IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සෙනෙහසක මහිමය

මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනය  උත්කර්ෂවත්  නත්තල් උත්සවයක් සැමරුවේය. හය වැනි වාට්ටුවේ පැවැති මෙය ප‍්‍රාසාංගික අංග රැසකින් සමන්විත විය. ඥාති හිතවතුන්ගේ සබඳතාවලින් වසර  ගණනාවක් සිට ඈත්වී නේවාසිකව මෙහි රැඳී සිටින්නියන් වෙනුවෙන් මෙම ප‍්‍රසංගය සුදානම් කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළේය. යුදහමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි මංජුලිකා ජයසූරිය මහත්මිය සහ සම්බන්ධිකරණ නිලධාරිණි ඉන්දු සෙනවිරත්න මහත්මිය ඇතුළු ප‍්‍රධාන ආරාධිතයින් රැසක් එක්වූ මෙහිදී මරදාන යුද හමුදා කඳවුරේ පිරිස විසින් නේවාසික රෝගීන් වෙනුවෙන් දිවා ආහාරය පිරිනැමූ අතර ඔවුන්ගේ රස වින්දනය උදෙසා සේවාවනිතා ඒකකයේ වාද්‍ය වෘන්දය සවස් කාලයේ සංගීත සන්ධ්‍යාවක්ද සුදානම් කළේය. රෝහල් අධ්‍යක්‍ෂ ජයාන් මෙන්ඩිස් මහතාගේ උපදෙස් පරිදි ප‍්‍රධාන හෙද පාලිකා  හේමා බාලසුරිය මහත්මිය සහ ප‍්‍රධාන හෙද නිලධාරිනි ප‍්‍රමිලා ශ්‍රී කාන්ති මහත්මියගේ උපදෙස් මත රෝහල් කාර්ය මණ්ඩලය කටයුත්ත සංවිධානය කළහ.



අදහස් (0)

සෙනෙහසක මහිමය

හේමසර Wednesday, 12 December 2012 07:13 PM

හොද වැඩක්. (නි)

:       0       0

අමරා අයිරාංගනී Wednesday, 12 December 2012 08:33 PM

අනුවේදනීය දර්ශනයක් සැමට සුබ නත්ත්ලක් වේවා (අ)

:       0       0

ධනුක Thursday, 13 December 2012 05:39 PM

ඉතාමත්ම හොද සමාජ සත්කාරයක්. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 12 December 2012 09:27 PM

නත්තල් සීයා දැක්කහම මොන දුකක් වුණත් අමතක වෙනවා. (නි)

:       0       0

පද්මි Thursday, 13 December 2012 11:47 AM

පවු අසරණ මිනිස්සු (දී)

:       0       0

පෙරේරා Wednesday, 12 December 2012 11:16 PM

සෑම මාසයකටම මෙවන් සංගීතයක් අවශ්‍යයි. එයයි රෝගීන්ට හොදම මානසික සහනය වන්නේ. (නි)

:       0       0

සාලිය Thursday, 13 December 2012 03:02 AM

අවසන් ඡායාරූපයේ ඉන්නේ කවුද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

මේරි Thursday, 13 December 2012 01:53 PM

ඇත්තෙන්ම අසරණ මිනිසුන්... (නි)

:       0       0

පද්මිණි Thursday, 13 December 2012 10:09 PM

දුක හිතෙනවා

:       0       0

සරත් Thursday, 13 December 2012 09:18 AM

හොදයි පිං අතේ වැඩක්..!(නු)

:       0       0

සිල්වා Wednesday, 12 December 2012 05:43 PM

ඉදලා හිටලා හොද වැඩත් අහන්න ලැබෙනවා. (නි)

:       0       0

අතුල Wednesday, 12 December 2012 05:56 PM

සියල්ලන්ටම ස්තූතියි. (නි)

:       0       0

දයා-සවුදි Wednesday, 12 December 2012 05:52 PM

මෙවැනි රෝගීන්ට ඉදහිට හෝ මෙවැනි මානසික සහනයක් ලැබීමමත් පිනක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 740 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site