කොළඹ රාත‍්‍රී මෝටර් රථ හා යතුරු පැදි තරගාවලියේ පේ‍්‍රක්‍ෂකයන්ගේ වැඩි අවධානයක් දිනාගත් ඉසව්ව වන ජී.ටී 3 සහ ජී.ටී 4 මෝටර් රථ ඉසව්වේ පළමු තරගය පහසුවෙන්ම ජය ගැනීමට ඩිලන්ත මාලගමුව සමත්විය. අන්තර්ජාතික මෝටර් රථ තරග බිමේ ශ‍්‍රී ලංකාව නියෝ්ජනය කරමින් තරග වදින එකම ධාවකයා වන ඩිලන්ත, තරගය ජය ගත්තේ තරගකරුවකුට වඩා වටයක් ඉදිරියෙන්ද තබමිනි. තරගාවලියේ එස්.එල්.එච්. 1600 සී.සී. ඉසව්ව අශාන් සිල්වා ජය ගත්තේය. වොක්ස් වෝගන් පෝලෝ මෝටර් රථ ඉසව්වේ පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන තුනම දිනා ගැනීමට ඉන්දිය ධාවකයෝ සමත් වුහ. ඉන්දියානු මෝටර් රථ තරගවලදී ප‍්‍රමුඛස්ථානයක් ගන්නා මෙම ඉසව්වට සහභාගි වු ධාවකයන් 11 දෙනාගෙන් හය දෙනකුම ඉන්දිය ධාවකයෝ වුහ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂ මෙම ඉසව්වට සහභාගි වෙමින් 7 වැනි ස්ථානය ලැබීය. සුපර් මෝටාර්ඞ් විවෘත යතුරු පැදි ඉසව්ව තියුණු තරගයකින් පසුව ජය ගැනීමට නෙඞ් ඩැනියල් සමත්විය. මෙරට මෝටර් ක්‍රොස් ශූරයාවන ගයාන් සදරුවන් සමග තියුණු තරගයකින් පසුව නෙඞ් ඩැනියල් තරගය ජය ගත්තේ වට හයෙන් අවසන් වටයේදී ගයාන් පසුකර යමිනි. ඩැනියල් තරගය ආරම්භයේදී පෙරමුණ ගත් ධාවකයා වුවද ගයාන් පසුවැනි වටයේදී ඉදිරියට පැමිණියේය. තරගාවලියේ දෙවැනි තරග ඉසව්ව ලෙස පැවැති යතුරු පැදි රේසිං සහ නවීකරණය කරන ලද සිලින්ඩර් ධාරිතාව 125 සී.සී. (2 ස්ට්‍රොක්) සහ 250 සී.සී. (4 ස්ට්‍රොක්) ඉසව්ව ජය ගැනීමට ශිරාන් බොතේජු සමත්විය. වට පහකින් සමන්විතව පැවැති මෙම තරග ඉසව්වේ ධාවකයෝ 15 දෙනෙක් තරග කළහ. ළාබාල ජේඩන් සහ ඒරන් ගුණවර්ධන සොහොයුරන් දෙදෙනා ද තරගයට සහභාගිවීම ලොකු කුඩා කගේත් අවධානයට යොමු වූ අතර ජේඞ්න් තෙවැනි ස්ථානය ලැබීය. තරගාවලිය ආරම්භ කරමින් අද (15) පැවැති ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. ඉසව්ව ජය ගැනීමට විරේන් බොතේජු සමත් විය. තරගය වට 6 කින් පැවැත්විණ. ජී.ටී 3 / ජී.ටී. 4 ඉසව්ව 1. ඩිලන්ත මාලගමුව 2. කත්යාමා 3. සෑන් ලොව් එස්.එල්.එච්.1600 සී.සී. ඉසව්ව 1. අශාන් සිල්වා 2. ඩිලාන් සෙනෙවිරත්න 3. ඉම්ඩාඞ් හුසේන් වොක්ස් වෝගන් පෝලෝ මෝටර් රථ ඉසව්ව 1. මුජල් සවාලා 2. සන්දීප් කුමාර් 3. අමායා බප්නා සුපර් මෝටාර්ඞ් විවෘත යතුරු පැදි ඉසව්ව 1. නෙඞ් ඩැනියල් 2. ගයාන් සදරුවන් 3. සුරාජ් පෙරේරා යතුරු පැදි රේසිං සහ නවීකරණය කරන ලද - සිලින්ඩර් ධාරිතාව 125 සී.සී. (2 ස්ට්‍රොක්) සහ 250 සී.සී. (4 ස්ට්‍රොක්) ඉසව්ව 1. ශිරාන් සැමුවල් 2. ආර්.ඒ.රනිල් කුමාර 3. ජේඞ්න් ගුණවර්ධන ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී.සී. ඉසව්ව 1. විරේන් බොතේජු 2. ක්ලෙමන්ට් සේනාරත්න 3. තරිදු ගමගේ
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා .... .ජයවේවා .... (දී)
නියමයි. මේ වගේ රේස් එකක් තියෙන දවසට පෙට්‍රල් නම් වැඩි වෙනවාමයි. ඒ ඇයි අනේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මිනිහ දිනන අපි පැරදුනා (දී)
හරියටම හරි ජගත්. (නි)
මේවට තමයි කියන්නේ ඊර්ෂ්‍යාව කියලා. අපේ රටේ මිනිස්සු මෙහෙම දෙයක්වත් දකින්න කැමති නැතුව ඇති. (නි)
හැබැයි ඔය ඔක්කොටම වැඩිය අර නටපු අය ටික හොදයි (ස)
ඇයි එයා දිනුවේ නැත්තේ? (නි)
රොහිත 1 ගත්තේ නැති එක පුදුමයි (ස)
එයාලට රජ සැප. දුප්පතාට හුළං. (නි)
අපේ ජනාධිපතතුමා මේ තරගය නරඹන්න ගියේ නැද්ද? (නි)
අපේ සල්ලිද මේ (ස)
කටුකුරුන්දේ රුපියල් බිලියන ගණනක් වියදම් කරලා මොනවද හදලා තියෙන්නේ? මේවා මොකටද කොළඹ තියන්නේ? (නි)
සුභපැතුම් ඔබට (දී)
මේකේ අනතුරු එහෙම වුණේ නැද්ද? (නි)
එතකොට දර්ශන් හැමෝටම යන්න වෙනවනේ කටුකුරුන්දට. (නි)
පාන් නැත්නම් කේක් කන්න !!!(ස)
ඇත්තෝ කති බොති. නැත්තෝ වටපිට බලති. හුළං බොති. (නි)
මේ කාර් රේස් ඔක්කොම අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ (ස)
රෝමය ගිනි ගන්නාවිට විනා වාදනය කල කතාව මතකද (දී)
මිනිසාට කිරීමට පුලුවන් සේම නොහැකි වැඩද ඇත. (නි)
පුදුමයි අනිත් අයට වඩා වටයක් ඉස්සරහින් සමහරුන්ට රේස් එක පටන් ගන්න දුන්නේ නැති එක. (නි)
රොකට් එන්ජිමක් සවි කරගත්තා නම් දිනන්න තිබුණා. (නි)
මමත් ගියා රේස් බලන්න. ආශ්චර්යයට යන්න මේවා නැතුව බැහැ. (නි)
ධනවතාට මේවා තේරෙන්නේ නැහැ (දී)
මොනවද මේ වැඩ. ඇයි මිනිස්සුන්ට මේවා පෙන්නේ නැත්තේ. පෙට්‍රල් රු 10 නැග්ගුවා (දී)
මේවා අනුමත කල නොහැකි වැඩ (දී)
ඕක ටි.වී. එකේ වත් පෙන්නන්න එපා (දී)
මෙහෙ මිනිස්සුන්ට කන්න නැතුව ඉන්නවා. සුපිරි ධනවතුන් ඇවිත් ජෝගි නටනවා (දී)
පිස්සු විකාර වැඩ (දී)
උල්කාපාතයක් වත් වැටෙන්නේ නැද්ද (දී)
ලබන අවුරුද්දේ මීටත් වැඩිය හොදට කරගෙන යන්න ලැබේවා කියලා පතනවා. (නි)
ජාතික ආදායමට මේකෙන් කීයක් එකතු වුණාද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සුපර් ෂෝ එකක්. (නි)
එයාලට ලැම්බොගිනි, අපිට බඩගිනි. කාට කියන්නද මේවා? (නි)
ඇත්තෝ කති. බොති. ප්‍රීති වෙති. අපි??? (නි)