කොළඹ ශාන්ත ජෝශප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී අද (01) ආරම්භ වූ 79 වැනි ‘ශාන්තුවරයන්ගේ සංග‍්‍රාමය’ වාර්ෂික මහ ක‍්‍රිකට් තරගයේ පළමු දිනයේ ක‍්‍රීඩාව නතර කරන විට ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 180 ක් ලබා සිටියේය.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය අත්හිටුවන විට ශාන්ත ජෝශප් විදුහලේ සදීර සමරවික‍්‍රම පන්දු 124 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 105 ක් ලබා සිටියේය.
පළමුව පන්දුවට පහර දුන් ශාන්ත පීතර විදුහල ඕවර 60 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 236 ක් රැස් කළේය. ජනිත් ලියනගේ පන්දු 69 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 70 ක් රැස්කිරීමට සමත් විය.
හෙට (02) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම ඕවර 60 කදී කඩුලූ 9 ට 236
(ජනිත් ලියනගේ 70, ක‍්‍රිෂාන් ප‍්‍රනාන්දු 42, ජූලියන් ද සිල්වා 31, ජේසන් බුල්ජන්ස් 26, ශමිල ඔබේසේකර 20, කාවින්ද ද තිසේරා 18, අරවින්ද අකුරුගොඩ 45/3, සචින් හේවාවසම් 35/2)
ශාන්ත ජෝශප් විදුහල පළමු ඉනිම ඕවර 42.3 කදී කඩුලූ 2 ට 180
(ඩිලාන් ප‍්‍රනාන්දුපුල්ලේ 45, සදීර සමරවික‍්‍රම නොදැවී 105, සචින් හේවාවසම් නොදැවී 20)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම ගැහුවත්, අන්තිමට අපට දැනගන්න ලැබෙවි විදුහල් දෙකම දිනුමෙන් පැරදුමෙන් තොරයි කියලා (ස)
නියමයි, ඉදිරියටම යමු ශාන්ත ජෝෂප් වද්‍යාලයීනි... (ස)
නියමයි....නියමයි.... (දී)