දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ නායයාමේ අවදානම් ඇති තව ස්ථාන දෙකක් භූවිද්‍යාඥයන් විසින් හඳුනාගෙන ඇතැයි දක්ෂිණ අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්ෂ ආර් ඒ ඩී කහටපිටිය මහතා කියයි. එම ස්ථාන ගැන නිරන්තර නිරීක්ෂණයට සේවකයන් යොදවන බව ද කහටපිටිය මහතා පවසයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු ඉන්ජිනේරු උදාර අබේරත්න මහතා කියනුයේ නායගිය ස්ථානයේ මාර්ගය සෝදා පිරිසිදු කර අවසන් බැවින් මංතීරු දෙකම විවෘත කළ බවයි.