IMG-LOGO

සුපිරි මෝටර් රථ ඉසව්වේදී ඩිලන්තට විශිෂ්ට ජයක්

කොළඹ රාත‍්‍රී මෝටර් රථ හා යතුරු පැදි තරගාවලියේ පේ‍්‍රක්‍ෂකයන්ගේ වැඩි අවධානයක් දිනාගත් ඉසව්ව වන ජී.ටී 3 සහ ජී.ටී 4 මෝටර් රථ ඉසව්වේ පළමු තරගය පහසුවෙන්ම ජය ගැනීමට ඩිලන්ත මාලගමුව සමත්විය. අන්තර්ජාතික මෝටර් රථ තරග බිමේ ශ‍්‍රී ලංකාව නියෝ්ජනය කරමින් තරග වදින එකම ධාවකයා වන ඩිලන්ත, තරගය ජය ගත්තේ තරගකරුවකුට වඩා වටයක් ඉදිරියෙන්ද තබමිනි. තරගාවලියේ එස්.එල්.එච්. 1600 සී.සී. ඉසව්ව අශාන් සිල්වා ජය ගත්තේය. වොක්ස් වෝගන් පෝලෝ මෝටර් රථ ඉසව්වේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන තුනම දිනා ගැනීමට ඉන්දිය ධාවකයෝ සමත් වුහ. ඉන්දියානු මෝටර් රථ තරගවලදී ප‍්‍රමුඛස්ථානයක් ගන්නා මෙම ඉසව්වට සහභාගි වු ධාවකයන් 11 දෙනාගෙන් හය දෙනකුම ඉන්දිය ධාවකයෝ වුහ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂ මෙම ඉසව්වට සහභාගි වෙමින් 7 වැනි ස්ථානය ලැබීය. සුපර් මෝටාර්ඞ් විවෘත යතුරු පැදි ඉසව්ව තියුණු තරගයකින් පසුව ජය ගැනීමට නෙඞ් ඩැනියල් සමත්විය. මෙරට මෝටර් ක්‍රොස් ශූරයාවන ගයාන් සදරුවන් සමග තියුණු තරගයකින් පසුව නෙඞ් ඩැනියල් තරගය ජය ගත්තේ වට හයෙන් අවසන් වටයේදී ගයාන් පසුකර යමිනි. ඩැනියල් තරගය ආරම්භයේදී පෙරමුණ ගත් ධාවකයා වුවද ගයාන් පසුවැනි වටයේදී ඉදිරියට පැමිණියේය. තරගාවලියේ දෙවැනි තරග ඉසව්ව ලෙස පැවැති යතුරු පැදි රේසිං සහ නවීකරණය කරන ලද සිලින්ඩර් ධාරිතාව 125 සී.සී. (2 ස්ට්‍රොක්) සහ 250 සී.සී. (4 ස්ට්‍රොක්) ඉසව්ව ජය ගැනීමට ශිරාන් බොතේජු සමත්විය. වට පහකින් සමන්විතව පැවැති මෙම තරග ඉසව්වේ ධාවකයෝ 15 දෙනෙක් තරග කළහ. ළාබාල ජේඩන් සහ ඒරන් ගුණවර්ධන සොහොයුරන් දෙදෙනා ද තරගයට සහභාගිවීම ලොකු කුඩා කගේත් අවධානයට යොමු වූ අතර ජේඞ්න් තෙවැනි ස්ථානය ලැබීය. තරගාවලිය ආරම්භ කරමින් අද (15) පැවැති ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. ඉසව්ව ජය ගැනීමට විරේන් බොතේජු සමත් විය. තරගය වට 6 කින් පැවැත්විණ. ජී.ටී 3 / ජී.ටී. 4 ඉසව්ව 1. ඩිලන්ත මාලගමුව 2. කත්යාමා 3. සෑන් ලොව් එස්.එල්.එච්.1600 සී.සී. ඉසව්ව 1. අශාන් සිල්වා 2. ඩිලාන් සෙනෙවිරත්න 3. ඉම්ඩාඞ් හුසේන් වොක්ස් වෝගන් පෝලෝ මෝටර් රථ ඉසව්ව 1. මුජල් සවාලා 2. සන්දීප් කුමාර් 3. අමායා බප්නා සුපර් මෝටාර්ඞ් විවෘත යතුරු පැදි ඉසව්ව 1. නෙඞ් ඩැනියල් 2. ගයාන් සදරුවන් 3. සුරාජ් පෙරේරා යතුරු පැදි රේසිං සහ නවීකරණය කරන ලද - සිලින්ඩර් ධාරිතාව 125 සී.සී. (2 ස්ට්‍රොක්) සහ 250 සී.සී. (4 ස්ට්‍රොක්) ඉසව්ව 1. ශිරාන් සැමුවල් 2. ආර්.ඒ.රනිල් කුමාර 3. ජේඞ්න් ගුණවර්ධන ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. ඉසව්ව 1. විරේන් බොතේජු 2. ක්ලෙමන්ට් සේනාරත්න 3. තරිදු ගමගේ



අදහස් (0)

සුපිරි මෝටර් රථ ඉසව්වේදී ඩිලන්තට විශිෂ්ට ජයක්

දිල්ෂාන් Monday, 17 December 2012 04:17 PM

මේ කාර් රේස් ඔක්කොම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ (ස)

:       0       0

තරිදු Sunday, 16 December 2012 11:39 AM

ලබන අවුරුද්දේ මීටත් වැඩිය හොදට කරගෙන යන්න ලැබේවා කියලා පතනවා. (නි)

:       0       0

ගයා Sunday, 16 December 2012 11:41 AM

ජාතික ආදායමට මේකෙන් කීයක් එකතු වුණාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ගිහාන් Sunday, 16 December 2012 11:43 AM

සුපර් ෂෝ එකක්. (නි)

:       0       0

කුමාර Monday, 17 December 2012 12:15 AM

හරියටම හරි ජගත්. (නි)

:       0       0

කිවී Monday, 17 December 2012 01:03 PM

පාන් නැත්නම් කේක් කන්න !!!(ස)

:       0       0

සිසිර Monday, 17 December 2012 02:38 AM

මේවට තමයි කියන්නේ ඊර්ෂ්‍යාව කියලා. අපේ රටේ මිනිස්සු මෙහෙම දෙයක්වත් දකින්න කැමති නැතුව ඇති. (නි)

:       0       0

විදානගේ Monday, 17 December 2012 03:08 AM

හැබැයි ඔය ඔක්කොටම වැඩිය අර නටපු අය ටික හොදයි (ස)

:       0       0

සුනේත්‍රා Monday, 17 December 2012 01:07 PM

ඇත්තෝ කති බොති. නැත්තෝ වටපිට බලති. හුළං බොති. (නි)

:       0       0

පනාගම Monday, 17 December 2012 06:33 AM

ඇයි එයා දිනුවේ නැත්තේ? (නි)

:       0       0

පනාගම Monday, 17 December 2012 06:28 AM

රොහිත 1 ගත්තේ නැති එක පුදුමයි (ස)

:       0       0

ජයරත්න Sunday, 16 December 2012 02:11 PM

එයාලට ලැම්බොගිනි, අපිට බඩගිනි. කාට කියන්නද මේවා? (නි)

:       0       0

නිමල් Monday, 17 December 2012 07:09 AM

එයාලට රජ සැප. දුප්පතාට හුළං. (නි)

:       0       0

ෂෙරීෆ් Sunday, 16 December 2012 02:46 PM

ඇත්තෝ කති. බොති. ප්‍රීති වෙති. අපි??? (නි)

:       0       0

වරුණ Monday, 17 December 2012 07:57 AM

ජයවේවා .... .ජයවේවා .... (දී)

:       0       0

ජගත් Sunday, 16 December 2012 03:02 PM

අපේ ජනාධිපතතුමා‍ මේ තරගය නරඹන්න ගියේ නැද්ද? (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Sunday, 16 December 2012 03:03 PM

නියමයි. මේ වගේ රේස් එකක් තියෙන දවසට පෙට්‍රල් නම් වැඩි වෙනවාමයි. ඒ ඇයි අනේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

වරුණ Monday, 17 December 2012 08:55 AM

අපේ සල්ලිද මේ (ස)

:       0       0

හුසේෆා Sunday, 16 December 2012 03:47 AM

මෙහෙ මිනිස්සුන්ට කන්න නැතුව ඉන්නවා. සුපිරි ධනවතුන් ඇවිත් ජෝගි නටනවා (දී)

:       0       0

වජිර Sunday, 16 December 2012 04:45 AM

මිනිසාට කිරීමට පුලුවන් සේම නොහැකි වැඩද ඇත. (නි)

:       0       0

දර්ශන් Monday, 17 December 2012 09:32 AM

කටුකුරුන්දේ රුපියල් බිලියන ගණනක් වියදම් කරලා මොනවද හදලා තියෙන්නේ? මේවා ‍මොකටද කොළඹ තියන්නේ? (නි)

:       0       0

වේහා Sunday, 16 December 2012 07:03 AM

පුදුමයි අනිත් අයට වඩා වටයක් ඉස්සරහින් සමහරුන්ට රේස් එක පටන් ගන්න දුන්නේ නැති එක. (නි)

:       0       0

නාලක Monday, 17 December 2012 09:48 AM

සුභපැතුම් ඔබට (දී)

:       0       0

නාලක Monday, 17 December 2012 09:53 AM

මේකේ අනතුරු එහෙම වුණේ නැද්ද? (නි)

:       0       0

ජගත් Monday, 17 December 2012 09:57 AM

එතකොට දර්ශන් හැමෝටම යන්න වෙනවනේ කටුකුරුන්දට. (නි)

:       0       0

අමිල කටුනායක Sunday, 16 December 2012 07:14 AM

රොකට් එන්ජිමක් සවි කරගත්තා නම් දිනන්න තිබුණා. (නි)

:       0       0

අජිත් Sunday, 16 December 2012 07:51 AM

මමත් ගියා රේස් බලන්න. ආශ්චර්යයට යන්න මේවා නැතුව බැහැ. (නි)

:       0       0

ජගත් Sunday, 16 December 2012 08:05 AM

ධනවතාට මේවා තේරෙන්නේ නැහැ (දී)

:       0       0

විමල Sunday, 16 December 2012 08:11 AM

මොනවද මේ වැඩ. ඇයි මිනිස්සුන්ට මේවා පෙන්නේ නැත්තේ. පෙට්‍රල් රු 10 නැග්ගුවා (දී)

:       0       0

මදුරි Sunday, 16 December 2012 08:56 AM

මේවා අනුමත කල නොහැකි වැඩ (දී)

:       0       0

සංජිව Sunday, 16 December 2012 09:33 AM

ඕක ටි.වී. එකේ වත් පෙන්නන්න එපා (දී)

:       0       0

ජගත් Sunday, 16 December 2012 09:43 AM

රෝමය ගිනි ගන්නාවිට විනා වාදනය කල කතාව මතකද (දී)

:       0       0

ජගත් Sunday, 16 December 2012 09:45 AM

පිස්සු විකාර වැඩ (දී)

:       0       0

චන්දන Sunday, 16 December 2012 07:21 PM

මිනිහ දිනන අපි පැරදුනා (දී)

:       0       0

සිල්වා Sunday, 16 December 2012 11:01 AM

උල්කාපාතයක් වත් වැටෙන්නේ නැද්ද (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 116 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 380 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 62 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site