කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (01) ආරම්භ වූ 79 වැනි ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 180 ක් ලබා සිටියේය.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අත්හිටුවන විට ශාන්ත ජෝශප් විදුහලේ සදීර සමරවික‍්‍රම පන්දු 124 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 105 ක් ලබා සිටියේය.
පළමුව පන්දුවට පහර දුන් ශාන්ත පීතර විදුහල ඕවර 60 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 236 ක් රැස් කළේය. ජනිත් ලියනගේ පන්දු 69 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 70 ක් රැස්කිරීමට සමත් විය.
හෙට (02) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම ඕවර 60 කදී කඩුලූ 9 ට 236
(ජනිත් ලියනගේ 70, ක‍්‍රිෂාන් ප‍්‍රනාන්දු 42, ජූලියන් ද සිල්වා 31, ජේසන් බුල්ජන්ස් 26, ශමිල ඔබේසේකර 20, කාවින්ද ද තිසේරා 18, අරවින්ද අකුරුගොඩ 45/3, සචින් හේවාවසම් 35/2)
ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම ඕවර 42.3 කදී කඩුලූ 2 ට 180
(ඩිලාන් ප‍්‍රනාන්දුපුල්ලේ 45, සදීර සමරවික‍්‍රම නොදැවී 105, සචින් හේවාවසම් නොදැවී 20)
2025 දෙසැම්බර් මස 04
805
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සදීරගේ (105*) ශතකයෙන් ශා. ජෝශප් පෙරමුණට එයි
සිල්වා Saturday, 02 March 2013 12:36 PM
කොහොම ගැහුවත්, අන්තිමට අපට දැනගන්න ලැබෙවි විදුහල් දෙකම දිනුමෙන් පැරදුමෙන් තොරයි කියලා (ස)
ශාමලී Saturday, 02 March 2013 01:42 PM
නියමයි, ඉදිරියටම යමු ශාන්ත ජෝෂප් වද්‍යාලයීනි... (ස)
ශාන් Friday, 01 March 2013 06:39 PM
නියමයි....නියමයි.... (දී)