IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සය සාමාජික කි‍්‍රකට් ශූරතාව ශා. පීතර විදුහලට

බලපිටිය රේවත විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය විසින් ප‍්‍රථම වරට සංවිධානය කරනු ලැබූ ආරාධිත පාසල් සය සමාජික කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ශානත පීතර විද්‍යාලය සමත් විය. අවසන් මහා තරගයේදී කරන්දෙණිය මහ විදුහල පරදා ශාන්ත පීතර විද්‍යාලය ලකුණු 55ක විශිෂ්ට ජයක් ලබා ගත්තේය. මෙම තරගාවලිය පසුගිය සති අන්තයේදී බලපිටිය ගුරු විදුහල් පිටියේදී පැවැත්විණ. තරගාවලිය සඳහා කණ්ඩායම් 24ක් සහභාගි වූහ. තරගාවලියේ ශූරතාව හිමි කරගත් ශාන්ත පීතර විද්‍යාල කණ්ඩායමට රුපියල් 50,000ක මුදල් ත්‍යාගයක් පිරිනමන ලද අතර අනු ශූරතාව හිමි කරගත් කරන්දෙණිය විදුහල් කණ්ඩායමට රුපියල් 30,000ක මුදල් ත්‍යාගයක්ද ප‍්‍රදානය කෙරිණ. අම්බලන්ගොඩ ශී‍්‍ර දේවානන්ද විද්‍යාලයේ ඉමේෂ් උදයංග තරගාවලියේ දක්‍ෂතම පිතිකරුවා ලෙස සම්මාන දිනා ගත් අතර ශාන්ත පීතර විද්‍යාලයේ දුෂාන් හේමන්ත සහ කරන්දෙණිය විද්‍යාලයේ නදුන් තරංග දක්‍ෂතම පන්දු යවන්නා සහ දක්‍ෂතම පන්දු රකින්නා ලෙස සම්මාන දිනාගත්හ. කරන්දෙණිය විද්‍යාලයේ පී. තනූජ් තරගාවලියේ වීරයාට හිමි සම්මානය හිමි කර ගත්තේය. අවසන් පූර්ව වටයේදී ශාන්ත පීතර විද්‍යාලය (5/70) විසින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයද (3/61) කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය (1/30) විසින් පානදුර රාජකීය විද්‍යාලයද (26) පරාජය කරන ලදි. අවසන් තරගගේ ලකුණු විස්තරය සැකෙවින් පීතර විද්‍යාලය  ඕවර 5කදී කඩුලූ 2ක් දැවී ලකුණු 107  (ජනිත් ලියනගේ 24, ලහිරු මිලන්ත නොදැවී 38) කරන්දෙණිය මහා විදුහල  ඕවර 5කදී කඩුලූ 4ක් දැවී ලකුණු 52 (යොහාන් චානුක 23) ශානත පීතර විද්‍යාලය කරන්දෙණිය මහ විදුහල



අදහස් (0)

සය සාමාජික කි‍්‍රකට් ශූරතාව ශා. පීතර විදුහලට

ලක්මාල් Wednesday, 28 November 2012 05:29 PM

සුභපැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site