ජල ගැල්මෙන් අම්පාර මහඔය මහපාරද යට විය
ගංවතුර මට්ටම අඩි හතරත් පහත් අතර විය එගොඩ මෙගොඩ වීම ලොකු කුඩා ගිහි පැවැදි කාටත් බර පතල ප්‍රශ්නයක් විය 


1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන සිදුවීම් දිහා බැලුවහම 21වැනිදාට ලෝකයේ විනාශය කෙසේවෙතත් ලංකාවේ විනාශය නම් වේවි. (නි)
ලැම්බෝගිනි ගේන්න වෙයිද ? (ස)
අකුරණ යට වුණහම අල්ලා දෙවියන්ට කියන්න කියලා පහන් කියන කෙනා කියලා තිබුණා නේද? (නි)
නෝ පහන්වගේ අයගේ අදහස් .. මෙතන දෙවිවරු ආගම් භේද අවශ්‍ය නැහැ.. (නු)
වතුරපාර ගලාගෙන යන දිසාවටම මුළු ලොවක්ම අත්මර්තාකමී ගමනක යෙදෙන වත්මන් ලොවෙහි ඔබ වැනි සත්ගුණවත් උතුම් මිනිසුන් නිසා අප ජාතිය මෙතුවක් කල්වත් නොනැසී පැවතුනි .සාසනයේ පැවැත්ම ජතියේ පැවැත්මද වන බැවින් ඔබට ජාතියේ ප්‍රණාමය. (ස)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, බුදු හාමුදුරුවනේ. (නි)
විපත් එද්දී ආගම්, කුල බලන්නේ නැහැ. වැදගත් වන්නේ එකමුතුකමයි. (නි)
ඊයේ අපොන්සු කියල මහත්තයෙක් දහඅට වන්ගුවේ නායයාම් ගැන බොහොම විද්‍යානුකුලව අදහස් ඉදිරිපත් කරලා තිබ්බා. එයාට මේ වැස්ස පෙනිලා තියෙන්නේ සුළු වැස්සක් විදිහට. එය කියනවා අපි ජර්මනියේ විදිහට පාරවල් හදන්න ඕනෙලු. මේ වැස්සට සුළු වැස්ස කියන කෙනෙක්ගේ විද්‍යාත්මක දැනුම කෙසේ වෙතත් සාමාන්‍ය දැනුම ගැන හිතා ගන්න පුළුවන්. (ස)
මේ සොබාධර්මය..කවුරුත් මිනිස්සු, සත්තු නොවෙයිනේ (ස)
අකුරණ ගංවතුරෙයි මේ ගංවතුරෙයි වෙනසක් මටනම් පෙනෙන්නේ නැහැ.දෙයියෝ එක හැන්දෙන් තමයි දෙන්නේ හැමටම!(ස)
සාධු... සාධු... සාධු... මහත්තයෝ ඔබට පින් (දී)
අනේ පොඩි හාමුදුරුවනේ හොදට ඉගෙනගෙන ඔබ වහන්සේ ජල සයුරෙන් එතෙර කරණ ඔය අහිංසක මිනිස්සු සසර සයුරින් එතෙර කරන්න ශක්තිය ලැබේවා.(දී )
අකුරණ ගංවතුරට වග කියන්න ඕනේ අකුරණ ටවුමේ ඇල හරස් කරලා කඩ හදලා තියෙන මිනිස්සුම තමයි. මේක හොදින් දන්නා නිසයි ලියන්නේ (ස)
සහෝදරයිනි, විවිධ ඡාතින් ඡිවත්වන අප රට තුළ ආගම් භේද ප්‍රශ්ණ තිබිය හැක. නමුත් මෙවැනි ස්වාභාවික විපතක් ඇතිවු අවස්ථාවලදි අප කළයුත්තේ එකිනෙකාට මඩ ගැසීම හෝ විවේචනය කිරීම නොව සියලු දෙනාම එක්වී විපතට පත් ජනයාට උදව් උපකාර කිරීමයි. (නි)
අපේ නාවික හමුදාවෙ සේවය මේ මොහොතේ අවශ්‍ය්‍යි..!(නු)
අනේ දුක හිතෙනවා (දී)
මතු සසරේ මෙපිනින් ඔබතුමා නිවන් දකිනු ඇත. (නි)
දයාබර සොයුර, මේ සංසාරයෙන් එතෙර වීමට ඔබට ඔය පිනම ප්‍රමාණවත්ය. (නි)
සංසාර සාගරයෙන් එතෙර වෙන්නට පිංවත් ඔබේ දෑතට තව සවිය හා ධෛර්යය.. පොඩි හාමුදුරුවනේ ඔබ වහන්සේටත් පැවිදි සසුන බබලවන්නට තව ශක්තිය ලැබේවා.. සාදු.. සාදු..!(නු)
කට්ටිය දැං මොකද කියන්නේ.. ? අකුරණට ලොකු ලොකු කතා කිව්වනේ.. දැං මොකද එතකොට..?(නු)
දුකේදී පිහිට වෙන මිනිස්සු (දී)
කොහොමත් සාමනේර පැටියව බේරගත්ත ඒක ලොකු දෙයක්. (ස)
අපේ පොඩි හාමුදුරුවෝ (දී)
බලන්න අපේ සිංහල ජනතාව දිහා.. මට පුංචි කදුලක් එනවා මේවා දැක්කාම මම පිටරටක ඉන්න කෙනෙක්..!(නු)
ඉතා ලස්සන දර්ශනයක්, කාගෙත් සිත් ඇද ගනී.බේරාගත් පින්වතාට ගොඩක් පින් (ස)
අනේ පව් (ස)
ජීවිත හානි වෙන්න පුළුවං.. නාවකි හමුදාවෙ සේවය අත්‍යාවශ්‍යයි..!(නු)
සාදු !! සාදු !! (ස)
" සසරින් එතෙරවන්නෝ " (ස)
සාමණේර හිමියනි , ලොකු මහත් වුණහම මොවුන්ව සසර සයුරෙන් එතෙර කරන්න (ස)
අනේ අර ගෑණු ළමයා විභාගෙ ලියන්නද යන්නේ... පව් දෙයියනේ....කොහොම හරි හොදට පාස් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා!!!(ස)
සසරින් එතෙර වන්නට පෙර ගංවතුරෙන් එතෙර කරන පින්වත් මිනිස්සු (ස)
දෙවියන් ගැන කිය කිය අයගේ අදහස් කෝ..? ඒක තමයි කියන්නේ කට තියන පළියට දොඩවන් එපා කියලා.. කාටත් පොදුයි ගං වතුර...!(නු)
මේක සසරේ විපාකදෙන මහා පිනක්. පින්වන්ත මහත්තයෙක්.(ස)
සාධු... සාධු... සාධු...! මිනිසුන් දහ දෙනෙක් සාදු කිවුවවාම දෙවියන් එකපාරක් සාධු කියනවාලු. මේ පින්වත් මිනිසා සසරෙන් එතෙර විය යුතුමයි. මේ පින්තූර අරගෙන ලංකාදීපයට දාලා අපිට පෙන්නුවාට ගොඩක් පිං...! (නි)