IMG-LOGO

‘සියපත්විල‘ ගී සයුරකි

මහජන මිත්‍රශීලී හා අභිමානවත් පොලිස් සේවයක් උදෙසා රාජ්‍යාරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය පවත්වන ‘සියපත්විල‘ 20 වැනි වැඩසටහන පොලිසියේ දහසකට වැඩි පිරිසකගේ සහභාගීත්වයෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ නව රංග ශාලාවේදී පැවැත්විණි. අමාත්‍යංශයේ අතිරේක ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය පැවසූයේ පොලිස් ඇකඩමියෙන් පොලිසියට හොද පුහුණුවක් දෙන බවයි. උසස්වීම් හා පුරප්පාඩුද, දීමනා ද නිසි කලට සිදු කරන බවයි. කොළඹ සරසවියේ මහාචාර්ය කමල් වලේගොඩ ප්‍රධාන දේශනය පැවැත්වීය. පොලීසියේ රාජකාරියත් මාධ්‍යවේදීන්ගේ රාජකාරියත් සමග සමානකම් ඇතැයි ඔහු කීවේය. රහස් පොලිස් අධිකාරී රංජිත් අමරදේව මහතා හින්දියෙන් හා සිංහලෙන් ගැයූ ගීත බොහෝ දෙනාගේ ප්‍රසාදයට හේතු විය. තව තවත් ගීත ගයන්නැයි ඔහුට පැරත්ත කළහ. සංවේදී පුද්ගලයන් පොලිස් නිල ඇඳුමේ සිටින බව පොලිස් අධිකාරී අමරදේව හොද උදාහරණයකියි මහාචාර්ය වලේගොඩ කීවේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කිත්සිරි ජයලත්, නිරෝෂා ප්‍රියදර්ශනී පොලිස් කොස්තාපල්වරිය, කොස්තාපල් වසන්ත ප්‍රභාග් ගීතාරච්චි, පොලිස් පරීක්ෂක සිසිර, ඉරේෂා ලක්ෂානි කොස්තාපල්වරිය, උප පොලිස් පරීක්ෂක සිල්වා ද ගී ගැයූහ. සැරයන් හටන්ගල හිටිවන කවි කීවේය.



අදහස් (0)

‘සියපත්විල‘ ගී සයුරකි

අසංක Sunday, 18 November 2012 05:56 PM

හොද වැඩක්

:       0       0

රංග Sunday, 18 November 2012 08:35 PM

සන්තෝසයි

:       0       0

සිල්වා Sunday, 18 November 2012 01:22 PM

අපි ඔක්කොම රජවරු, ඔක්කොම පියවරු, තුන් සිංහලයම නෑදෑයෝ............. (ස)

:       0       0

හර්ෂ Sunday, 18 November 2012 02:26 PM

ඇති විශිෂ්ටයි

:       0       0

චන්ද්‍රසිරි Sunday, 18 November 2012 03:06 PM

රාළහාමි මං පොලිසියේ රාළහාමි මං (ස)

:       0       0

ලලිත් Sunday, 18 November 2012 03:58 PM

හොඳ වැඩක් .ලංකාවේ අමාරුම රස්සාව කරන ‍ඔයාලටත් විවේකයක් තියෙන්න එපැයි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 470 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 635 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 259 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site