යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයකදී පොලිස් අත්අඩංගුවට පත් යාපනය විශ්ව විද්‍යාල සිසුන් වහාම නිදහස් කරන්නැයි ඉල්ලා ‘සම අයිතිය ව්‍යාපාරය‘  කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් කළේය. විශ්ව විද්‍යාල සිසුහු ද, කථිකාචාර්යවරු ද ඊට එක් වූහ.