IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


සිය ගණන් වේදිකාවලට නැගපු ෆර්නි 'දෙසීය තුන්සීයෙන්' යළි වේදිකාවට

2016-11-27-ent-90

ලාංකේය කලා ක්‍ෂේත‍්‍රයේ නොමැකෙන සටහනක් තබමින් පේ‍්‍රක්‍ෂක ආකර්ෂණය දිනාගත් සොඳුරු රංගන ශිල්පිනියක් තමයි ෆර්නි රෝෂණී.

ඇය වේදිකාවේ, සිනමා තිරයේ මෙන්ම පුචි තිරයේදී ද ඔබ අප හමුවුණා. විටෙක හඬකැවීම් ශිල්පිනියක් හා ගායිකාවක් ලෙසටත් පේ‍්‍රක්‍ෂකයන් ප‍්‍රබෝධමත් කළා.

මේ දිනවල නම් ඇය රූපවාහිනී පේ‍්‍රක්‍ෂකයන් අතර වැඩි කතා බහකට ලක්වෙන්නෙ ‘‘ආරාරිරො’’හි ‘‘ ජානකී’’ නම් දමළ කාන්තාවගේ චරිතය නිසා.

ඒ පිළිබඳවත් ඇයගේ කලා දිවියේ නව තොරතුරුත් කතා කිරීමට සමඟින්ම මෙවර සඳැල්ලෙන් ෆර්නි රෝෂණි නම් ඒ ජනපි‍්‍රය රංගන ශිල්පිනිය වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න හිතුවා.

 

ෆර්නි කොහොමද ජීවිතේ?

2016-11-27-ent-91ගොඩක් හොඳයි සතුටින් ඉන්නවා.

 

මේ දවස්වල අලූත් වැඩ කොහොමද?

අලූතින්ම පටන්ගත්තා ටෙලිනාට්‍යයක් ‘‘ආරාරිරෝ’’ කියලා මේ දවස්වල නම් ඒකේ වැඩ තමයි කෙරීගෙන යන්නේ.

 

ෆර්නිගෙ චරිතෙ ගැන කතා කරමුද?

මගේ චරිතෙ තමයි ජානකි, දෙමළ චරිතයක් තමයි කරන්නෙ.

 

කොහොමද ඒ චරිතෙ දිවෙන්නෙ?

මම විවාහ වෙලා ඉන්නේ සිංහල පවුලක කෙනෙක්. ඉතින් මම උඩරට කුල කාන්තාවක් වගේ හරි අවංක පවුලට, දරුවන්ට ආදරය කරන පවුලත් සමඟම බැඳිලා ඉන්න. ඒ වගේම සහෝදරයන්ට ස්වාමියාට භක්තියෙන් ආදරයෙන් ඉන්න අවංක කෙනෙක්. අරපිරිමැස්මෙන් කටයුතු කරන ඉවසිලිවන්ත චරිතයක්. ඒ විදියට තමයි මගේ චරිතය දිවෙන්නෙ.

 

මේ සඳහා ඔබ සම්බන්ධ වෙන්නෙ කොහොමද?

තුෂාරි අබේසේකර හරහා තමයි සම්බන්ධ වෙන්නෙ. ඇය මේ සඳහා මට කතා කළා. මේ නාට්‍යයෙ චරිත සඳහා මෙහි නිෂ්පාදන කණ්ඩායම නම් යෝජනා කරද්දි මගේ නමත් ඇය තමයි යෝජනා කරලා තියෙන්නෙ. ඒ විදියට තමයි සම්බන්ධ වුණේ.

 

මේ කතාව ගැන මොකද හිතෙන්නේ.?

ඇත්තටම හරි අපුරු කතාවක්. ‘‘ආරාරිරෝ’’ කියන නමත් ගොඩක් වෙනස්. නැළවිල්ලක් වගේ. මේ කතාවෙ පසුබිම හා ඒ අවට බැඳුණු පරිසරය එක්ක ඒ කාලෙ ජාති භේද, ආගම් කුල බේද මොනවත් තිබුණෙ නෑ. හැමෝම එකට ගීත රස වින්දා. චිත‍්‍රපට වුණත් බේදයක් තිබුණේ නෑ. හැමදේම ඇහුවා බැලූවා. මේ හැමදේම එක්ක බැඳුණු පවුලක් සමඟ ගැටෙන කතාවක් තමයි මේ.

මේ කතාවෙ කතා කරන දෙබස් පවා අපි කතා කරන දේවල්. අපේ ස්වරූපය හැමදේම මේ කතාවෙ වෙනසක් තියෙනවා. විශේෂයෙන් ඇඳුම් පැළඳුම් වුණත් හරිම සරළයි. හැම නාට්‍යයකම දකින්න නොලැබෙන විදියෙ දේවල් තමයි තියෙන්නෙ.

මේ කතාවත් හරි අමුතුයි. ලස්සනට ගලාගෙන යනවා. කතාව බලන්න කියලා හැමෝටම ආරාධනා කරනවා. මේ කතාවෙ හැම චරිතයක්ම ප‍්‍රධානයි. පොඩි චරිත මෙහි නෑ. වෙනස්ම යමක් මෙමඟින් කරන්න පුළුවන් වෙලා තියෙනවා කියලා මම විශ්වාස කරනවා. මේ කතාව පටන් අරන් දැන් සති දෙකක් වගේ වෙනවනෙ? කොහොමද ලැබුණු ප‍්‍රතිචාර.

මේ දවස්ටිකට හොඳ ප‍්‍රතිචාර ලැබුණා. පූර්ව ප‍්‍රචාරක පටයේ සිට මේ නාට්‍යයට ඉහළ ප‍්‍රතිචාර ලබාගන්න හැකිවුණා. ඉදිරියටත් හොඳ ප‍්‍රතිචාර ලැබෙයි.

 

මේ දවස්වල වේදිකාවෙ වැඩ කොහොමද?

වේදිකාවෙ අලූත් නාට්‍යයක් ඉදිරියේදී පටන් ගන්නවා. මේ දවස්වල ඒ සඳහා පුහුණුවීම්වල නිරත වෙලා ඉන්නෙ. සම්පත් තෙන්නකෝන් අධ්‍යක්‍ෂණය කරන දෙසීය තුන්සීය වේදිකා නාට්‍යය තමයි ඒ. ඒක පරිවර්තනය කළේ ජයලත් මනෝරත්න මහත්මයා. රත්නා ලාලනී, මම ඇතුළු රංගන ශිල්පි ශිල්පිනියන් මේ සඳහා දායකවෙලා ඉන්නවා.

 

ඊට අමතරව වේදිකාවෙ වැඩ කටයුතු ගැන කතා කළොත්?

බල්ලොත් එක්ක බෑ නාට්‍ය විජය නන්දසිරි මහත්මයගෙ වියෝවෙන් පස්සෙ පොඩි නිහඬතාවක් තියලා පටන් ගත්තා. ඒකත් එක්ක ‘‘චරිතෙ හොරු අරං’’ ”තාරාවෝ ඉගිලෙති”, ”හඬ නිහඬ” වැනි වේදිකා නාට්‍යය රැුසක් සමඟ රටපුරා යනවා.

 

එතකොට හඬකැවීම් පැත්තෙන් කරන වැඩ කටයුතු කොහොමද?

හඬකැවීම් පැත්තෙන් දෙරණ නාලිකාවෙ ‘‘අධිරජ ධර්මාශෝක’’ නාට්‍යයේ සහ සිරස නාලිකාවෙ විකාශය වෙන ‘‘ස්වප්නා’’ කතාවෙ මීනාගෙ චරිතයට හඬ කවනවා.

ඊට අමතරව හිරු නාලිකාවෙ සූරයාගෙත් සූරයා කතාවෙ දුෂ්ට ‘‘සුසී’’ චරිතයටත් හඬකැවීමෙන් දායක වෙනවා.

 

එතකොට රිදී තිරයේ වැඩ.

අලූත් චිත‍්‍රපටයක් කළා කීර්ති රත්නායකගෙ. ඒක ඉදිරියේදී තිරගත වෙයි. ඒ වගේම තවත් චිත‍්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා විජිත කුමාරසිරි මහත්මයාගෙ. ඒ සඳහා දෙසැම්බර් තමයි රූගත කිරීම් සිදුවෙන්නෙ.

 

ඊට අමතරව අලූත් වැඩ කොහොමද?

මගෙ ගීත එකතුවක් කරලා තියෙනවා ඒ ටික කරගෙන යනවා. ඒ ගීත එකතුව මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් අවසන් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

ධනු විජේරත්න

 

 



අදහස් (0)

සිය ගණන් වේදිකාවලට නැගපු ෆර්නි 'දෙසීය තුන්සීයෙන්' යළි වේදිකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 35 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 639 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 347 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site