මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය උත්කර්ෂවත් නත්තල් උත්සවයක් සැමරුවේය.
හය වැනි වාට්ටුවේ පැවැති මෙය ප‍්‍රාසාංගික අංග රැසකින් සමන්විත විය.
ඥාති හිතවතුන්ගේ සබඳතාවලින් වසර ගණනාවක් සිට ඈත්වී නේවාසිකව මෙහි රැඳී සිටින්නියන් වෙනුවෙන් මෙම ප‍්‍රසංගය සුදානම් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළේය.
යුදහමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මංජුලිකා ජයසූරිය මහත්මිය සහ සම්බන්ධිකරණ නිලධාරිණි ඉන්දු සෙනවිරත්න මහත්මිය ඇතුළු ප‍්‍රධාන ආරාධිතයින් රැසක් එක්වූ මෙහිදී මරදාන යුද හමුදා කඳවුරේ පිරිස විසින් නේවාසික රෝගීන් වෙනුවෙන් දිවා ආහාරය පිරිනැමූ අතර ඔවුන්ගේ රස වින්දනය උදෙසා සේවාවනිතා ඒකකයේ වාද්‍ය වෘන්දය සවස් කාලයේ සංගීත සන්ධ්‍යාවක්ද සුදානම් කළේය.
රෝහල් අධ්‍යක්‍ෂ ජයාන් මෙන්ඩිස් මහතාගේ උපදෙස් පරිදි ප‍්‍රධාන හෙද පාලිකා හේමා බාලසුරිය මහත්මිය සහ ප‍්‍රධාන හෙද නිලධාරිනි ප‍්‍රමිලා ශ්‍රී කාන්ති මහත්මියගේ උපදෙස් මත රෝහල් කාර්ය මණ්ඩලය කටයුත්ත සංවිධානය කළහ.



1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක්. (නි)
අනුවේදනීය දර්ශනයක් සැමට සුබ නත්ත්ලක් වේවා (අ)
ඉතාමත්ම හොද සමාජ සත්කාරයක්. (නි)
නත්තල් සීයා දැක්කහම මොන දුකක් වුණත් අමතක වෙනවා. (නි)
පවු අසරණ මිනිස්සු (දී)
සෑම මාසයකටම මෙවන් සංගීතයක් අවශ්‍යයි. එයයි රෝගීන්ට හොදම මානසික සහනය වන්නේ. (නි)
අවසන් ඡායාරූපයේ ඉන්නේ කවුද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඇත්තෙන්ම අසරණ මිනිසුන්... (නි)
දුක හිතෙනවා
හොදයි පිං අතේ වැඩක්..!(නු)
ඉදලා හිටලා හොද වැඩත් අහන්න ලැබෙනවා. (නි)
සියල්ලන්ටම ස්තූතියි. (නි)
මෙවැනි රෝගීන්ට ඉදහිට හෝ මෙවැනි මානසික සහනයක් ලැබීමමත් පිනක්. (නි)