IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සරසවි සිසු නායකත්ව පුහුණුව ඇරැඹේ

විශ්ව විද්‍යාලයට ඇතුළු වන සිසුන්ගේ නායකත්ව හැකියාව සහ ධනාත්මක චින්තනය වැඩි දියුණු කිරීමේ අරමුණින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය, ආරක්ෂක අමාත්‍යංශය හා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඒකබාද්ධව පවත්වන නායකත්ව පුහුණු වැඩසටහන අදියර තුනක් යටතේ මධ්‍යස්ථාන 22 කදී සිදු කැරේ.

එහි පළමු අදියර සිසුන් දස දහසකගෙන් ඇරැඹිණි. ජනවාරි 12 දක්වා දෙසතියක  පුහුණු වැඩසටහන පැවැත්වේ.

දෙවැනි අදියර ජනවාරි 16 වැනිදා සිට පෙබරවාරි පළමුවැනිදා දක්වා ද, තුන්වැනි අදියර පෙබරවාරි 12 වැනිදා සිට පෙබරවාරි 28 දක්වා ද පැවැත්වීමට නියමිත බව උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියයි.

 මෙවර වැඩසටහන පැවැත්වෙන්නේ 2011 අපොස උසස් පෙළ විභාගයට මුහුණ දුන් සිසුන් සඳහාය. 2012 ඔක්තෝබරයේ විශ්ව විද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගත යුතුව තිබුණත් ඉසෙට් ස්කෝර් අර්බුදය හා වෙනත් හේතූන් නිසා එය ලබන මාර්තු මාසයට කල් ගියේය.

ලංකා ගුරු සංගමය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද මේ වැඩපිළිවෙළට අකමැත්ත පළ කරනුයේ හමුදා කඳවුරු තුළ පුහුණුව දෙන බව පසමිනි.



අදහස් (0)

සරසවි සිසු නායකත්ව පුහුණුව ඇරැඹේ

බණ්ඩාර Thursday, 27 December 2012 10:58 PM

එක කථිකාචාර්යවරයෙක් කිවුවා, "අපි විශ්ව විද්‍යාල වලින් පිටකරන්නේ ඕනෑම දේකට යර්ස් සර් කියාගත්ත දරුවන් නෙමෙයි" කියලා. මට දැන් හිතෙනවා ඒක කොච්චර වටිනා කතාවක්ද කියලා. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 27 December 2012 10:56 PM

කලින් නම් කිවුවේ රට හමුදාකරණය කරන්න ඉඩදෙන්න එපා කියලා. දැන් එතකොට මොනවද මේ කරන්න යන්නේ? (නි)

:       0       0

කීර්ති Thursday, 27 December 2012 11:02 PM

තොරතුරු තාක්ෂණය වගේ තාක්ෂණයක් දුන්නනම් අඩුම වශයෙන් ගල්ෆ් වලටවත් ඇවිත් සේවය කරන්න තිබුණා..!(නු)

:       0       0

කීර්ති Thursday, 27 December 2012 11:02 PM

හමුදාවට යන්නේ ඇග පත දියුණු කරගත් දරුවන්. සරසවි වලට යන්නේ මොළය දියුණු කරගත් දරුවන්. ඉතින් එහෙම අයට කොහොමද නායකත්ව පුහුණුවක් දෙන්නේ? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 27 December 2012 11:04 PM

9 වසර පාස් වෙච්ච අයත් ‍ලොකු තනතුරු වල වැජඹෙන මේ රටේ ඕවා කරලා පලක් වෙයිද? (නි)

:       0       0

කීර්ති Friday, 28 December 2012 10:51 PM

ලාල් ,අපේ අදහස් වල සත්‍යය ඔයාලට දැන්ම වැටහෙන එකක් නැහැ. ප්‍රතිඵල ලැබෙන්න තව කලක් යාවි. (නි)

:       0       0

නිරෝෂණ Thursday, 27 December 2012 04:12 PM

මේ වෙනුවට තාක්ෂණික පුහුණුවක් දුන්නනම් කොපමණ හොදද? තාක්ෂණික යුගයක ජීවත් වන අපේ අනාගතයට අවශ්‍ය කරන්නෙ ඒ වගේ පුහුණු මිස මෙ වගේ දේවල් නෙමෙයි..!(නු)

:       0       0

ලුම්බිණි Friday, 28 December 2012 05:22 AM

මේක සම්පුර්ණ නාස්තියක්. කාටවත් ප්‍රයෝජනයක් නැති දෙයක්. (නි)

:       0       0

ශාන්ත Friday, 28 December 2012 07:35 AM

කීර්ති දෑනගන්න පුලුවන්ද කොහොමද ගල්ෆ් යන්නෙ කියලා? මමත් තොරතුරු තාක්ෂණය දන්නවා. (නි)

:       0       0

සානුල් Thursday, 27 December 2012 04:54 PM

මොන පුහුණුව දෙන්න කලිනුත් පෞරුෂත්ව පුහුණුව ලබා දිය යුතුයි. එම නිසා මෙය ඉතා හොද දෙයක්. සිසුවෙකු නවක වදයට භාජනය වන්නේ නිසි පෞරුෂයක් නැති නිසයි. අපේ සිසුන්ට නිසි පෞරුෂයක් තිබෙනවා නම් නවක වදය වැළැක්විය හැකියි. (නි)

:       0       0

පුරවැසියෙක් Friday, 28 December 2012 07:59 AM

මම කියන්නේ පාසලේ හතේ පන්තියේ සිට සියළු සිසු සිසුවියන්ටත්, සමස්ත ආචාර්ය මහත්ම මහත්මීන්ටත් නායකත්ව පුහුණුව හැම වසරකම ලබා දෙන්න කියලයි. (නි)

:       0       0

තිලක් Friday, 28 December 2012 08:00 AM

විශෟව විද්‍යාලෙක පස්වත් පාගලා නැති අය අද කරන ‍මහා පරිමාණ වැඩ දැකලා තියෙනවා නේද? (නි)

:       0       0

ලලිත් කටාර් Thursday, 27 December 2012 05:13 PM

හමුදාවෙන් මේ කියන නායකත්ව සදහා පුහුණුවක් ලැබෙනවාද කියලා හිතන්න වෙනවා.. මොකද ඒක තේරුම කියල මහජනතාවටත් අවබෝධ කළානම් අනවශ්‍ය තර්ක විතර්ක ඇති වෙන්නෙ නැහැ..!(නු)

:       0       0

සමන්ත Friday, 28 December 2012 08:39 AM

මමත් නායකත්ව පුහුණුව ලබලා සරසවි ආපු කෙනෙක්. නමුත් අපි නවක වදයට ලකුවුණා...? (නි)

:       0       0

වේහාන් Friday, 28 December 2012 09:00 AM

නායකත්වය පුහුණු කරන්න බෑ.ඉබේම පිහිටනවා විතරයි. (ස)

:       0       0

සුරේෂ් Thursday, 27 December 2012 05:49 PM

ගියපාර නායකත්ව පුහුණුව ලබලා ආපු කට්ටියගේ වැඩ දැක්කහම නම් අපිට හිතුණේ අපරාදේ රටේ සල්ලි ටික කියලා. (නි)

:       0       0

ප්‍රෂාධි Thursday, 27 December 2012 06:00 PM

නායකත්ව පුහුණුව නිසා නවක වදය නැති වෙනවා නම් ගිය වසරේ එය නැති විය යුතුයි. එහෙත් එවැන්නක් නැහැ. (නි)

:       0       0

ජයා Friday, 28 December 2012 09:25 AM

ළමයින්ට දෙන්න යන්නේ මොන ජාතියේ නායකත්ව පුහුණුවක්ද? (නි)

:       0       0

සිල්වා Thursday, 27 December 2012 06:13 PM

තබන සෑම පියවරකටම , ඔසවන සැම අතකටම ජය ගෙන් දේවා (ස)

:       0       0

අපොන්සු Friday, 28 December 2012 09:40 AM

නවක වදය නවත්වනන නම් නවකවදය යනු මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙසට නීතියක් නම්කරන්න ඕනෑ. ඊට පස්සේ නවක වදයට ලක්වුණ අයට අවසර දෙන්නට ඕනෑ එය කරපු අයට විරුද්ධව නඩු දාන්න, විශ්ව විද්‍යාලයෙන් පිට වුණාට පස්සේ. (නි)

:       0       0

බන්දුල Thursday, 27 December 2012 06:14 PM

නවක වදය නැතිකරන්න හමුදා පුහුණුවක් නෙමෙයි දෙන්න ඕනෑ, මොළයට පුහුණුවක්. (නි)

:       0       0

මංජුල Friday, 28 December 2012 09:43 AM

මම නම් කියන්නේ සාමාන්‍ය පෙළ අවසන් වෙලා උසස් පෙළ පටන්ගන්න කලින් මෙහෙම නායකත්ව පුහුණුවක් ලබා දෙනවා නම්, ඒ දරුවන් උසස් පෙළ ආරම්භ වද්දී අනාගතය භාරගැනීමට සැරසී සිටීවි කියලයි. (නි)

:       0       0

මංජුල Friday, 28 December 2012 09:52 AM

මේ වගේ නායකත්ව පුහුණුවක් ලබාදීම ප්‍රායෝගිකයි. නැත්නම් හිස් උපාධිධාරීන් පිරිසකටයි අපි ජාතිය භාරදෙන්නේ. (නි)

:       0       0

මංජුල Friday, 28 December 2012 10:03 AM

සමන්ත පුතා, මේක සාර්ථක වෙන්න තව අවුරුදු හතක් විතර යාවි. මොකද ඒ වෙනකොට මුලු විශ්ව විද්‍යාල පද්ධතියේම ඉන්න දරුවන් මේකට සහභාගි වෙලා අවසන් නිසා. (නි)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 10:25 AM

ශිෂ්‍යයන් මෙහි නිසි ප්‍රයෝජන ගත්තාදැයි පසු විපරමක් කරන්න (ස)

:       0       0

ලාල් Friday, 28 December 2012 10:36 AM

ලුම්බිණි, කීර්ති ඔයාලා වගේ මෝඩ කතා කිව්වට මංඡුල, අපොන්සු, මම වගේ රටට ආදරේ අයගේ අදහස් වෙනස් වෙන්නෙ නෑ…! (ස)

:       0       0

සෝමදාස Friday, 28 December 2012 11:04 AM

අපිට නවක වදය දුන්නු අය කිව්වේ ඊළඟ අවුරුද්දේ පළාත්‍ භේධයකින් තොරව උදව් කරනවා කියලා. ඒ උනාට සටහන් පොත් ලබා දුන්නේ ඒ අයගේ පළාත්වල අයට විතරයි (ස)

:       0       0

අජන්ත Thursday, 27 December 2012 08:04 PM

හමුදාමය පාලනයක් නැති මෙහෙම තැනක මෙහෙම පුහුණුවක් දෙන එක හොදයි. (නි)

:       0       0

ප්‍රදීප් Friday, 28 December 2012 12:39 PM

පුහුණුව හොදයි ළමයින් හදුනාගන්න. ඒ මිසක් අවුරුදු හතරක් අවසානයේදී මේ පුහුණුවෙන් සාර්ථක වෙනසක් දකින්න වෙන්නේ නැහැ. මොකද ඒ අවුරුදු 4 තුළ ළමයින් සෑහෙන්න වෙනස් වෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site