සෞදි වාස නීති කඩකළැයි චෝදනා ලැබූ ශ්‍රී ලාංකිකයෝ 65 දෙනෙක් සෞදි අරාබියෙන් ශ්‍රි ලංකාවට නෙරපා හරිනු ලැබූහ. නියමිත නිවසේ හැර වෙනත් ස්ථානවල රැකියා කිරීම හා වෙනත් වැරදි සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගවට ගත් බව ඇරැබ් නිවුස් පුවත් සේවය කියයි. සෞදි අරාබියට යන බොහෝ දෙනා ළමයින බලා ගැනීම හා ගෘහ පාලනය ගැන මනා පුහුණුවක් නොලැබූ අය බව සෞදි හාම්පුතෙක් ඇරැබි පුවත් සේවයට පවසා ඇත.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිසුන්ට පුළුවන් තරම් බොරු කියාලා තුට්ටු දෙකේ පඩියකට එවන එකට සම්පූර්ණ වගකිව යුත්තේ ඒජන්සිකරුවන්. මෙහේ ඇවිල්ලා ආව අරමුණ අමතක කර වෙන වෙන නීතිවිරෝධී කටයුතු වල නිරත වෙනවා නම් ඒවාගේ බරපතළකම සහා ඒවාට විදිය යුතු දඩුවම්ද වැරදි කළවුන් විදිය යුතුයි. තමන් ගේ රටේ කීර්තිනාමයට හානියක් නොවන අයුරින් හැසිරෙනවා නම් තමයි වඩාත් උචිත. (නි)
http://www.arabnews.com/node/351654 (නි)
සමහර ගෘහ සේවිකාවන්ගේ වැඩනිසා නම කැතවෙන්නේ රටේ අනෙක් අයගේයි. (නි)
කාන්තාවන් යන එක නතර කරනකල් ප්‍රශ්න ඇතිවෙන එක නතර කරන්න බැහැ. (නි)
දමිත් මල්ලි හිගා කෑවත් ඔය වගේ රටවල්වලට යන්න ඒපා. ඒතකොට ඒ රටින් ලැබෙන විදේශවිනිමය ඔයා දෙනවාද? (ස)
ළමයින්ට ආදරේ ඇති, ගෙවල් වල වැඩ හොයලා බලලා කරන අය කවදාවත් රට යන්නෙ නැහැ. (ස)
මේවාට වග කියන්න ඕන ඒජන්සි ආයතන..!(නු)
රටයන අයට ඒ රටේ හැටියට ජීවත්වෙන්න කියලා දෙන්න ටියුෂන් පන්ති දාන්ඩ ඕනෑ. (නි)
මේ අයට අනුකම්පා කරන්න බැහැ. (නි)
දමිත්, මෝඩ කතා කියවන්න එපා. (නි)
හිගාකෑවත් ඔය වගේ රටවල් වලට යන්න එපා. (නි)
රොමේෂ් නිවැරදියි. (නි)
ඒකතමයි දෙවියන්ගෙ කැමැත්ත. (නි)
සෞදිය මුස්ලිම් අන්තවාදී රටක්. (නි)