දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කර 27 වැනි දාට වසරකි. මෙයින් උපයා ඇති ආදායම රුපියල් කෝටි 95කි. වියදම කෝටි 45කි. රියඅනතුරු 350 විය. ඉන් තිදෙනෙක් මියගියහ. රිය අනතුරක් වූ ඒක් අයෙක් අධිවේගී මාර්ගය පාලනයට විරුද්ධව නඩුවක් පැවැරීමට යයි. මාර්ගය ප්‍රමිතියෙන් තොර බව ඔහු කියයි. මාර්ගය මැද වැටේ ලෝහ තහඩුවක් කැඩී ගියැයි කියමින් රුපියල් එක්ලක්ෂ පන්දහසක් ගෙවීමට ඔහුට සිදුවිය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඕකේ ලාභයෙන් ඉතුරු පාරවල් ටික හැදුවා නම් කොච්චර හොදද? (නි)
කීර්ති, ඔයා ලංකවෙන් පිට කොහෙවත් ගිහින් නැහැ වගේ නේද? "tollgate on highway" කියලා ගූගල් එකේ ටයිප් කරලා බැලුවා නම් දැන ගන්න පුළුවන් කොච්චර රටවල් තියෙනවද කියලා. (නි)
ලංකාවට ලැබෙන ආදායම කොහොමද
සල්ලි වියදම් කරලා හැදුවාම සල්ලි හම්බෙනවා
හරිම කණගාටුයි. මෙහි ආදායම නම් නිවැරදි වෙන්න පුලුවන්. හැබැයි වියදම නම් වැරදියි. සැබෑ වියදම කෝටි 9000 යි. නඩත්තු වියදම නම් කෝටි 45 ක් වෙන්න පුලුවන්. (නදී)
අනේ මන්දා, වැඩේ නම් හොඳ ඇති බොරු ආදායමක් ඒ වගේම වියදමක් ඕක. එ්කත් නිවැරදි උනා නම් හොඳයි (නදී)
හොද දේක හොද දකින්න තරම් අපේ මිනිස්සු නිහතමානි නොවෙනකම්, මේ රට හදන්න අමාරුයි. මේ පිටුවල අදහස් වලින් හෙමත් ඒක පෙනෙනවනේ. අනික හැමෝම දැනගන්න.මේ අධිවේගේ ගෞරවය හැම පක්ෂ විපක්ෂ නායකයෙකුටම ලැබෙන්න ඕනෑ. මේකේ වාසිය රටටමයි. මම හිතන්නේ ගොඩාක් අඩු කාලෙකින් වියදම ආවරණය වෙයි. (නි)
සුභපැතුම්
මේ ආධායම යන්නෙ කාගෙ සාක්කුවටද? (ස)
තවත් දියුණු කරන්න
ආදායම ඉහලයි
කාටද ආඩම්බර
ජයවේවා
අනේ ඔය ලාභයෙන් කීයක්හරි දුප්පත් මිනිස්සුන්ට දෙන්නකෝ. (නි)
වියදම නම් මට පිළිගන්න අමාරුයි. (නි)
ආදායම මේක වුණාට ශුද්ධ ලාභය මේක වෙන්න බැහැනේ. අපිට අන්න ඒ ගාණ කියන්න. (නි)
ඇත්තටම හරිම සතුටුයි. (නි)
මේ සල්ලි කොහාටද යන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
වියදම කිවුවේ මේ වර්ෂය තුළ වියදම් වුණු ඒවාද? මොනවටද ඔච්චර වියදම් වූණේ? ඉතින් අවුරුද්දටම කෝටි පහක ලාභයක්ද තියෙන්නේ? ලාභයට හරියන්න දේශපාලකයන්ගේ අතකොළු ටිකක් වැඩට දාන්න. එතකොට ලබන වර්ෂයට ඔය පහත් නැතිවෙයි. ඊළගට ලංගමය වගේ වෙයිද දන්නේ නැහැ. (නි)
හොදයි
අධිවේගී මාර්ග ආදායම් මාර්ග බවට පත්කරගත් රටක් තවම ලෝකයේ කොහේවත් නැහැ. (නි)
ලංකාවටද ඒ ආදායම
අද ඉදලා දෙවරක් යන එන අයට වටිටමක් දෙන්න කියමු..? (ස)
ඒ වුණාට වැඩක් නෑ ඒ ආදායම අපිට නෑනේ.(හේ)
වියදම කෝටි 45ක්? (නි)
බලන් කඩතුරා හැර දෑසේ... (නි)
ඕනෑම සංවර්ධන කටයුත්තක වැරැද්දක් හොයන්ඩ ඕනෑ නම් හොයාගන්න පුලුවන්. සර්ව සාධාරණ විදිහට කෙරුණු, සර්ව සාධාරන විදිහට පරිපාලනය වෙන දේවල් හොයන්ඩ ගියොත් මැරෙනකම් හොය හොයා ඉන්න වෙයි. අධිවේගී එක කියන්නෙ වැඩදායී ආයෝජනයක්. සමහරු.."ගාර්ඩ් ෆෙන්ස්" එක රත්තරන් වලින්ද හදලාත් තියෙන්නෙ කියලා අහලා තියෙනවා. ඇත්තටම පාවිච්චි කරලා තියෙන්නෙ විශේෂ ලෝහයක්. හෙල්මට් එකක් වුණත් මිළ වැඩියිනේ. (නි)
හොද දේක හොද දකින්න තරම් අපේ මිනිස්සු නිහතමානි නොවෙනකම්, මේ රට හදන්න අමාරුයි. මේ පිටුවල අදහස් වලින් හෙමත් ඒක පෙනෙනවනේ. අනික හැමෝම දැනගන්න.මේ අධිවේගේ ගෞරවය හැම පක්ෂ විපක්ෂ නායකයෙකුටම ලැබෙන්න ඕනෑ. මේකේ වාසිය රටටමයි. මම හිතන්නේ ගොඩාක් අඩු කාලෙකින් වියදම ආවරණය වෙයි. (නි)
සන්තෝසයි
මේ සල්ලි අපිටද? (නි)
ඇත්තටම මේ වැඩේ නම් නියමයි. හොද දේට හොදයි කියන්න එපැයි. (නි)
උපයන එකෙන් භාගයක්ම යනවද එතකොට නඩත්තු කටයුතු වලට? (නි)
ලෝහ තහඩුව රත්තරන්ද? හොදම වැඩේ. නඩු දාන්නම ඕනෑ. මිනිස්සු ඕනෑකමින් හැප්පෙන්නෙ නැහැ. අනික සල්ලි ගෙවලනේ ඇතුලු වෙන්නෙ. පාර ප්‍රමිතියට නැති බව ඇත්ත. ඒත් නඩු දැම්මට සාධාරනය ඉටුවෙයිද කියන්න බැහැ. (නි)
ග්‍රිෂාණි වැරදියටයි තේරුම් අරගෙන තියෙන්නේ. (නි)
"අධිවේගී මගේ සුපිරි වියදම" කියලා දැම්මා නම් හොද නැද්ද? (නි)
ග්‍රිෂාණි, ඔයා හරි ගණන් ගැන දන්නේ නැතුව බොරුවට කෑගහන්න එපා. (නි)
මේ කුහක මිනිස්සුන්ට මොනවා කළත් නැහැනේ අගයක්. (නි)
එතකොට ව්‍යාපෘතියේ වියදම ආවරණය කරන්න කොච්චර කල් යයිද? (නි)
අපිට මොකද
මට වැඩක් නැහැ
හොදයි
වාසනාවන්
නරකමත් නැහැ නේද
ලංකාවට හොද කාලයක්