දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ඇතුළු වී දත්ත වෙනස් කර ඇත්තේ කවුරුන්දැයි සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන බව රහස් පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා හමුවේ කියා සිටියේය. රුපියල් දහ අට කෝටි හතළිස් ලක්ෂයක වංචා කළැයි සැකපිට එහි නිලධරයන් දෙදෙනකුට හා ව්‍යාපාරිකයකුට එරෙහිව පවරා ඇති නඩුවේ දී රහස් පොලිසිය එසේ කරුණු දැක්වීය. පරිගණක විශ්ලේෂක කේ.ආර්. ලෙස්ලි රොවෙල් පරිගණක අංශයේ තක්සේරු කරු ගාර්ලිස් නාකන්දල හා ව්‍යාපාරික හා සමාගම් අධ්‍යක්ෂ මහේන්ද්‍රන් විජේරත්න මේ නඩුවේ සැකකරුවෝය. ලෙස්ලි රොවෙල් සාමගම් කිහිපයක පරිගණක දත්ත මකා ඇතැයි ද රහස් පොලිසිය උසාවියට කීවේය. රහස් පොලිසිය පැවසුයේ සමාගම හතක දත්ත වෙනස් කර ඇති බවයි. රුපියල් එක් කෝටි දස ලක්ෂයක් ගෙවිය යුතු සමාගමක බදු දත්ත මුළුමනින්ම මකා ඇති බවයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට කියන්නේ ලොකු ලොක්කන්ගේ ලොකු ලොකු වැඩ කියලා.(ස)
ලෝක පාඩුවක්නේ
පරිඝණක ගැජමැටික්ස් (ස)
බන්දුල එතකොට ලොක‍්කෝ ??? (ස)
නීති මගින් කටයුතු කරන්න
රුපියල් දහ අට කෝටි හතළිස් ලක්ෂයක වංචා කරනකමි අනිත් කටිටිය නිදිද??? (ස)
තවත් පරිඝනක විස්කමක්. (නි)
දත්ත මකනවට ලැබුණ ගාන සමානව කට්ටිය අතර බෙදුව නම් ඔය කිසි ප්‍රශ්නයක් නෑ.(ස)
දන්නේ නැති නිසයි අහන්නේ. දැන් එතකොට ඔය දත්ත වෙනස් කරලා තියෙන්නේ දෙපාර්තමේන්තුව ඇතුළෙන්ද? (නි)
බිංදුවක් වත් අඩු වෙලාද (අ)
මෙවැනි වංචා තව කොපමණ නම් තිබේද? (නි)
ඕනෑ වැඩකට ඔට්ටු නියම කොල්ලෝ ඉන්නේ ලංකාවේ තමයි. (නි)
පාඩු පිට පාඩු
කොහොමද මේවා කරන්නේ? (දී)
අයියෝ සල්ලි
කොහොමද
රජයේ මුදල් වංචා කරන අයට නම් උපරිම දඩුවම් දියයුතුයි. (නි)
මොන අපරාදයක්ද ඒ
දෙයියෝ සාක්කි
පාඩුවක් නේ
එතකොට දත්ත වෙනස් කළ බව පැහැදිලිව තවම තහවුරු වී නැද්ද? (නි)