ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ කුඩා නගරයක් වූ මුලාබියේදී තම මව සහ සොහොයුරිය සමග පාරේ ඇවිද යමින් සිටියදී 2004 සුනාමියට හසු වූ මේරි යුරන්දා (ඒ වන විට අවුරුදු 7 යි) කුඩා දැරිය වසර හතක ඇවෑමෙන් පසුගියදා සිය දෙමාපියන් සොයා ආවාය. දරුණු රඵ පහරට හසුව මවගෙන් ගිලිහුණු දැරිය බණ්ඩා ආචේ ප්‍රෙද්ශයට ගසාගෙන ගොස් ඇති අතර එහිදී වෙනත් කාන්තාවකට ඇය හසුවී හත් වසරක්ම සිගමනට යොදා තිබූ බවත් සිගමන් නොලැබුණු විට ඇයට පහරදී ඇති බවත් කියයි.
ජාවාරම්කාර ගැහැණියගේ ග්‍රහණයෙන් පැනවිත් නගරයේ බස් නැවතුම් පොළක සිටි පිරිසකගෙන් තම දෙමාපියන් සොයාගැනීමට පිහිට පතා ඇත. ඔවුහු ඇය ලගම තිබූ පොලිසියට බාර දුන්හ. ඒබ්‍රහිම් නැමැති ඇගේ සීයාගේ නම පමණක් මතක තිබූ මේරී යුරන්දාගෙ කතාව එරට මාධ්‍යවලින් අනාවරණය වීමත් සමග ඒබ්‍රහම් හා ඇගේ දෙමාපියෝ ඇය සොයා පැමිණ උපන් ලප දෙකකින් ඇය හදුනා ගත්හ. තම දියණිය දැඩි මානසික පීඩනයකින් පසුවන බවත් ඇය කතා නොකරන බවද තර්ම්යාස් (පියා) මාධ්‍යවේදින් සමග කීවේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරැවාට දෙවි පිහිටයි. ජීවත් වෙන්න වාසනාව තියනවා..
ඉක්මනටම කතා කිරීමට ලැබේවා...