අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රය කළින් පිටවූ බව රහස් පොලිස් පරීක්ෂණවලින් හෙලිවී ඇතැයි අධ්‍යාපන ඇමති බන්ධුල ගුණවර්ධන මහතා කියයි.
මෙම ප්‍රශ්න පත්‍රය ටියුෂන් ගුරුවරයකු විසින් විභාගයට දින කිහිපයකට පෙර සිසුන්ට දුන් බව ලංකාදීප එසැණ වෙබ්අඩවිය ඉකුත් 15 වැනිදා මුලින්ම අනාවරණය කළේය.
සබැඳි පුවත්
විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවෙලා?
පරීක්ෂණය කොයිදැයි ගුරු සංගමය විභාග කමිසුරුගෙන් අහයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමා දන්නේ දැන් වුණාට සමහරු විභාගෙටත් කලින් ඉදලා දන්නවා. (නි)
සා/පෙල විතරක් නෙමෙයි දැන් ළමයින්ට හැම විභාගෙම සාපයක් වෙලා. ලියලවත් නිදහස් ඉන්න නෑ.ළමයි පීඩනයට ලක්වෙනවා මෙවැනි අක්‍රමිකතා නිසා (ස)
නිමල්, ඉන්ද්‍රජිත්, පණ්ඩිත කතා කියන්න එපා. මේ රටේ තියෙන්නෙ විභාග කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමයක් මිසක් දැනුම කේන්ද්‍රගත අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි. මේ ක්‍රමය යටතේ විද්‍යාව හරියට ඉගෙනගත් කවුරුත් නැහැ. මේ රටේ දැනුම කේන්ද්‍රගත අධ්‍යාපන ක්‍රමයක් සකක් කරන්න හදනකොට ඒකට අකුල් හෙලන්නෙත් ඉන්ද්‍රජිත් වැනි බටහිර දැනුම පූජනීයත්වයෙන් සළකන අය තමා. (නි)
විශයන් හැම එකක්ම කලින් පිට වුණා නම් මරේ මරු..... (නි)
වැඩක් නෑ කතා කරලා (ස)
ලංකාවේ අනාගත දරුවන් හරිම වාසනාවන්තයි. (නි)
අනේ ඇමතිතුමෝ වෙන රටවල වගේ ඉල්ලා අස්වෙන්න එපා.. තව අවුරුද්දකින් මගේ පුතා උසස් පෙළ ලියනවා.. මට ඕනෙ මගේ ළමයාව විශ්වවිද්‍යාලයට යවන්න.. (නු)
ලංකාවේ අය සල්ලි වලට ඕනෙම දෙයක් කරාවි (ස)
ලංකාවෙ සල්ලි තියෙනවානම් සා.පෙ. උ.පෙ. උපාධියත් ඔක්කොම හරි.... රට පෙරට.. දරුවන් වලට..!(නු)
මෙයා අධ්‍යාපන ඇමති ලෙස පත් කළා ගොඩක් ස්තුතියි..!(නු)
ප්‍රශ්න පත්‍ර පිටවන සිද්ධීන් අපි පාසල් යන කාලෙදි නම් වුණේ නැහැ. (නි)
විභාග පාස් නොවූ තරමට පාර්ලිමේන්තු යාමට ඇති ඉඩකඩ වැඩියි. (නි)
ඇමතිතුමා මේ විභාග ගැන ඒ තරම් කලබල වෙන්න ඕනෑ නැහැ. (නි)
5 වසර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවූ වෙලේවත් නැවත එහෙම නොවෙන්න ක්‍රියාමාර්ගයක් ගත්තා නම් අද මෙහෙම වෙන්නෙ නැහැනේ. (නි)
මේ වෙනුවෙන් ඉල්ලා අස්වියයුත්තේ ගරු ඇමතිතුමා නොවේ. (නි)
නිමල්, ඔබට මේ අදහස කියන්න තිබුණු එඩිතරකමට මගේ උපහාරය! බොහෝ උදවිය ළමයින් පෙළන දෙයක් නිසා විභාගය නැවත තියන්නම එපා කියනවා අහලා මට පුදුම හිතුණා. අවුරුදු ගණනක් උගන්වපු දේවල් වරක් විභාගයට ලියපු හැටියේ මොළයෙන් ඉවත් වෙනවාද? තමන්ගේ දැනුම පරීක්ෂණයට ලක් වීම දඬුවමක් හැටියට දකිනවානම් ඒ ළමයි සහ ඔවුන්ගේ දෙමාපියන් අධ්‍යාපනය කියා හිතා ඉන්නේ ඇපෙන් ගැලවීමට කරන දෙයක් නේද? ලංකාවේ විභාග රටාව ළමයින් පෙළන එකක් වීම වෙනස් විය යුතු බව විවාදයක් නැහැ. එහෙත් බොහෝ දෙනෙක් ඉල්ලන වෙනස ඒක නොවෙයි. මේ පවතින ක්‍රමයටම එගොඩ වෙන්න ෂෝර්ට් කට් එකක් පමණයි ඔවුන් පතන්නේ. (නි)
අනේ ලංකාවේ අධ්‍යාපනයට ගියකළක්, ලැජ්ජා නැතිව ඇමති තුමා මෙහෙම කියනවනේ......... !!!!! (ස)
සල්ලි වලට උගත්කම ගන්න බැහැ කියලවත් තේරුම්ගන්න තරම් අද හුගක් කට්ටියට මොළයක් නැහැ. (නි)
කරුණාකර යථාර්තවාදී ලෙස මෙම ගැටලුව දෙස බලන්න. (නි)
ඔබතුමාමනේ ඉතින් කිවුවේ නිලධාරීන්ව ඔබතුමාට විශ්වාසයි කියලා. (නි)
අපේ අධ්‍යාපනයට ජය වේවා! (නි)
ඉගෙනුම යනු චර්යාවේ සිදුවන කල්පවත්නා වෙනසක් ලෙසයි අර්ථ දක්වන්නේ. ඉගෙන ගත්තා නම් මාස 5කින් නැවත විභාගය තිබුණත් ලියන්න පුලුවන්. විභාගයට විතරක් කරුණු මතක තියාගෙන ඉදලා වැඩක් නැහැ. විභාගය නැවත තියන්න. හරියට විද්‍යාව ඉගෙන ගත් අය සොයාගන්න පුලුවන්. (නි)
.අනේ මන්ද එපා වෙනවා (අ)
පෞද්ගලික පන්ති කරන කාලේ හොරෙන් පිටවුණ ප්‍රශ්න පත්තර ළමයින්ට බෙදා දුන්නා නේද? (අ)
ඕවට වග කියන් ඕනී ඔබ තුමාලම නේද? (අ)
ඇමතිතුමා නොමේ ඉල්ලා අස්වෙන්න ඕන විභාග දෙපාර්තමේන්තුවෙ ඉන්න වැරදි කරපු අය. කවුරු ආවත් ඔය ටික තමයි වෙන්නේ. (නි)
වගකිවයුත්තන් ඉල්ලා අස්වෙනු! (නි)
ඇමතිතුමෝ, ඉල්ලා අස්වෙන්න නම් එපා. ඔබතුමා වැනි අවංක, අභීත, ජනහිතකාමී, පරමාදර්ශී, දූරදර්ශී, උත්කෘෂ්ට, නිකලැල්, දේශප්‍රේමී................ නායකයින් මේ රටට අවශ්‍යම මොහොත. මේ රටේ ඉන්න මෝඩ මිනිස්සු ඔබතුමාට ඉල්ලා අස්වෙන්න කියලා කෑ ගසයි. ඔබ තුමා එවා ගණන් ගන්න එපා. අපි හැමදාම ඔබතුමාට! (නි)
ප්‍රශ්න පත්තර ඔක්කොම ඔයවගො පිට වුණත් ළමයි ඔක්කොම විභාගෙන් පස් කරන්ඩද අදහස? (අ)
මුදලට ප්‍රශ්න පත්තර පිට කරන කෙනාවත් නීතියට ගෙනත් දඩුවම් පමුණුවන්න (අ)
ඇති යන්තම් බන්දුල ඇමති තුමා පිලි ගත්තා විද්‍යාව පේපර් එක කලින් පිට උන බව , දැන් එතුමා ඉල්ලා අස්වෙයි වගකීම බාරගෙන , ඊළග අද්යාපන ඇමති තුමාට අපෙන් සුබ පැතුම්. කොහොම නමුත් විබාගය නැවත නොතියා ප්‍රශ්න 19 ට ම ලකුණු දුන් එක අගය කල යුතුයි , මොකද එහෙම නැතිනම් ළමයින්ට ආයේ විද්‍යාව ලියන්න වෙනවා , සම්පත් අත්තට ගේ මහතා ට අපේ ප්‍රණාමය . (ස)
අධ්‍යාපන ඇමති තුමනි. අර ඇමති තුමා වගේ නැතුව කෙලින්ම කතා කරන්න (ස)