අලකේශ්වරයාගේ හමුදා විසින් ආර්යචක්‍රවර්ති පරාජය කැරුණු ස්ථානය පිහිටි තැන සිරිකොත මන්දිරය ඉදිකිරීමට හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගත් තීරණය නිවැරැදි බව සිරිකොතට එල්ල කළ පරාජිත ප්‍රහාරයෙන් පෙනෙතියි රනිල් වික්‍රමසිංහ එජාප නායකවරයා කොළඹ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ප්‍රකාශ කෙළේය. සිරිකොතට ගැසූ බව කියන කළු ගලක් එම සාකච්ඡාවට රැගෙන ආ වික්‍රමසිංහ මහතා එය විද්‍යුත් මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකු ළඟට ගෙන ගොස් එම ගල ආයතනයේ ප්‍රධානියකුට දෙන්නැයි ඔහුගේ නම ද සඳහන් කර දෑත් එකතු කැර ඔහුට අචාර කෙළේය. නායක ඡන්දය දා තමා විනාශ කිරීමට ආ මැර බලවේග ආර්ය චක්‍රවර්තිගේ හමුදාවනට සමාන කළ වික්‍රමසිංහ මහතා එම පරසතුරු බලවේගවලට උදව්දුන් බවට මාධ්‍ය ආයතන කිහිපයක නම් ද ප්‍රසිද්ධියේ පැවැසීය. වන්දනා මාන කළ යුතු තැනක් වන සිරිකොතට ගැසූ අයට එරෙහිව දැඩි විනය ක්‍රියා මාර්ග ගන්න බවත් පකෂයේ ඉදිරිගමනට එකමුතුකමත් විනයත් ඇවැසි බව වික්‍රමසිංහ මහතා කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකා ඉතිහාසයත් දන්නවා.
හොදයි
ඔබ හරි හොම තමයි ඉන්න ඕන.
රනිල් මහත්තයාට ජය වේවා
අපිනම් ඊළග සැරෙත් ඡන්දෙ දෙන්නේ ආණ්ඩුවට
පක්ෂයට ඉදිරි ගමනක් නෑ.
අන්න එහෙම කෙලින් ක්‍රියාකරන්න. එවිටයි ඔබ තුලින් අපි අපේක්ෂා කරන නායකත්ව ගුණාංග මතුවන්නේ. ඔබට ජය.
ගහපු එක නම් වැරදි තමයි. නමුත් ඔබතුමා තව කෙනෙකුට අවස්ථාව දිය යුතුයි.
නායකතුමනි, කිසිම බුරුලක් දෙන්න එපා. ඔබතුමා සමග අපි ඉන්නවා.
හැමදාම විපක්ෂ නායක
විපක්ෂ නායක තුමනි ඔබ නිවැරදියි.
යමක් කළ හැකි එක්නෙකුට දී අයින් විය යුතුයි.
දොන් ජුවන් ධර්මපාල ද?
රනිල් මහත්තයාට ජය වේවා..
ඔබතුමා හරි. වැරදි කරන්නන්ට දඩුවම් දෙන්න පසුබට වෙන්න එපා.
ආණ්ඩුව ඔබතුමාලාව ආරක්ෂා කරනවා. කිසි දේකට බය වෙන්න එපා.
හැමදාම එහෙම කෙලින් තීරණ ගන්න. ඔබට සදා ජය.
රනිල් මහත්තයා එපා