(ප්‍රින්ස් රත්නායක)

විශ්වවිද්‍යාල ඉතිහාසයේ වසර 60 ක පමණ ක්‍රීඩා ඉතිහාසය අලුත් කරමින් ලෝක විශ්වවිද්‍යාල බර ඉසිලීමේ තරගාවලියේ රන් පදක්කම් 03 ක් හා ලෝකඩ පදක්කම් 03 ක් දිනා ගැනීමට අවිඳු සස්මික හා නිපුන් ශෙහාර ක්‍රීඩකයින් සමත්ව තිබේ.

2026. 09 .08 වැනිදා සිට 12 දක්වා දෝහා කටාර්හි පැවති තරගාවලියේ පළමු දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අවිඳු සස්මික ලියනගෙදර ගේ කිලෝ ග්‍රෑම් 60 බර පන්තියෙන් ස්නැච්, ක්ලීන් ඇන්ඩ් ජරක් සහ සමස්ත අංශ 3 ම සිය දක්ශතාවය පෙන්වමින් රන් පදක්කම් 3 කට හිමිකම් කීය.

ක්ලීන් 105 කි.ග්‍රෑ, ජර්ක් 132 කි.ග්‍රෑ. වශයෙන් එසවූ සමස්ත බර 237 කි.ග්‍රෑ. කි.

ස්පාඤ්ඤයේ Oscar Gomez Martinez 228 kg සමඟ දෙවන ස්ථානයත්, Chinese Taipei හි Tang Chun-Yen 227 kg සමඟ තෙවන ස්ථානයත් ලබාගත් අතර, වින්දු 9 kgක ඉදිරියෙන් මුළු ශූරතාව දිනාගත්තේය.

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නිපුන් ශෙහාර දිසානායකද ලෝකඩ පදක්කම් තුනක් 65kg පිරිමි කාණ්ඩයේදී ශක්තිමත් දක්ෂතාවයක් පෙන්වා දිනා ගැනීමට සමත් විය. Snatch හි 100kg සහ Clean & Jerk හි 120kg උස්සමින් එකතුව 220kgක් ලබා ගත්තේය. ඔහු Snatch, Clean & Jerk සහ Total යන අංශ තුනම තුළලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට සමත් විය.

මෙම කාණ්ඩයේ රන් පදක්කම Azerbaijan හි Tehran Mammadov (289kg) විසින් දිනාගත් අතර, Moldova හි Ion Badanev (288kg) රිදී පදක්කම දිනාගත්තේය.

තරගාවලියේ කළමනාකරු ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන උපදේශක සුජාන් බණ්ඩාර වල්ගම්පාය කටයුතු කරනු ලැබීය.