 06:54 PM
දැනුයි ඒක මතක් වෙලා තියෙන්නේ. (නි)
සිල්වා Thursday, 08 November 2012 07:16 PM
මේ මිනිස්සුන්ට කවදාද සහනයක් දෙන්නේ
විරාජ් Thursday, 08 November 2012 07:48 PM
ජයවේවා
රඛිත Friday, 09 November 2012 09:17 AM
ෆොන්සේකා මහත්තයෝ, ඉක්මනින් ඔබතුමාගේ පෙත්සමත් දාන්න, සුබදායක තීන්දුවක් ඕනෑ නම්. (නි)
චතූ Friday, 09 November 2012 09:27 AM
”ටි‍්‍රලියම්” නිවෙසක් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචි දෙදෙනකු විසින් ලබාදෙන ලද ඇටර්නි බලපත‍්‍රයක් මත ඒ දෙදෙනාගේ නමට මිලදී ගැනීම - ඉතින් ඒ මිලදී ගත්තු කෙනාට එපායැ නඩු දාන්න, මේ මනුස්සයා ඒකෙ අයිතිය පවරගෙන නම් ඒකට වෙනම නඩුවක් ගොනු කරන්න. ඕකට දොශාභියෝග දාලා හරියන්නෙ නෑ නෙ...(ස)