(අංජුල මහික වීරරත්න)

ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලැබුණු අයැදුම්පත් අතරින් තෝරාගත් සිසුන් වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ ලබා දීමට ජනාධිපති අරමුදල තීරණය කර තිබේ.

එම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව ජනාධිපති අරමුදලේ කොළඹ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.

දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් සිසුසිසුවියන් 14 දෙනකුට ලැප්ටොප් පරිගණක ලබා දීම එහිදී සිදු කෙරුණු අතර, ජනාධිපති අරමුදල මේ සඳහා වැය කර ඇති මුදල් රුපියල් ලක්ෂ 58කි. ඒ අනුව, 2025 වසරේදී සහ 2026 වසරේදී විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන සිසුසිසුවියන් 30 දෙනකුට පමණ ජනාධිපති අරමුදලින් අධ්‍යාපනික උපකරණ ලබා දී තිබෙන අතර, ජනාධිපති අරමුදල ඒ සඳහා රුපියල් ලක්ෂ 98කට වැඩි මුදලක් වැය කර තිබේ.

ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ඇතුළු ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ මාපියෝ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.