පාරිභෝගික භාණ්ඩවලට හලාල් සහතිකය ගැනීමේදී ව්‍යාපාරිකයනට අනවශ්‍ය බරක් දැරීමට සිදුවෙතියි භික්ෂූන්වහන්සේ සිය නමක් ඇඹිලිපිය නගරයේදී උද්ඝෝෂණයක් කළහ.
ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති වේවැල්දූවේ ඥානප්‍රභා හිමියෝ ද, ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභික හිමියෝ ද ඊට එක් වූහ. ඇඹිලිපිටිය කාවන්තිස්ස රජමහා විහාරයේ සිට භික්ෂූන් වහන්සේ ඇඹිලිපිටි නගරයේ බෝමළු විහාරයට පැමිණ රැස්වීමක් ද පැවැත්වූහ.
මෙම විරෝධය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය නගර සභාවේ සන්ධාන මන්ත්‍රී විජිත පුංචිහේවා සහ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ලසන්ත සිරිපුර මහත්වරු පැවසුවේ ජාතිවාදය හා ආගම්වාදය නොඇවිලවිය යුතු බවයි.භික්ෂූන් ගත් ක්‍රියාමාර්ගය අනුමත නොකර බව ද ඔවුහු කීහ.
නගරයේ වෙළෙඳහල් හිමියෝ මේ උද්ඝෝෂණයට එක් නොවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමය අගයන ජනතා ප්‍රතිචාර වලට මගේ ප්‍රණාමය! (නි)
මේවායින් වෙන්නේජාතිවාදය නැවතත් ඉස්මතුවීම පමණයි. (නි)
අපේ හාමුදුරුවන්ට ජනතාව වෙනුවෙන් මීටවැඩිය යමක් කරන්න පුලුවන්. (නි)
මේක නම් තමන්ගේ සීමාව ඉක්මවායාමක් විදියටයි මම නම් දකින්නේ. (නි)
ලංකාවේ නමට විතරනේ ඉතින් සිංහලයන් සහ බෞද්ධයන් ඉන්නේ. (නි)
මම මුස්ලිම් , එහෙත් මම බුද්ධාගමට ගොඩක් ගරු කරපු කෙනෙක්. එහෙත් මෑතක ඉදො බෞද්ධයන් ඉස්ලාම් විරෝධී සහ ජාති වාදය වපුරන ආකාරය දැකලා බුද්ධාගම පිළිබදව දැන්නම් කිසිම ගරුත්වයක් දක්වන්න හිතෙන්නේ නැහැ. ලෝකේ නපුරුම මිනිසුන් ඉන්නේ බුද්ධාගමේ කියලයි මට හිතෙන්නේ. (නි)
ඔබවහන්සේලාට මාගේ ප්‍රණාමය..!(නු)
ආගමකට විරුද්ධ උද්ඝෝෂණයක් නොවේ. තමුන්ට අදාළ නොමැති එනමුත් තම පිට බලෙන් පැටවූ වෙනත් ආගමක අවශ්‍යතාවයකට එරෙහිවයි උන්වහන්සේලා සාධාරන විරුද්ධත්වය ප්‍රකාශ කරන්නේ. සිංහල බෞද්ධයා තමාගේ ආරක්ෂාවට කරන දේත් ජාතිවාදී ලෙස දකින ඊනියා දේශප්‍රේමියෝ ටිකක් එදත් හිටියා, අදත් ඉන්නවා (නි)
හලාල් සහතිකය ගන්න ඕනෙමද?(නු)
මුලු රටම මුස්ලිම් වෙලා සිංහලයින්ව නැති වුණහම හැමෝටම මේවායේ ආදීනව තේරෙයි. (නි)
ජය වේවා..! ඔබවහන්සේලාට දිරිය ශක්තිය තව තවත් ලැබේවා.!(නු)
අනේ හාමුදුරුවනේ හලාල්ද දැං තියෙන ලොකුම ප්‍රශ්ණය... රට පුරා තියෙන සුරා සැල් සහ අනෙකුත් අපචාර ගැන ඇයි නිහඩ..!(නු)
ජය වේවා..!(නු)
අපි ඔබවහන්සේලා සමගයි..!(නු)
ඔබට අපගේ ප්‍රණාමය! (නි)
ව්‍යාපාරිකයන්ට පාඩු වෙනවානම් ඒ අය හලාල් සහතිකය ගන්නෙ නැතිව ඉන්නෙ නැහැ..!(නු)
හලාල් මොකටද?(නු)
මොකක්ද මේ හැම මිනිස්සුන්ටම හලල් කවන්නේ? ප්‍රංශයේ නම් කඩවල්වල වෙනම හලල් කැම තියේනවා ඒවා ටිකකක් ගනන් ලංකාවේත් ඒවගේ කරන්න.(නු)
ආයෙත් රට අවුලන්න නම් එපා. (නි)
මොනවා කළත්, ආයෙත් රට අවුලුවන්න නම් එපා. (නි)
තව කාන්තාවන් යවමු..වහල් සේවයට..!(නු)
බෞද්ධයන් උද්ඝෝෂණය කළොත් ජාතිවාදය. අනික් අය කළොත් ජාතියට ඇති ආදරය. (නි)
අල්ලා දෙවියන් වහන්සේ විසින් මෙම භික්ෂූන් වහන්සේලාටද යම් හොද මාර්ගයක් පෙන්වනු ඇත. (නි)
මෙයාලට මොකද වෙලා තියෙන්නෙ...!(නු)
මේ වගේ දේවල් වලට විසදුම් නැහැ. (නි)
වියදම් දරන්න බැරිනම් හලාල් සහතිකය ලබා ගන්න එපා..!(නු)
හමුදුරුවනේ, සිහලුන් මර නින්දේ. ඉදීරි අනාගතයේදී ලංකාවට වෙන්නේ මොකක්ද කියලා කිසිම අවබෝදයක් නැහැ. මර නින්දේන් නැගිටින්නේ බංගලිදේශයේ වගේ සිංහලුන්ට ගහාලා පන්නනකොට තමයි. ඉදිරියට යන්න හාමුදුරුවනේ. මේ මෝඩ රැල නැගිට්ටවන්න. ඔබලාට පින්. (නි)
අපි නම් ඕවට නැහැ..!(නු)
හාමුදුරුවරු නොවෙයි නේද මේ වැඩි වියදම් දරන්නේ? වෙළඳ ව්‍යාපාරිකයන්ටවත් නැති කලබලයක් ඇයි ඔබවහන්සේලාට? (නි)
අනවශ්‍ය බරක් නම් නොගෙන ඉන්න එකනේ තියෙන්නේ. හාමුදුරුගොල්ලෝ ව්‍යාපාරිකයින්ට ආර්ථික විද්‍යාව උගන්නන්න හදනවද? බොරු ප්‍රශ්නයක්නේ මේක. (නි)
හලාල් දෙන්නම ඕනෑ නම් මැදපෙරදිගෙන් යැපෙන අයට නිෂ්පාදන සල්ලි නොගෙන පරික්ෂාකර දෙන්න පුලුවන්නේ. (නි)
අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් ඔබවහන්සේලාට පෙරට එන්න කිවුවොත් එසේ කරනවාද? (නි)
සියලු දෙනා හලාල් වර්ජනය කළ යුතුයි. ආගමික නියායන් පොදු පාරිභෝගික දේ වල ප්‍රමිතිය මැනීමට යෙදීම අනුවණ ක්‍රියාවක්. ආහාර පාන වල ප්‍රමිතීන් මැනීමට විද්‍යානුකූල ජාත්‍යන්තර ක්‍රම හොදටම ප්‍රමාණවත්. ඉස්ලාම් නීතිරීති සමාජයට එක්කිරීමෙන් යහපත් ප්‍රතිපල බලාපොරොත්තු වෙන්න බැහැ. හොදම උදාහරණය සෞදි අරාබිය. ඩුබායි වගේ මුස්ලිම් රටවල් අද දියුණු හා උසස් සමාජීය තත්වයට ඇවිත් තියෙන්නේ ඔවුන් මුස්ලිම් අන්තවාදීන් නොවෙන නිසා. ඔය කියන හලාල් ලේබලය ඩුබායි වගේ මුස්ලිම් රටවල ඇත්තේ ලේ ඉවත් වෙන්න බෙල්ල කපලා මරණ සතුන් ගේ මස් වලට පමණයි. ඒ බෙල්ල කපා සම්පුර්ණව ලේ අල්ලා වෙනුවෙන් ඉවත්වුණා කියලා තහවුරු වෙන්න. ඒ හෙයින් හලාල් (කැප) යන්න "ශුද්ධ වූ මස්" අර්ථයෙනුයි "කැප /පරිභෝජනයට සුදුසුයි" යොදන්නේ. (නි)
ඇයි වෙළඳුන් උද්ඝෝෂණය නොකර භික්ෂුන් කරන්නේ? වියදම වැඩිනම් එය වෙළදුන්ගේ ප්‍රශ්නයක්. ඇයි භික්ෂුන් මැදිහත් වෙන්නේ? (නි)
කවුද කිවුවේ දැන් හලාල් ගන්න කියලා සිංහලයන්ට? කවුරුත් බලකරන්නෙ නැහැ කාටවත්. (නි)
කාටවත් බැහැ හලාල් නිෂ්පාදන නැතිකරන්න. (නි)
ඇයි ලංකාවට හලාල්? (නි)
හලාල් ලාංඡනය තිබෙදැයි බලන්නෙ විශේශයෙන් මස් වර්ග සදහා. මෙය කාටත් හොදයි.(නු)
මේ ලංකාවේ කුඩු, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මිනීමැරුම්.... ආදිය කොච්චර තියාගෙනද මේ අනවශ්‍ය දේකට මෙච්චර කෑගහන්නේ? (නි)
ඔබ වහන්සේලාට කරන්න ඕන දේවල් තව බොහොමයක් තියෙනවා..!(නු)
හලාල් පැත්තකින් තියලා රට දියුණු කරන්න බලන්න. (නි)
දැන්වත් තේරෙනවද? (නි)
හලාල් කියන්නේ මෙන එකක්ද කියලා ඉස්සරවෙලා දැනුවත් වෙන්න..!(නු)
හලාල් කන්න ඕන්නම් මුස්ලිම් ප්‍රදේශවල ඒකට වෙනම කඩ දාගත්තනම් ඉවරයිනේ. එහෙම නැත්තම් මුස්ලිම් පල්ලිවලම හලාල් කඩ තිබුනනම් ඉවරයි. ඇයි මේ මුළුරටට ම හලාල් කවන්න හදන්නේ. නිවට නියාලු සිංහල ඇතැම් පාලකයන් මේවාට වගයන්න ඕන. (අ)
මෙතන තියන ප්‍රශ්නෙ හලාල් සහතිකෙ මුවාවෙන් එකතු කරන සල්ලි (රුපියල් 175,000ක් වාර්ශිකව)මුස්ලිම ආගම වයාප්ත කරන්න වියදම් කරන එකයි. ඇයි සිංහල අපි මුස්ලිම ආගම ප්‍රචාරය කරන්න සල්ලි වියදම් කරන්නෙ? හලාල් ඔනෙ අයට එක වැඩි වියදමක් ගෙවල ගත්ට අපිට ප්‍රශ්නයක් නෑ. (අ)
හලාල් සහතිකය නැතිනම් මොකද වෙන්නෙ..,!(නු)
අනේ සහෝදරවරුණි,.... (නි)
බුදුරජාණන් වහන්සේ කිවුවේ මේවද? උන්වහන්සේ කිවුවේ සැමට සාමය පතුරවන්න කියලා. ඒත් දැන් කරන්නේ මොනවද? (නි)
හාමුදුරුවන් මිනිසුන් මෙලෙස දැනුවත් කිරීම පිළිබදව මාගේ ප්‍රණාමය! (නි)
හලාල් සහතිකය අවශ්‍ය මුස්ලිම්වරුන්ට මිස සිංහලයන්ට නොවේ. (නි)
ඇයි හලාල් නැතුව එයාලට කන්න බැරිද? (නි)
ඇයි හලාල් අපි කන්නෙ..?(නු)
හලාල් සහතිකය සඳහා ගෙවන මුදලෙන් කරන දේවල් හොයලා බලන්න, ඒ වගෙම එයාලගෙ කොන්දේසි මොනවද කියල හොයල බලන්න. කන එකටත් ආගම ඕනද?භාණ්ඩයේ තත්වයයි හොඳ වෙන්න ඕනෙ. හලාල් නෙවෙයි අයි.එස්.ඕ සහතිකය තමයි තියෙන්න ඕන.අපි ගන්නෙ අයි.එස්.ඕ.(නු)
අනේ අනේ... මට කියන්න අද ලංකාවෙ මුස්ලිම් බාර් තියෙනවද? උකස් බඩු කඩ තියෙනවද? ගණිකා මඩම් තියෙනවද? (නි)
දැනගැනීමට වෙබ් අඩවියට පිවිසෙන්න. WWW.yayuthumaga.com (නි)
පාලිත ඔබ හරි අපට මොකටද හලාල්(නු)
ඔබ වහන්සේලා සමග අපිත් ඉන්නවා.,!(නු)
හලාල් සහතිකය විශේෂයෙන්ම අවශ්‍ය වන්නේ මාංශ වෙළදාමටනේ. ඇයි මේ වෙළෙන්දන් කරබාගෙන ඉන්නේ? (නි)
අපේ හාමුදුරුවරුත් ඉදලා හිටලා හරි මොකක්හරි මේ වගේ දෙයක් කරනවා. (නි)
එකකොට අයි.එස්.ඕ. සහතිකය..!(නු)
චතුර, ඔයාට ඔයාගෙ ආගම ව්‍යාප්ත කරන්න ඕනෑ නම් වැඩිපුර ළමයි හදන්න. (නි)
වැරදි විදිහට ජිවත් වෙන්න එපා (දී)
අල්ලාහ් දෙවියන්ට කැප කළ ආහාර අපේ බුදුන්ට දෙන්නේ කොහොමද? ඇයි අපි ඒවාට වැඩිපුර ගෙවන්නේ?. පන්සලට ගිහින් පෝයට රුපියල් 5යි කැටේට දාන්නේ. ඒත් බලනකොට බර ගානක් දෙනවනේ අපි මුස්ලිම් පල්ලියට. (නි)
හලාල් යනු අනුමත...මෙහි විරුද්ධ පදය හරාම්....යනු තහනම් .,,යන තේරුම් දෙයි .මෙය ආහාර සඳහා පමණක් නොවේ. උදා ,,විවාහක බිරිඳ හලාල්. අනියම් බිරිඳ හරාම් .දැන් පැහැදිලිද .(නු)
ලංකාවෙ මිනිස්සු කිසිම දෙයක් හොයන්නෙ නැතැව ඔහේ කියවනො. ඒවත් තමන්ගෙ ජාතිය ගැන පොඩ්ඩක්වත් හිතන්නෙ නැතිව. සිංහලයට අන්තිමට මොකද වෙන්නෙ කියා හිතන්න තරම් මොලයක් නැහැ. දේශපාළුවො කෑගහන්නෙ මුස්ලිම් අයට පාඩුවක් වෙනකොට විතරයි. සිංහලයට වෙනකොට මොකාවත් නැහැ. ඒ වෙනුවෙන් හාමුදුරුවො විතරයි කතා කළේ. සිංහල අපි ගැනම ලැජ්ජා හිතෙනව අපේ අයගෙ මේ අදහස් ඇහුවහම. අපි මහ අමු මෝඩ ජාතියක් කියලා අනිත් පැත්තෙනුත් අපිට හිනාවෙනවා ඇති. යථාර්තය තේරුම්ගත් ටිකක් දුර පෙනෙන අය 5% ක් විතර තමා ඉන්නෙ චතුර වගේ. 90% කට වඩා කියවනවා විතරයි. කියන්නෙ මොනවද කියලා දන්නෙ නැහැ. (නි)
අපි වෙනුවෙන් අපි (දී)
හලාල් ලාංඡනය ඇති කෑම මිළදී ගැනීමෙන් වළකිමු. (නි)
රිෆායි, ඔබ නිවැරදියි. (නි)
ඇයි හලාල් වලට ඔය තරමටම බය? (නි)
හලාල් භාණ්ඩ කැමති නම් ගන්න, නැත්නම් නිකන් ඉන්න. (නි)
ව්‍යාපාරික ක්‍රමයක් (දී)
ඉස්ලාම් ධර්මය තුළ පවතින මෙවැනි දේ අද ලෝකයට රටට ප්‍රසිද්ධ කරවීම මිළ මුදල් දීලාවත් මාධ්‍යයන් තුළින් කරගන්නට පුලුවන් දෙයක් නොවේ. එවැනි වැදගත් මානුෂීය අයිතිවාසිකමක් රටට සමාජයට හදුන්වා දීමට ඉදිරිපත්වීම සම්බන්ධව සංඝයා වහන්සේලාට අපේ ප්‍රණාමය! (නි)
මම නම් හරි ආසයි ඌරු මස් කන්න. (නි)
මේ දේ මට තාම නිරවුල් නැහැනේ..?(නු)
අපිට හලාල් එපා. අපි විරුද්ධයි මුස්ලිම් අයගේ හලාල් සහතිකය අපි ගන්න භාණ්ඩ වලට දානවට. හලාල් නැති භාණ්ඩ ගමයි ගන්න ඕනෑ. (නි)
රිෆාසි, මෙතන තියෙන ප්‍රශ්නය දැන් මුලු රටේම ජනතාව කන්න ඕනෑ ඔයාලගෙ ආගම අනුමත කරපුවද කියන එකයි. ඒක අනුමත කරගන්න අපි සල්ලිගෙවන්නත් ඕනෑ. මේ කොහේ තියන නීතියද්ද? මොනවද මේ වෙන්නෙ. ලංකාව කියන්නෙ මුස්ලිම් රටක්ද? අරාබියෙ වගේ තව ටික දවසක් ගියාම කියාවි වෙනත් ආගම් ඇදහීම තහනම් කියලා. මුස්ලිම් අය ඉන්න නිසා පාර්ලිමේතුවට ඌරුමස් ගෙනයාමත් තහනම්. හෙට අනිද්දා මුලු රටේමත් ඌරු මස් තහනම්. (නි)
කිසිම ආගමක් වැරදි නැහැ (දී)
යම් පිරිසකට හලාල් අවශ්‍ය යැයි හඩ නගා ඉල්ලිය හැකි නම් හලාල් අවශ්‍ය නොවන පිරිසට එය ප්‍රතික්ශේප කිරීමේ සාධාරණ අයිතියක් තිබිය යුතුය. එමෙන්ම හලාල් නිසා අන් ජාතින්ට කිසිදු සෙතක් අත් නොවේ. ඒ සියල්ල බර වන්නේ ඉස්ලාම් ආගමේ ප්‍රවර්ධනය සඳහා පමණි. ඒ මුදලින් කිතුනු පල්ලියකටවත්,හින්දු කෝවිලකටවත් බෞද්ධ පන්සලකටවත් සත පහක ආධාරයක් නොලැබේ. රටේ සමස්ත ජනගහනය එකතු වී ඉස්ලාමය පෝෂණය කරනුයේ මන්ද? (නි)
අපිට හලාල් අවස්‍ය නැත්නම් නොකා ඉමු.අපි මොනවාටද සටන් පාඨ කියන්නේ? (නි)
මම කන්නේ ඌරු මස් විතරයි. (නි)
මෙතනින් වෙන අසාධාරණය සිංහල ව්‍යාපාරිකයෝ තේරුම් ගන්න ඕනෑ. හලාල් අනුමත භාණ්ඩ වල නිෂ්පාදන ක්‍රියාවලිය පූර්ණ වශයෙන් ඔවුන්ට ඉදිරිපත් කළ යුතුයි. එවිටයි ඔවුන් සහතිකය ලබා දෙන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? ජාතිය සතු නිෂ්පාදන රහස් අමු අමුවේ වෙන අයගේ අතට පත්වීමයි. මේ අය ඒක බලාගෙන එතනින් නවතින්නේ නැහැ. සල්ලි යොදවලා ඒ රෙසිපි එකට එයාලගේ නම් වලින් භාණ්ඩ නිෂ්පාදය කරනවා. ඒ කරලා මුස්ලිම් වෙළඳසැල් වල සිංහල ව්‍යාපාරිකයන්ගේ භාණ්ඩ විකිණීම නවත්වලා එයාලා නිෂ්පාදනය කරපු භාණ්ඩ අලෙවියට තියෙනවා. එතකොට මොකද වෙන්නේ.. 1.අපි වැඩිපුර සල්ලි ගෙවනවා 2.පාරිභොගිකයා මත අනවශ්‍ය පිරිවැයක් පැටවෙනවා. 3.අපේ නිෂ්පාදන රහස් වෙනත් පිරිසකගේ අතට පත්වෙනවා. 4.ඔවුන් එවැනිම භාණ්ඩයක් නිෂ්පාදනය කර වෙළඳපොලට එවනවා. 5.සිංහල ව්‍යාපාරික භාණ්ඩ මුස්ලිම් කඩවලින් නෙරපනවා. අපේ අයට වෙන්නේ ඇටි කෙහෙල් කාපු උගුඩුවෝ වගේ නියව නියව ඉන්න. (නි)
මුස්ලිම් නොවන අයට පැහැදිලිවම කිවුවොත් ,හලාල් ආහාර මුස්ලිම් අය හොයන්නේ එම ආහාර වල හලාල් නොවන ගව මස් හෝ ඌරු මස් වල කොටස් අඩංගු වේ ද නොවේද යනබවට ලබාගන්නා සහතිකයකින්. සාමාන්‍ය මිනිසුන්ට ඒ පිළිබදව සොයන්න බැරි නිසා ඒකට කමිටුවක් පත් කරගෙන තියෙනවා, ගවමස් කන්න එපා කියල කෑගහන අයත් හලාල්ම කෑවොත් තමයි හොද. (නි)
මැදපෙරදිග මුස්ලිම් කාන්තාවන් කිසිම බයක් නැතිව හොර මිනිසූන් සමග යනවා මුහුණ වසාගෙන. කෙල්ලොත් කොල්ලෝ සමග යන්නේ මේ විදියටයි. මේවාටද හලාල් කියන්නේ? බොරු සෝබන. මුස්ලිම්වරුන්ගේ ඔක්කෝම වැඩ හැංගිමුත්තන්ද? (නි)
මේක මෙතරම් විශාල ප්‍රශ්නයක්ද? (නි)
ආගම අන් යට ආදර්ශයක් විය යුතුයි (දී)
මොහොමඩ් නිකන් බබෙක් වෙන්න හදන්න එපා. හලාල් කරන්න අය කරන මුදලෙන් අඩක් මුස්ලිම් පල්ලිය විසින් මුස්ලිම් ජනයාට දෙන්නේ තවත් දරුවන් 5ක් බිහි කිරීමටයි. ඔබ ඔබේ පල්ලියට කෙළින්ම ඒකට ආධාර දුන්නට කමක් නැහැ.ඒක ඔබේ කැමැත්ත. ඒ වණත් සිංහල මිනිස්සු මේ රටේ අනාගත මුස්ලිම් ජනගහනය වැඩි කරගෙන තමන්ගේ මිනීවල තමන් විසින්ම සාරා ගැනීමට හලාල් භාණ්ඩ මිළදී ගත යුත්තේ මන්ද යන්න පැහැදිලි කරනවද ? (නි)
ලංකාවේ සමහරක් අය භය වෙලා තියෙන්නේ හලාල් කියන වචනයට. මොකද මේක අරාබි වචනයක් නිසා. නමුත් මේකම ඉංග්‍රීසි වචනයක් වුණොත් ඉහටත් උඩින් පිළිගනීවී. මොකද ලංකාවේ ගොඩක් ඉන්නේ කළු සුද්දෝ නිසා. හලාල් සහතිකය දෙන්නේ තත්වයෙන් හොද භාණ්ඩවලට පමණයි. ඒ නිසා මේක මුස්ලිම්වරුන්ට පමණක් නෙමෙයි ලංකාවේ ඔක්කොටම හොදයි. අනිත් එක මේ සහතිකය ගන්න කියලා කාටවත් බල කිරීමක් කරන්නේ නැහැ. නමුත් දැනට වැඩි හරියක්ම මේ සහතිකය අරන් තියෙන්නේ සිංහල වෙළදුන්මයි. මොකද මොවුන් දන්නවා මේ සහතිකය ලෝකයා ඉස්සරහ කොච්චර වටිනවද කියලා? (නි)
අපිට එක ආගමකට හරි කියන්න බැහැ. කොහොම උනත් මොන ආගමෙන් උනත් වැරදි වැඩක් කරනවානම් ඒක වැරදි (දී)
හාමුදුරුවරුන්ටත් දානේ දෙද්දී හලාල් කරලා දුන්නොත් මොකද? මම මේ කිවුවේ අදහසක් විතරයි. (නි)
අපිටනම් පැත්තක් ගන්න බැහැ (දී)
මටනම් මේවාට උත්තර දෙන්න තේරෙන්නෙ නැහැ (දී)
හලාල් අපිට එපා. අපි සිංහලකමට මුල්තැන දෙමු. (නි)
ලුම්බිණිගේ අදහස් එයාගේ නමටත් කැළලක්. (නි)
හලාල් සළකුණින් ඌරුමස් තිබුණොත් ඔයාලා නොකා ඉන්නවද? (නි)
දෙසැම්බර් 19 දින ලංකාදීප පත්‍රයේ පළවු ලිපිය කියැවීමෙන් ඔබගේ ප්‍රශ්න රැසකට පිළිතුරු ලැබෙනු ඇත. (නි)
මමත් සිංහලයෙක් තමයි. හැබැයි කියන්න කණගාටුයි, සිංහලයින්ගෙන් 95%ක්ම මෝඩයි. (නි)
නබීල්, මේක ප්‍රශ්නයක් වෙන්නේ මේ උපක්‍රම වලින් ඔයාලා අපේ රටේ බලයක් ලබාගත්ත දවසටයි. (නි)
සිංහලකමට මුල්තැන දෙන්න නම් මුලින්ම කළයුත්තේ අරක්කු, ගණිකා මඩම් නැතිකරන එකයි. (නි)
සිංහල කෙල්ලන් හලාල්-හරාම් ගැන දන්නවා නම් තමන්ගෙ ස්වාමි පුරුෂයින්ට ද්‍රෝහී වෙන්නෙ නැහැ. පළමුව මෙම වචන දෙකේ වෙනස වටහාගන්න. (නි)
දේශික, වෙළෙදුන්ට මේක ගැටළුවක් නැහැ.. මොකද ඒගොල්ල මේකෙ බර දාන්නෙත් පාරිභෝගිකයාටයි.. බදු වැඩිකලා කියලා වෙළෙන්දන් කෑගහනවාද කවදාවත්.. එයාලා ඒක ලස්සනට අපිටම දානවා බිලට.. ඒනිසා මේ කෑගහන්නේ බහුතර ජනතාව වෙනුවෙන්.. ඒක මතක තියාගන්න..!(නු)
ඉරිසියාව ඉරිසියාව ... (නි)
ඇයි හත්වලාමේ ඔච්චර බය වෙන්නේ හලාල් වලට? (නි)
මොහොමඩ්, ඒකත් ඇත්ත. ඉන්දියාවෙන් පකිස්තානෙන් කුඩු ගෙන්නන ඔය එක එක රෙදි ව්‍යාපාරිකයන්ව ඉස්සෙල්ලාම අල්ලන්න ඕනෑ. (නි)
ලෝක වෙළද පොළේ අයි.එස්.ඕ. වගේ පිළිගත් සහතිකයක්, හලාල් සහතිකය. එය නොගන්නා ආයතන ඕනෑතරම් ලෝකේ තිබෙනවා. ඒ කවුරුත් මෝඩ අපි වගේ පෙළපාලි යනවාද? වැරදි තේරුම අවබෝධ කරගෙන අපි නොමිලේ ඉස්ලාම් ආගමට ප්‍රචාරයක් ලබාදීමයි මෙයින් සිදුවන්නේ. හලාල් කියන්නේ පිරිසිදුවටයි. හරාමි කියන්නේ අපිරිසිදුවටයි. අපිට හලාල් එපා නම් ඉස්ලාම් ධර්මය අනුව අපිරිසිදු දේ කමු. හලාල් සහතික සම්බන්ධව රු-175000 ක් දීපු අයගේ රිසිට් පතක් පළ කරන්න. එයට රු-1000 ක් වැනි සුලු මුදලකුයි ගන්නේ. (නි)
මෙයාලගේ දෙවියෙක් කළ වරදට අහක ඉන්න මිනිස්සු නිකන් බොරුවට වන්දි ගෙවනවා. (නි)
අපි මිළදී ගන්නා භාණ්ඩ වලට මොකටද මුස්ලිම් පල්ලියේ සහතිකයක්? ඒවට තමයි රටේ ආණ්ඩුවක් පත්කරගෙන තියෙන්නේ. මුස්ලිම් අයට වෙනම නීතියක් අනෙක් අයට තවත් නීතියක්. එහෙම එකක් නැහැ. රටේ එක නීතියයි තියෙන්නේ. මුස්ලිම් රටවල ඔය කියන නිදහස අනෙත් ජාතීන්ට දෙනවද? අරාබියේ වෙසක් කාලෙට වෙසක් කාඩ් එකක්වත් යවන්න බැහැ. බුදු පිළිමයක් තියාගන්න බැහැ. සමහරක් සිංහල දේශපාලකයන් මේවාට වගකිවයුතුයි. සිංහලයා එක්සත් වුණොත් රට බේරාගන්න පුලුවන්. දැන්වත් එකාවන්ව හිතමු. (නි)
9% මෙහෙම නම් තව ඉස්සරහට කොහොම හිටියිද? සුද්දාගෙන් මේ රට ලැබුණු දා ඉදලාම සිංහලයව කොල්ලකනවා. මේක සිංහලයාගේ රට. මුස්ලිම් ක්‍රමවේද අවශ්‍ය නැහැ. වෙන රටවල දකින දකින තැන්වල තම රටේ නම යොදන්න දෙන්නේ නැහැ. පාලකයෝ නිදිද? (නි)
http://www.halaal.acju.net/content/halaal-article-acju-lankadeepa-19122012 (නි)
වෙන රටවල නම් හලාල් කෑම විකුණන්නේ වෙන වෙනම. ලංකාවට විතරක් මොකෝ මේ අලුත් නීතියක්? (නි)
මධූ, ඉස්සෙල්ලාම කියන්න ඔයා ඉන්නෙ මොන රටේද කියලා. මැදපෙරදිග ඇති ඕනෑම භාණ්ඩයක හලාල් ලාංඡනය තිබෙනවා. (නි)
හාමුදුරුවරුන්ට ඉතින් කොහොමත් හලාල් අවශ්‍ය වෙන්නෙ නැහැනේ. (නි)
බෞද්ධයින් ආගම්වාදීන් කියන අය සහ ඇස් කන් පියාගෙන සිටිනා දේශපාලුවන් මේ ගැන කියන්නේ කුමක්ද? (නි)
මේක ලංකාවේ තමයි බලෙන් ගන්න කියන්නේ. ඩුබායිවල මුස්ලිම් කට්ටිය හලාල් බලලා බඩු ගන්නෙ නැහැ. එම නිසා තමයි ඒ අරාබි රට තවමත් දියුණුවී තිබෙන්නේ. (නි)
සමරසේකර, කිසියම් පල්ලියක් විසින් දරුවන් පහක් හැදීමට මුදල් දුන්බව ඔබට ඔප්පු කිරීමට හැකිද? (නි)
හලාල් වර්ජනය කරන්න පළමුව අපේ රටේ කාන්තාවන් මුස්ලිම් රටවල වහල් සේවයට යන එක නතරකළොත් නේද හොද? (නි)
සමරසේකර, නිකන් නැති ප්‍රශ්න ඇතිකරන්න හදන්න එපා. (නි)
හලාල් යන්නෙහි තේරුම “අනුමත“ යන්නයි. (නි)
බුදුරජාණන් වහන්සේ පවසා ඇත්තේ අරගල කිරීමට නොව අනෙකාට මෛත්‍රී කිරීමටයි. (නි)
සමරසේකර, අපි සල්ලි බලාගෙන ළමයි හදන්නෙ නැහැ. (නි)
කවුද මේවාට අනුමැතිය දුන්නේ? (නි)
මොහොමඩ්, මේවා කලු සුද්දන්වත්, සුදු සුද්දන්වත් කන්නෙ නැහැ. (නි)
හලාල් කියන්නේ අපේ ජීවන රටාව පවු වලින් තොරව යහපත්ව පවත්වාගෙන යාම සදහා අපි භාවිතා කරන වචනයක්. (නි)
සිංහල අපිට හලාල් කවන්න කාටවත් හම්බවෙන්නෙ නැහැ. (නි)
සිංහලයන්ට හලාල් අවශ්‍ය වන්නේ නැහැ. ඉතින් ඇයි එහෙමනම් වැඩිපුර ගෙවන්නේ? (නි)
හලාල් දෙන්න හදන්නේ බලෙන් කියලා කියනවා නම්, ඒක අමූලික බොරුවක්. (නි)
මේකට හේතුව ලංකාවේ තියෙනෙ ලොකුම සුපිරි වෙළඳසැල් මුස්ලිම් වීම. ඔවුන් තමයි නිශ්පාදකයින්ට බලකරන්නෙ හලාල් ලබා ගැනීමට. මේවාට ආදේශක වශයෙන් මහා පරිමාණ සිංහල සුපිරි වෙළඳසැල් ඇරඹීමට වගකිවයුතු අංශ පියවර ගත යුතුයි. (නි)
පිටරට විතරක් නොවෙයි ලංකාවත් ඵසේමයි. කාටත් බලකිරීමක් නැත. හලාල් ලාංඡන අලවන්නේ සිංහල අපිට නොවෙයි. තම්බිලාටයි. ඇයි අපි කලබල වෙන්නේ. අනේ පිස්සු නැතුව ඉන්න (නි)
ඇත්තටම අපිට හලාල් ඕනෑ නැහැ. (නි)
"නගරයේ වෙළෙඳහල් හිමියෝ මේ උද්ඝෝෂණයට එක් නොවූහ." එක් වෙයිද මම අහන්නේ (දී)
මම ලගකදී දැක්කා තීන්ත ගාන බුරුසු වලටත් හලාල් සහතිකය දීලා තියෙනවා. දන්න මුස්ලිම් කෙනෙක් පැහැදිලි කරනවාද බුරුසුවලට හලාල් ගන්න හේතුව. මොකද මුලින්ම මාංශ වර්ග වලට විතරක් ආපු හලාල් සහතිකය දැන් මුළු ලංකාවම ගිල ගන්න හදන්නේ. (නි)
කවදාහෝ අපිට වෙන්නෙත් ඇෆ්ඝනිස්ථානයේ තලෙයිබාන්වරුන්ට වුණ දේමයි. (නි)
ලංකාවේ ආහාර නිශ්පාදනය කරන නිශ්පාදකයන් හලාල් සහතිකය ලබා ගැනීමට පෙළඹෙන හේතු දෙකක් ඇත. එනම් වෙනත් රටවලට භාණ්ඩ අළෙවි කිරීමේදී එම රටවලින් හලාල් සහතිකය ඉල්ලා සිටින නිසා සහ ලංකාවේ මුස්ලිම් ජනතාවගේ වෙළඳපොළ ඉලක්ක කරගෙනයි. (නි)
අපි බොරුවට වෙබ් වල ලියලයි, පෙළපාලි ගිහිල්ලයි, සටන් පාඨ කියලයි ඡය ලබාගන්න බැහැ. ඡාතිවාදය නම් අවුස්සලා යම් බලාපොරොත්තුවක් ඉෂ්ට කරගන්න පුලුවන් වේවි. ඵයට වඩා අපි ඔක්කොම ගිහිල්ලා හලාල් සහතික ලබා ඇති අපේ සිංහ මුදලාලිලාව බයකරමුද? (නි)
මේවා පිරිසිදු වුණත්, අපිරිසිදු වුණත් සිංහල අපිට නම් එපා. (නි)
හලාල්- හරාම් කියන්නේ මොකක්ද කියා සොයාගැනීමට අපගේ ඉහත අදහස් කීපයක් මට උදවු වුණා. තව නොයෙකුත් දේවල් කියවා තේරුම් ගත්තා. ස්තුතියි. හලාල් කියන්න දේවල් පිරිසිදුයි. දැන් මමත් හොද දේට පුරුදුවුණා. විවේචන කරපු අයට නැවතත් ස්තුතියි. (නි)
ලංකාවේ එක දවසකට විතරක් නීති විරෝධී ගබ්සාවන් දහසකට වඩා කරනවා නේද? ඒකට උද්ඝෝෂණයක් එහෙම තියමුද හාමුදුරුවනේ? එතකොට අපිත් එන්නම්. (නි)
ඔයාලා හලාල් කන්න එපා, චයිනීස් කන්නකෝ. (නි)
සිංහල අපි හලාල් ළකුණ ඇති සියලුම භාණ්ඩ වර්ජනය කළ යුතුයි. (නි)
සිංහල නමකින් පෙනී සිටිමින් පක්ශපාතව අදහස් දක්වන්නේ මුස්ලිම් අය බවයි මගේ අදහස. (නි)
ලංකාවේ තියෙන සිංහල සුපිරි වෙළද සැල් සියල්ල මත්පැන් වෙළද සැලුයි. (නි)
ලංකාව සිංහල රටක් නිසා කොහොමත් හලාල් අවශ්‍ය නැහැ. (නි)
අපි කන බොන දේවල් වලින් බද්දක් විදිහට ගාණක් අයකරගෙන මුස්ලිම් ප්‍රජාවේ වෑඩිදියුණුවටයි ඒ සෑම මුදලක්ම යොදවන්නේ. සිංහල දමිල ක්‍රිස්තියානි අපි මෙයට විරුද්ධ වෙන්න ඕනෑ. (නි)
බහුතරයක් මේ දිහා බලන්නේ ජාතිවාදී කෝණයකින්. මෙහිදී පළමුවෙන් අප විසින් විමසා බැලිය යුත්තේ “හලාල් ලකුණ” යනු කුමක්ද? යනුයි.“හලාල් ළකුණ” යනු කිසියම් භාණ්ඩයක් “මුස්ලිම්වරයෙකුගේ භාවිතාවට අනුමත” යැයි යොදන්නාවු සලකුණ වේ. මුස්ලිම් වරුන් විසින් භාණ්ඩයක හලාල් ලාංඡනය යොදා ඇති නම් එය තමන්ට පාවිච්චි කිරීමට ආගමානුකූල මෙන්ම හිතකර දෙයක් බව දනිති. මේ නිසා මුස්ලිම් පාරිභෝගික ජනතාව ඉලක්ක කරන භාණ්ඩ නිශ්පාදකයන් විසින් තමන්ගේ නිශ්පාදන වලට හලාල් සහතිකය ලබා ගැනීමට ඉදිරිපත් වේ. අපට ජීවිතයේ බොහෝ සිදුවීම් සම්බන්ධව හලාල් පිළිවෙත ක්‍රියාත්මක කිරීම පහසු වුවද ආහාර සම්බන්ධව ක්‍රියාත්මක වීමේදී යම් යම් දුෂ්කරතාවයන් මතුවේ. එයට ප්‍රධානතම හේතුව නම් ආහාර වල නිශ්පාදනයේදී අන්තර්ගත මුල ද්‍රව්‍යයන් හලාල් දැයි අප නොදන්නා බැවිනි. මේ නිසා ආහාර ද්‍රව්‍ය “හලාල්” දැයි සොයා බලා ඒවා “හලාල්” බවට සහතික කිරීමට කිසියම් ආයතනික වැඩපිළිවෙලක් තිබිය යුතුය. (නි)
මෙහිදී හලාල් සළකුණට නිශ්පාදකයන් ගෙවන මුදල බෞද්ධයන්ගෙනුත් අයවෙනවා යන්න සාමාන්‍ය තර්කානුකූල ප්‍රකාශයක් ලෙස පෙනුනද ආර්ථික විද්‍යාව ගැන දන්නා අය එහි ඊට වඩා ඇතුලාන්තය දකිති. එනම් හලාල් සහතිකය ගැනීමෙන් වෙළඳ පොළ එනම් විකිණුම් පරාසය පුළුල් වේ. එයින් නිශ්පාදකයා ලබන වාසි වැඩිය. මන්ද විකිණුම් පරාසය වැඩිවීමෙන් නිශ්පාදනය වැඩිකර ගත හැක. එවිට භාණ්ඩයේ නිශ්පාදන පිරිවැයද බෙදීයාම වැඩි වී භාණ්ඩයේ මිළද අඩුවෙනු ඇත. එමෙන්ම ලංකාවේ නාගරික ප්‍රදේශ වල සිටින මුස්ලිම් ජනතාවගේ මිළදී ගැනීමේ හැකියාව ඉහළ තත්වයක පවතී. මේ සියළු කරුණු මෙසේ තිබියදීත් කිසියම් නිශ්පාදකයෙකු හලාල් සහතිකය ලබා ගැනීම අත්හරින්නේ නම් එය සියතින් තමන්ගේ දිවිනසා ගැනීමකට සමාන වේ. ලංකාවේ කිසිදු ව්‍යාපාරිකයෙකුට එවැනි පිස්සුවක් නැතැයි මා විශ්වාස කරමි. (නි)
ධනුෂ්ක, එහෙනම් කාගිල්ස්/කීල්ස්/ ආර්පිකෝ සියල්ලම මුස්ලිම් ව්‍යාපාර කියලද ඔබ කියන්නේ ? (නි)
සහෝදරවරුනි, හලාල් කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මිනිසා විසින් කෑමට සුදුසුය යන්න අනුමත කර ඇති දේවල් වලටයි. අරාබි වචනයක් අල්ලාගෙන ඇයි මෙච්චර මෝඩ විදිහට හැසිරෙන්නේ? සිව් හෙලයිනි, ඔබලාට ඕනෑම දෙයක් කාලා පරපුර නැති කර ගත යුතුයි නම් මිනිස් ශරීරයට නොසුදුසු ආහාර, හලාල් නොමැති දේ අනුබව කරන්න. අපි බල කරන්නනේ නැහැ හලාල් ගන්න කියලා. (නි)
මත්පැන් වලට හලාල් අවශ්‍ය නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
සමහර නිලධාරින්ට පගා දෙනව වගේ උලමා වරුන් පගා ගන්නෙ නැහැ. පුලුවන්නම් පගා දීලා මත් පැන් වලටත් ඵම සහතිකය ගන්න. අපි ආගම විකුණාගෙන කන්නෙ නැහැ. මත්පැන් 100ට 100 ම හරාම්(අපිරිසිදු).හලාල් කියන්නේ පිරිසිදු / අනුමතයි/හිමි/සෞඛ්‍යට හිතකරයි. නොදන්නාදේ කතා නොකර ඉන්න එක නුවණට හුරුයි. (නි)
මුබාරක්, එතකොට ඔය යහපත් ජීවන රටාවෙදි අපේ සිංහල මනුස්සයෙක් ඔය මුස්ලිම් කඩේකට ඇවිල්ලා භාණ්ඩයක් ගනිද්දි මැලේ වලින් හරි දෙමලෙන් හරි කතා කරලා අසභ්‍ය වදන් වලිනුත් බණින එකත් ඔය ආගමේ කොටසක්ද? මුස්ලිම් ආගමේ කඩ කරන මිනිස්සු හරි හොදයි කිය කියා කඩ වලට යන මිනිස්සු යම් තරමක්වත් දෙමළ මැලේ දන්නවා නම් ආයෙ කවදාවත් යන්නෙ නැහැ. (නි)
මම නම් වශයෙන් දක්වන්න කැමැති නොවූවත් කාගිල්ස් සහ කීල්ස් යනු මා දන්නා ලෙසට නම් සිංහල ව්‍යපාර නොවේ. (නි)
හැමෝම මේ හලාල් ක්‍රමය ගැන දැනුවත් වෙන්න..!(නු)
මුස්ලිම්වරුනි, හලාල් / හරාම් යනු අනුමත / අනුමත නොකරන බව අපි හොදින් දන්නවා. අනුමත වීම අල්ලා ගේ නියමය පදනම් කරගෙන යන්නත් අපි දන්නවා. ගැහැනුන්ට හිසේ සිට දෙපතුල දක්වා කළු ලෝගු දැමීම, දරුවන් ගේ ඉපදීම වෙනුවෙන් සතුන් මරා දෙවියන් පිදීම, ආගමික වතාවත් වෙනුවෙන් සතුන් මැරීම... මෙවැනි මුස්ලිම්වරුන්ට හලාල් බොහෝ දේ තිබෙනවා. ඒවා සිංහල අපිට හරාම්. ඔබ පය ගහලා ඉන්නේ සිංහල, දෙමල කතාකරන ලංකාවේ. ඒ වුණාට අවශ්‍ය අරාබියේ වචන. අපි මේ සිංහල රට අරාබියක් කරන්න දෙන්න නැහැ. මේ රටේ ඉතිහාසය ඩෝසර් කරලා අරබියක් හදන්න ඔබලාට අවශ්‍ය බව අපි දන්නවා. අල්ලාගෙ නියම සමාජගත කිරීමට මේ සිංහල රටේ ඉඩදෙන්නේ නැහැ. ඔබට ධෛර්යය අපේ හාමුදුරුවනේ. (නි)
අපි මේ කතා කරන්නෙ අන්තවාදී අපේ මවුබිම මුස්ලිම් කරන්නට වෙහෙසෙන මුස්ලිම්වරු ගැන මිස සාමයෙන් ජිවත්වන්නට කැමති අනිත් ආගම් ඉවසන මුස්ලිම් ජාතිකයන් ගැන නොවේ. මුස්ලිම් අන්තවාදය නිසා ඔවුන් ජීවත්වන සෑම රටකම ප්‍රශ්න. බොහෝ මුස්ලිම් අය අල්ලා දෙවියන් කියපු දේ කරන්නෙ නැහැ. බුදුන්ට අපහාස කරමින් ලොව කරන දේවල් දෙස බෞද්ධයන් නිහඩව බලාගෙන ඉන්නෙ ඔවුන්ගෙ කරුණාව සහ මෙත් සිත නිසයි. අපේ සහනශීලිත්වය නිසා මුස්ලිම් අය කිසිදු බධාවකින් තොරව සිංහල බෞද්ධ පාසල් වල ඉගෙනගන්නවා. එක සිංහලයෙකුට මුස්ලිම පාසලක් අසලටවත් යන්න ඉඩකඩක් තියෙනවද ? මුස්ලිම් කඩවල පමණයි හලාල් ආහාර පාන තියෙන්නෙ. අපේ ලංකාවට එවන් නිශ්පාදන අවශ්‍ය නැහැ. අද අපට අවශ්‍ය වෙලා තියෙන්නේ දරු සම්පත රැක ගෙන ජාතිය බේරා ගැනීමට කටයුතු කිරීමට සිංහල ජනතාව උනන්දු කිරීමයි. කවදත් රට රැකගත් බෞද්ධ භිකෂූන් වහනාසේලාගේ මෙන්ම ජාති මාමක සිංහලයන්ගේ වගකීම එයයි. (නි)
සැබැවින්ම රටක සිදුවන්නා වූ සියළු කාර්යයන් පිළිබඳව විවේචන තිබීම එම සමාජයේ යහපත පිණිසම වන්නක් බවත් එම සමාජයේ අදහස් දැක්වීමේ අයිතියේ සහතිකයක් ලෙසත් දැක්විය හැක. නමුත් විවේචන වෛරය හා ක්‍රෝධය පදනම් වුවක් නම් සිදුවන්නේ පිරිහීම හා සමාජ ඒකාග්‍රතාවය බිඳ වැටීම පමණි. තිස් වසරක් පුරා ලාංකීය දේශය පීඩාවට පත්කළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කිරීමෙන් පසු අප හමුවේ නිර්මාණය වන්නේ අලුත් යුගයක් බව අමුතුවෙන් පැවසිය යුතු නොවන්නේය. මෙම අලුත් යුගයේ ලාංකීය දේශය, ලාංකීය ජාතිය ගොඩ නැඟීම යහ අයුරින් කළමනාකරණය කර ගැනීමේ දැවැන්ත අභියෝගය අප හමුවේ නිර්මාණයවී තිබේ. මේ සියල්ලටත් වඩා බරපතල වන්නේ ගිලන් බවට පත් “සමාජ මනස” සුවපත් කළ හැක්කේ කෙසේද යන කාරණයයි. ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ තත්වය බැරෑරුම් ලෙස තේරුම් ගෙන ඇතිද යන්න බහුතරයකගේ සැකයට බඳුන්වූ කාරණයක් බවට පත්ව ඇත්තේ පුර්ව යුද වකවානුවේ ප්‍රචාරයන් දැනුත් සිදුවෙද්දී ඒ පිළිබඳව වගකිවයුත්තන් නිහඬ නිරීක්ෂකයින් බවට පත්වී ඇති බව දැකීමෙනි. (නි)
අදහස් දක්වපු අයට මෙම පහත යොමුව බලන්න කියා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. කලබල නොවී ඔවුන් කියන්නේ කුමක්ද කියා පමණක් බලන්න... http://www.youtube.com/watch?v=9yAJj5gSF68 (නි)
හලාල් ආහාර බෞද්ධයන්ට අකැප යැයි පවසන්නට කිසියම් සාධකයක් තිබේද? තිබේ නම් ඒ කිනම් බුද්ධ ග්‍රන්ථයේද? කරුණාකර පෙන්වන ලෙස මම අභියෝග කරමි. (නි)