IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සිරිපතුල සුවඳ පැනින් නැහැවෙයි

ශ්‍රී පාද වන්දනා සමය අද සිට ඇරැඹෙයි. ලබන වසරේ වෙසක් පෝදායින් අවසන් වෙයි.

ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමි අද උදේ හතට ශ්‍රී  පතුල පස් පංගුව තැම්බූ වතුරින්, කහවතුරෙන් හා සුවඳ පැණින් දෝවනය කොට බුද්ධ පූජාව පවත්වා ශ්‍රී  පාද පද්මය අසල සමන් දේව පිළිමය හා දේවාභරණ, සධාතුක කරඩුව තැන්පත් කිරීමෙන් අනතුරුව ශ්‍රී  පාද වන්දනා සමය නිල වශයෙන් ආරම්භ විය.

රත්නපුර සබරගමු මහ සමන් දේවාලයේ සිට ගමන් ඇරැඹූ දේවාභරණ රැගත් පෙරහර රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේ ද හැටන් මාර්ගය ඔස්සේ ද ශ්රීඇ පාදස්ථානයට අද අලුයම ළඟාවිය.
විශාල පිරිසක් අද ශ්රීම පාදය වන්දනා කරන්නට පැමිණියහ. ඉර සේවය බලන්නද මහා පිරිස් වූහ.



අදහස් (0)

සිරිපතුල සුවඳ පැනින් නැහැවෙයි

සුසන්ත - ඉතාලිය Thursday, 27 December 2012 02:20 PM

සාදූ සාදූ සාදූ....!!!(නු)

:       0       0

නිහාල් Thursday, 27 December 2012 10:33 PM

නැහැ චමල් ඒක සුදුමහත්වරුන්ගේ කාලේ දාගත්තු හැදින්වීමක්.. බුදුන්ගේ වම් සිරිපාද ලංකාවෙත් දකුණු සිරිපතුල මක්කමත් තිබෙන බව මම අහලා තියෙනවා.. මම සෞදි අරාබියෙ හිටියා.. මට සෞදියේ එක්කෙනෙක් කිව්වා සෞදියෙත් කලින් බුදුදහම තිබුණා කියලා.. බුදුවීමට පෙර බෝධිසත්ව කාලයේ ගැල් පන්සියයක නායකයා වෙලා කාන්තාරෙ යද්දි හමුවෙන පැලයක් යට පොළොව හාරලා කළු ගල බිදලා වතුර ගත්ත කියලා අහලා තියෙනවාද? අන්න එතන තමයි අද මක්කා කියලා වදින්නෙ.. එදා මතුවුණ උල්පත තමයි තාමත් තියෙන්නෙ.. සම්සම් වතුර කියලා කියන්නේ මේ වතුර තමයි.. මේ කියන්නේ මම අදහන දෙයක්.. මෙය සත්‍යක් කියලා මම විශ්වාස කරමි.. (නු)

:       0       1

සම්පත් Thursday, 27 December 2012 02:31 PM

මේවා නෙමෙයි අවශ්‍ය.. බුදුන්ගේ දේශනාවට අනුව යමින් මාර්ගඵල ලබා සංසාරෙන් එතෙර වීමට උත්සාහ දැරීමයි.. ඒක තමයි බුදුන්ට කරන නියම සැළකිල්ල, ගෞරව පූජාව.. කරන්නයි අවශ්‍ය..!(නු)

:       0       0

ප්‍රදීප් Thursday, 27 December 2012 10:32 PM

නමෝ බුද්ධාය ! තුන්ලෝකයම ජයගත් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී පාද පද්මයට නමස්කාර වේවා! ගෞතම බුදු සසුන දෙව් මිනිසුන්ගේ යහපත සැපත සළසමින් බොහෝ කල් ලොව පවතීවා! නමෝ බුද්ධාය!(නු)

:       0       0

දිනේෂ් සෞදි Thursday, 27 December 2012 02:48 PM

බුදුසසුණ බැබලේවා..!(නු)

:       0       0

ජනිත් Thursday, 27 December 2012 11:58 PM

සමන්‍ දෙවිද කරුණාවයි මුළු රටටම...!(නු)

:       0       0

ජානක උදය Thursday, 27 December 2012 11:58 PM

කරුණාවයි.. කරුණාවයි.. සමන් දෙවිදු කරුණාවයි.. මුළු ශ්‍රී ලංකාවටම..!(නු)

:       0       0

නිලන්ත Friday, 28 December 2012 01:48 AM

මතු බුදුවන සමන් දෙවිදුන්ගේ ආරක්ෂාවෙන් මුලු ලංකාද්වීපයම බැබැළේවා! (නි)

:       0       0

හිල්මි Friday, 28 December 2012 03:14 AM

චමල් හරි. එතැන ඇත්තේ ආදම්ගේ පාදයයි. මම එය කුඩා කල සිටම දනිමි. (නි)

:       0       0

අනුර Friday, 28 December 2012 05:27 AM

.සාධු ....සාධු ....සාධු ... (දී)

:       0       1

අමීන් Friday, 28 December 2012 05:42 AM

ලෝකේ තියන ආගම්වලින්, එම ආගම නිසාම දෙකට බෙදී මරා නොගන්නා එකම ආගම මෙයයි. (නි)

:       0       0

දිසා Friday, 28 December 2012 06:35 AM

නිහාල් කියන දේ ගැන අවධානයෙන් බැලුවා නම් ඒ කතාවේ ලොකු අර්ථයක් ඇති බව පෙනෙනවා. (නි)

:       0       0

ෂෙරීෆ් Friday, 28 December 2012 03:09 PM

ලංකාවේ තියෙන නිධන් වස්තු ටික ආරක්ෂා කරගන්න කොන්දක් නැති කට්ටිය මක්කමක් ගැන දොඩවනවා. (නි)

:       0       0

සමන් Friday, 28 December 2012 07:41 AM

සමන් දෙවි පිහිටෙන් අපේ රටේ ඇති වී ඇති ස්වභාවික විපත් නැතිවේවා! (නි)

:       0       0

තිලංග Friday, 28 December 2012 07:53 AM

හොදම දේ ත්‍රිපිටකට පරිශීලනය කිරීමයි. බොහෝ ගැටලු වලට විසදුම් ලැබෙනු ඇත. (නි)

:       0       0

සුනිල් Friday, 28 December 2012 08:06 AM

ඇත්තවශයෙන්ම අද බහුතරයක් බෞද්ධයින් කරන්නේ ඔවුන් විසින් කළ යුතු කාර්යයන්මද? (නි)

:       0       0

චරිත් Friday, 28 December 2012 08:29 AM

ආදම්ගේ පාද සළකුන කියන්නේ කලු සුද්දොයි, සුදු සුද්දොයි විතරයි. මේ ලෝකේ කොහේවත් කිතුනුවන්ගේ පාද සලකුණු නැහැ. මේවා නිකන් සිහින විතරයි. අරාබිය කියන්නේ ඒ කාලේ බුදු දහම පෑවතුණ රටක්. අරාබිය විතරක් නෙමෙයි, ඇෆ්ගනිස්තානය, යෙමනය, වගේ රටවල් බුදුදහම අදහපු රටවල්. ඒවා දැන් ආක්‍රමණය කරලා ඉවරයි. සේද මාවතේ තිබුණේ තනිකරම බොදු උරුමයක්. ඒත් දැන් ඒ රටවල් ඔක්කොම ලෝගු පොරවන අශිෂ්ටයින්ට යට වෙලා. කොහොම වුණත් කමක් නැහැ. අපි අපේ උරුමය මුදලට පාවා නොදී රැකගනිමු. අපි අවුරුදු 2500කට වෑඩි ඉතිහාසයක් තියෙන ජාතියක්.... (නි)

:       0       0

අංජන Friday, 28 December 2012 08:38 AM

ශ්‍රී පාද පද්මය වදින ගාථාවේ සදහන් වෙනවා ශ්‍රී පාදය පිහිටුවා ඇති ස්ථාන සියල්ල ගැන. (නි)

:       0       0

අනුරාධ Friday, 28 December 2012 08:34 AM

අති උතුම් සම්මා සම්බුදුරදුන්ගේ ශ්‍රී පාද පද්මයට මාගේ නමස්කාරය වේවා! (නි)

:       0       0

හේවා Friday, 28 December 2012 08:41 AM

අතීතයේ ස්වාමින් වහන්සේලා ශ්‍රී පාදස්ථානයේ නායකත්වයට තරග කළ හැටිත් අපිට හොදට මතකයි තවම. (නි)

:       0       0

ප්‍රියන්ත Thursday, 27 December 2012 05:27 PM

මම නම් කියන්නේ සෑම බෞද්ධයෙක්ම වසරකට සැරයක් ශ්‍රී පාදය වැදීමට යා යුතුයි..!(නු)

:       0       0

මේනක Thursday, 27 December 2012 05:26 PM

මාගේ තිලෝගුරු සම්මා සමුබුදු අමා මෑණියන් වහන්සේගේ ශ්‍රී පාද පද්මයට මාගේ නමස්කාරය වේවා! නමස්කාර කරමි. නමස්කාරය වේවා ! (නි)

:       0       0

සම්පත් Friday, 28 December 2012 09:22 AM

සම්බුදු සිරිපා සිරස නමාමී (ස)

:       0       0

සම්පත් Friday, 28 December 2012 09:24 AM

නමදින්න දුරැර හැම බේධ ..සුගත තතාගත ලෝක සිවංකර සම්බුදු සිරිපාදේ (ස)

:       0       0

ප්‍රීති Saturday, 29 December 2012 04:30 AM

සාදු.. සාදු.. සාදු..!(නු)

:       0       0

සුනිල් Thursday, 27 December 2012 06:09 PM

ඒ වගේම තමයි, මුලු රටම ගංවතුරින් නැහැවෙනවා. (නි)

:       0       0

කමලා Friday, 28 December 2012 09:53 AM

මෙම ස්ථානය බෞද්ධයින්ට ඉතා වැදගත් ස්ථානයක්. (නි)

:       0       0

ප්‍රසන්න Friday, 28 December 2012 09:59 AM

හේවා, අනෙක් ආගම් විවේඡනය කරන්න ප්‍රථම ඒවා ගැන හොදට අධ්‍යයනය කරලා බලන්න. (නි)

:       0       0

නිවන්ත Friday, 28 December 2012 10:00 AM

මක්කම මුලු ලෝකෙටම විවෘත කළොත් පුරාවිද්‍යා පර්යේෂණයක් කරලා ඇත්ත මොකක්ද කියලා හොයාගන්න පුලුවන්. (නි)

:       0       0

ඇන්ජලෝ Friday, 28 December 2012 10:45 AM

බුද්ධාගම විශ්වාස කරන්න , නැත්නම් අනවශ්‍ය දේවල් නොකියා ඉන්න , කිසිම ආගමකට අගෞරව නොකරන්න . (ස)

:       0       0

නිත්‍යා Friday, 28 December 2012 10:58 AM

සිරිපා වන්දනා කරන්නට සැමට වාසනාව උදාවේවා (ස)

:       0       0

මුතුකුඩ Friday, 28 December 2012 07:11 PM

බුදුන් දෙසු පාරිශූද්ධ දර්ශනය තුළට බුදුන් නොදෙසු දේ ඇතුළත්කර වැරදි ලෙස උගන්වන අයව හදුන්වන තවත් නමක් නම් වෛතුල්‍යවාදියාය. (නි)

:       0       0

අංජන Thursday, 27 December 2012 07:35 PM

වන්දනා කරන සෑම නඩේකටම සුමන සමන් දෙවි පිහිටයි! (නි)

:       0       0

මුතුකුඩ Thursday, 27 December 2012 07:55 PM

ඔව් චමල් ඒක ලෝකෙම දන්නා දයෙක්..!(නු)

:       0       0

දිනුක Thursday, 27 December 2012 07:58 PM

අපි හැමෝම අවංක විය යුතුයි.. ශ්‍රීපාදය වැන්දට වැඩක් නැහැ පිරිසිදු නැත්නම්..!(නු)

:       0       0

රසිකා Thursday, 27 December 2012 08:30 PM

සාදු සාදු..සාදු.. බුදු ගුණ අනන්තයි... අනන්ත වූ බුදුගුණ බලයෙන් සැමට සත්‍යය වැටහේවා..!(නු)

:       0       0

මුතුකුඩ Thursday, 27 December 2012 08:32 PM

ඔවි සමිපත් ඒකතමයි ඇත්ත(නු)

:       0       0

මංගල Thursday, 27 December 2012 01:17 PM

සිරිසමන් දෙවිදුන් මතු බුදුවේවා! (නි)

:       0       0

බිම්සර Thursday, 27 December 2012 01:25 PM

... තම්පාද ලාංඡන මහං සිරසා නමාමී. සාධු... සාධු... සාධු...! (නි)

:       0       0

නාලක Thursday, 27 December 2012 08:52 PM

බුදුවරයෙක් කියන්නේ ලෝක සත්‍යය අවබෝධ කරගත්ත මනස දියුණු කරගත් උත්තමයෙක්.. ඒ ගැන අනිත් අයටත් කියලා දුන්නා.. උන්වහනසේ කොතනකවත් කියලා නැහැ මේ ස්ථානවලට වදින්න කියලා.. මිනිසුන් ඒවා කරන්නේ උන්වහන්සේට කරන ගෞරවයක් විදියට..!(නු)

:       0       0

සරත් කුමාර Thursday, 27 December 2012 02:00 PM

සාදු.. සාදු.. සාදු..!(නු)

:       0       0

සිල්වා තබුක් Thursday, 27 December 2012 02:01 PM

සිය නද පැතිරූ ගුණ නැන සමිදු.. කරුණාවයි.. කරුණාවයි.. සමන් දෙවිදු කරුණාවයි..!

:       0       0

පෙරුමාල් Thursday, 27 December 2012 09:10 PM

ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීපාදයට නමස්කාර වේවා!!!(නු)

:       0       0

මධු; Thursday, 27 December 2012 02:09 PM

බුදු සසුණ බැබළේවා! (නි)

:       0       0

දිනෙල්කා Thursday, 27 December 2012 02:06 PM

සමන් දෙවිදු පිහිටයි! (නි)

:       0       0

චමල් Thursday, 27 December 2012 02:14 PM

මෙතන තියෙන්නේ ආදම්ගේ පාදය කියන්නේ ඇත්තද?(නු)

:       0       0

Dilan looshan Thursday, 27 December 2012 02:13 PM

සමන් දෙවි පිහිටයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site