විශ්ව විද්‍යාලයට ඇතුළු වන සිසුන්ගේ නායකත්ව හැකියාව සහ ධනාත්මක චින්තනය වැඩි දියුණු කිරීමේ අරමුණින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒකබාද්ධව පවත්වන නායකත්ව පුහුණු වැඩසටහන අදියර තුනක් යටතේ මධ්‍යස්ථාන 22 කදී සිදු කැරේ.
එහි පළමු අදියර සිසුන් දස දහසකගෙන් ඇරැඹිණි. ජනවාරි 12 දක්වා දෙසතියක පුහුණු වැඩසටහන පැවැත්වේ.
දෙවැනි අදියර ජනවාරි 16 වැනිදා සිට පෙබරවාරි පළමුවැනිදා දක්වා ද, තුන්වැනි අදියර පෙබරවාරි 12 වැනිදා සිට පෙබරවාරි 28 දක්වා ද පැවැත්වීමට නියමිත බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
මෙවර වැඩසටහන පැවැත්වෙන්නේ 2011 අපොස උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සඳහාය. 2012 ඔක්තෝබරයේ විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගත යුතුව තිබුණත් ඉසෙට් ස්කෝර් අර්බුදය හා වෙනත් හේතූන් නිසා එය ලබන මාර්තු මාසයට කල් ගියේය.
ලංකා ගුරු සංගමය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද මේ වැඩපිළිවෙළට අකමැත්ත පළ කරනුයේ හමුදා කඳවුරු තුළ පුහුණුව දෙන බව පසමිනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක කථිකාචාර්යවරයෙක් කිවුවා, "අපි විශ්ව විද්‍යාල වලින් පිටකරන්නේ ඕනෑම දේකට යර්ස් සර් කියාගත්ත දරුවන් නෙමෙයි" කියලා. මට දැන් හිතෙනවා ඒක කොච්චර වටිනා කතාවක්ද කියලා. (නි)
කලින් නම් කිවුවේ රට හමුදාකරණය කරන්න ඉඩදෙන්න එපා කියලා. දැන් එතකොට මොනවද මේ කරන්න යන්නේ? (නි)
තොරතුරු තාක්ෂණය වගේ තාක්ෂණයක් දුන්නනම් අඩුම වශයෙන් ගල්ෆ් වලටවත් ඇවිත් සේවය කරන්න තිබුණා..!(නු)
හමුදාවට යන්නේ ඇග පත දියුණු කරගත් දරුවන්. සරසවි වලට යන්නේ මොළය දියුණු කරගත් දරුවන්. ඉතින් එහෙම අයට කොහොමද නායකත්ව පුහුණුවක් දෙන්නේ? (නි)
9 වසර පාස් වෙච්ච අයත් ලොකු තනතුරු වල වැජඹෙන මේ රටේ ඕවා කරලා පලක් වෙයිද? (නි)
ලාල් ,අපේ අදහස් වල සත්‍යය ඔයාලට දැන්ම වැටහෙන එකක් නැහැ. ප්‍රතිඵල ලැබෙන්න තව කලක් යාවි. (නි)
මේ වෙනුවට තාක්ෂණික පුහුණුවක් දුන්නනම් කොපමණ හොදද? තාක්ෂණික යුගයක ජීවත් වන අපේ අනාගතයට අවශ්‍ය කරන්නෙ ඒ වගේ පුහුණු මිස මෙ වගේ දේවල් නෙමෙයි..!(නු)
මේක සම්පුර්ණ නාස්තියක්. කාටවත් ප්‍රයෝජනයක් නැති දෙයක්. (නි)
කීර්ති දෑනගන්න පුලුවන්ද කොහොමද ගල්ෆ් යන්නෙ කියලා? මමත් තොරතුරු තාක්ෂණය දන්නවා. (නි)
මොන පුහුණුව දෙන්න කලිනුත් පෞරුෂත්ව පුහුණුව ලබා දිය යුතුයි. එම නිසා මෙය ඉතා හොද දෙයක්. සිසුවෙකු නවක වදයට භාජනය වන්නේ නිසි පෞරුෂයක් නැති නිසයි. අපේ සිසුන්ට නිසි පෞරුෂයක් තිබෙනවා නම් නවක වදය වැළැක්විය හැකියි. (නි)
මම කියන්නේ පාසලේ හතේ පන්තියේ සිට සියළු සිසු සිසුවියන්ටත්, සමස්ත ආචාර්ය මහත්ම මහත්මීන්ටත් නායකත්ව පුහුණුව හැම වසරකම ලබා දෙන්න කියලයි. (නි)
විශෟව විද්‍යාලෙක පස්වත් පාගලා නැති අය අද කරන මහා පරිමාණ වැඩ දැකලා තියෙනවා නේද? (නි)
හමුදාවෙන් මේ කියන නායකත්ව සදහා පුහුණුවක් ලැබෙනවාද කියලා හිතන්න වෙනවා.. මොකද ඒක තේරුම කියල මහජනතාවටත් අවබෝධ කළානම් අනවශ්‍ය තර්ක විතර්ක ඇති වෙන්නෙ නැහැ..!(නු)
මමත් නායකත්ව පුහුණුව ලබලා සරසවි ආපු කෙනෙක්. නමුත් අපි නවක වදයට ලකුවුණා...? (නි)
නායකත්වය පුහුණු කරන්න බෑ.ඉබේම පිහිටනවා විතරයි. (ස)
ගියපාර නායකත්ව පුහුණුව ලබලා ආපු කට්ටියගේ වැඩ දැක්කහම නම් අපිට හිතුණේ අපරාදේ රටේ සල්ලි ටික කියලා. (නි)
නායකත්ව පුහුණුව නිසා නවක වදය නැති වෙනවා නම් ගිය වසරේ එය නැති විය යුතුයි. එහෙත් එවැන්නක් නැහැ. (නි)
ළමයින්ට දෙන්න යන්නේ මොන ජාතියේ නායකත්ව පුහුණුවක්ද? (නි)
තබන සෑම පියවරකටම , ඔසවන සැම අතකටම ජය ගෙන් දේවා (ස)
නවක වදය නවත්වනන නම් නවකවදය යනු මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසට නීතියක් නම්කරන්න ඕනෑ. ඊට පස්සේ නවක වදයට ලක්වුණ අයට අවසර දෙන්නට ඕනෑ එය කරපු අයට විරුද්ධව නඩු දාන්න, විශ්ව විද්‍යාලයෙන් පිට වුණාට පස්සේ. (නි)
නවක වදය නැතිකරන්න හමුදා පුහුණුවක් නෙමෙයි දෙන්න ඕනෑ, මොළයට පුහුණුවක්. (නි)
මම නම් කියන්නේ සාමාන්‍ය පෙළ අවසන් වෙලා උසස් පෙළ පටන්ගන්න කලින් මෙහෙම නායකත්ව පුහුණුවක් ලබා දෙනවා නම්, ඒ දරුවන් උසස් පෙළ ආරම්භ වද්දී අනාගතය භාරගැනීමට සැරසී සිටීවි කියලයි. (නි)
මේ වගේ නායකත්ව පුහුණුවක් ලබාදීම ප්‍රායෝගිකයි. නැත්නම් හිස් උපාධිධාරීන් පිරිසකටයි අපි ජාතිය භාරදෙන්නේ. (නි)
සමන්ත පුතා, මේක සාර්ථක වෙන්න තව අවුරුදු හතක් විතර යාවි. මොකද ඒ වෙනකොට මුලු විශ්ව විද්‍යාල පද්ධතියේම ඉන්න දරුවන් මේකට සහභාගි වෙලා අවසන් නිසා. (නි)
ශිෂ්‍යයන් මෙහි නිසි ප්‍රයෝජන ගත්තාදැයි පසු විපරමක් කරන්න (ස)
ලුම්බිණි, කීර්ති ඔයාලා වගේ මෝඩ කතා කිව්වට මංඡුල, අපොන්සු, මම වගේ රටට ආදරේ අයගේ අදහස් වෙනස් වෙන්නෙ නෑ…! (ස)
අපිට නවක වදය දුන්නු අය කිව්වේ ඊළඟ අවුරුද්දේ පළාත් භේධයකින් තොරව උදව් කරනවා කියලා. ඒ උනාට සටහන් පොත් ලබා දුන්නේ ඒ අයගේ පළාත්වල අයට විතරයි (ස)
හමුදාමය පාලනයක් නැති මෙහෙම තැනක මෙහෙම පුහුණුවක් දෙන එක හොදයි. (නි)
පුහුණුව හොදයි ළමයින් හදුනාගන්න. ඒ මිසක් අවුරුදු හතරක් අවසානයේදී මේ පුහුණුවෙන් සාර්ථක වෙනසක් දකින්න වෙන්නේ නැහැ. මොකද ඒ අවුරුදු 4 තුළ ළමයින් සෑහෙන්න වෙනස් වෙනවා. (නි)