ලේබල් රෙගුලාසි උල්ලංඝණය කරමින් ඇසුරුම් ආහාර ද්‍රව්‍ය විකිණීම හා බේකරි නිෂ්පාදන දූෂත වන අයුරින් ප්‍රවාහනය කිරීමේ චෝදනාවලට වරද පිළිගත් නල්ලතන්නිය, මස්කෙළිය හා මාවුස්සාකැලේ ව්‍යාපාරිකයන් සිව්දෙනකුට හැටන් මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතා රුපියල් 7500 බැගින් රුපියල් 30,000ක දඩ නියම කළේය.
ශ්‍රීපාද වන්දනාකරුවන්ට සෞඛ්‍ය ආරක්ෂිත ආහාර පාන ලබා දීමේ වැඩසටහන යටතේ බගවන්තලාව මහජන සෞඛ්‍ය පරීක්ෂක පී කේ එල් වසන්ත මහතා ඇතුළු නිලධාරීහු මේ වැටලීම සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණී, අතීතය මතක් කරලා දෙන එක නම් හොදයි. එත් ඉතින් ඉන්න පරපුර මේවට හිනාවෙවී ජරාව කනවා.(නදී)
මම ගෙදරින් දවල් බත කාල බිරිද කොලපත් මුලේ බදින බත් ගෙඩි දෙකත් අග්ගල මුලත් හෑල්ලුවෙ දාගෙන ගිලීමලෙන් හිමේට වැදුනම දේව කරුනාවෙන් පද්මෙ වැදල පහුවෙනිදා දවල් බතට ගෙදරට එනවා. අපි ඔය කඩචෝරු කන්නෙම නෑ. දැන් අපේ කොල්ලන්ට පයින් යන්ඩ බෑ කියල රත්නපුරේට ගිහින් බස්වල නල්ලතන්නි යනව. මග වියදමට කියල දෙතුන් දාහකුත් දෙන්න ඔනෙ. කඩචෝරු කාල බඩේ අමාරත් හදාගෙනයි එන්නෙ.(නදී)
ඉස්සර අපේ මුතුන් මිත්තෝ සිරිපා කරුණා කරන්න යද්දී කෙසෙල් කොළේ, කොළපත් පට්ටේ ඔතාගෙන කෑම අරගෙන ගියා. (නි)
වැටලීම කළ මහත්වරුන්ට බොහොම පින් ! (නි)
මේවා මහා අපරාධ (දී)
ඉස්සර නම් සිරීපාදේ යද්දී "අග්ගලා කන් ඩෝං පුතා" දැන්...?? (නි)
වන්දනාවේ යන මිනිස්සුන්ව මුලා කරන මෙවැන්නන්ට උපරිම දඩුවම් දියයුතුයි. (නි)
උඩ මළුවට ගියාට පස්සේ බඩේ අමාරුවක එහෙම හැදුණොත් කාට කියන්නද? (නි)