බෞද්ධ සිසුන් අන්‍යාගමික කිරීමට තැත් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාතර ශාන්ත සර්වේසස් විදුහල්පති නිමල්සිරි වනිගබදුගේ මහතා (52) අද මාතර මහේස්ත‍්‍රාත් උදේශ් රණතුංග මහතා ඉදිරියේ පෙනී සිටියේය. 2010 පැවැත් වූ බව කියන එවැනි වැඩමුළු සම්බන්ධයෙන් ඔහු ඇප මත මුදා හරිනු ලැබ සිටියි. ඔහුගේ විදෙස් ගමන් බලපත‍්‍රය ලබන 30 වැනිදා උසාවියට බාර දෙන ලෙස මහේස්ත‍්‍රාත් නියෝග කළේය. ඔහුගේ විදේශ ගමන් යළි දැනුම් දෙනතුරු තහනම් කරන ලෙස ආගමන හා විගමන පාලකට නියෝග කැරිණි. ඔහුගේ බැංකු ගිණුම් පිරික්සීමට පොලීසිය කළ ඉල්ලීමකටද ඉඩ ලැබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිණුම් පරීක්ෂාවේදී තව තව දේවල් හෙළිවෙයි. (නි)
අන්‍යාගමික වෙන්න හේතුව රටේ පවතින දරිද්‍රතාවයයි. එහෙම නැතුව ඒ අයගේ විශ්වාසයේ අඩුකමක් නිසා නෙමෙයි. (නි)
ළමයි පාසල දාන්න සල්ලි දෙන්නත් එපැයි (ස)
බෞද්ධයිනේ, නිදා නොසිට අවදිවවු! (නි)
මිනිසුන් බෞද්ධාගම අත්හරිනවා නම් ඒකටත් හේතුව හොයලා බලන්න වටිනවා. (නි)
බෞද්ධාගමට වැඩිපුර හානි සිදුවන්නේ බෞද්ධයින් විසින්මයි. (නි)
මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් ගතයුතුයි. (නි)
අපි පළමුවෙන්ම කළ යුත්තේ බෞද්ධාගම ආදායම් මාර්ගයක් බවට පත්කරගෙන සිටින්නන්ගෙන් බෞද්ධාගම බේරාගැනීමයි. (නි)
අයියෝ සල්ලි
ආගම්වාදීනි, අවදි වවු! නැගිටියවු! (නි)
ඒ කතාව ඇත්තනම් වැඩේ 100% වැරදියි (දී)
එයාගේ නෙමෙයි, එයාගේ සමීප නෑයින්ගේ ගිණුම් බලන්න. (නි)
බැංකුවේ තියෙන සල්ලි වලට මොනවාහරි කියයි. බලන්නකෝ නැද්ද කියලා. (නි)
තවදුරටත් සෙවිල්ලෙන් ඉන්න. (නි)
ඒ විදුහල් පති තුමා කරන වැඩ වැරදියි (දී)
බෞද්ධයිනේ අවදිවෙවු! (නි)
මේක සිංහල රට,දෙවන නිදහස් අරගලයෙන් සිංහල කොල්ලො (99%) ජීවිතෙ පූජා කරලා රැක දීපු අපේ රට. මේ වගේ දේවල් නිසා බෞද්ධ ධර්මය ආරක්ෂා කරන හා ධර්මය අයිති අපේ රටට කුමක්ද වෙන්නෙ කියලා හිතාගන්න අමාරුයි. දැන්වත් නිදාසිටින සිංහලයිනි...අවදිවවු...!!! (නි)
ඔබ තුමා වැඩේ නම් වැරදියි (දී)
කවුද මේවාට වග කියන්නේ
විදුහල්පතිකම වහාම අහෝසි කළයුතුයි. දෙමවුපියන් හා ගුරුවරුන් මෙයට විරුද්ධව නැගීසිටිය යුතුයි. අධ්‍යාපන අමාත්‍යංශය ගන්නා පියවර දෙස අපි බලාසිටිමු. (නි)
වැඩේ වැරදි මහත්තයෝ
දෝෂාභියෝගයක් ගෙනෙමු. (නි)
දරුවන්ව බෞද්ධ පාසල් වලට දැමීමේ ප්‍රවණතාවය මෙවන් හේතු නිසා අඩුවන්න පුලුවන්. (නි)