සෞදි අරාබියේ අල් කොබාර් සෞදි නිවෙස්හි ගෘහ රියදුරන් ලෙස පැමිණී හෝමාගම කිරිවත්තුඩුවේ දෙදෙනකු ගෑස් කාන්දුවකින් මියගිය බව සෞදි පොලිසිය කියයි. මෙම මරණ පිළිබඳව රියාද් පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියනුයේ මෙම දෙදෙනා මියගිය ආාකාරය පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් නැති බවය. එසේ වුවද මෙම දෙදෙනා නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා උපයෝගී කර ගන්නා ලද භාණ්ඩයකින් එක්තරා විෂ වායුවක් කාන්දුවීම නිසා හුස්ම හිරවීමකන් මරණයට පත්ව ඇති බවට තොරතුරු ලැබී ඇති බව එම තානාපති කාර්යාල ආරංචි කියයි. පශ්චාත් මරණ පරීක්‍ෂණය හා පොලිස් වාර්තාව තානාපති කාර්යාලයට ලැබී නැත. මළ සිරුරු ශ්‍රී ලංකාවට එවීමටද නියමිතය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී මෙයාලගේ වැඩ අහලා මට වමනෙත් යනවා (ස)
නැතිබැරි නිසයිනේ යන්නේ. (නි)
මොකට ඔය වගේ රටවල් වලට යනවද මන්දා(ස)
මනුස්සයෝ වෙන කරන්න දේවල් නැද්ද කරන්න (දී)
ඒත් ජීවිත කීයක් මේකෙන් බේරුණාද? (නි)
ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි. (නි)
එයාලා ලංකාවෙත් කසිප්පු පෙරන්න ඇති නේද? (නි)
කටක් ඇරලා කියන්න පුලුවන්ද (දී)
මෙයාලා අරාබි රටේ නීතිය ගැනවත් දන්නෙ නැද්ද? (නි)
කමක් නැහැ. හොදයි. (නි)
ගිය තැන ඉවරයි (දී)
හොද වැඩේ. හොදටම දන්නවා ඇතිනේ සෞදියේ නීතිය. (නි)
ජන්මෙට වැඩිය පුරුද්ද ලොකුයි. (නි)
කසිප්පුවාට වහල්වී ජීවිතයෙන් වන්දි ගෙවයි..!(නු)
ජෝස්ට දුක ඇති මේක කරපු අයගෙ ගම් දාපු නිසා. නැත්නම් පුරුදු විදියටම මේකටත් දකුණම අල්ලා ගනිවි. (නි)
පිටරටක පෙරපු හන්ද කසිප්පු වෙන්න බෑ. විස්කි වගේ දෙයක් වෙන්න ඕන (ස)
තණ්හාය ජායතී සෝකෝ. (නි)
සෞදියේ ශ්‍රීලංකා කට්ටිය කසිප්පු පෙරන්න ගිහින් තියෙන්නේ. මල සිරුර ඉක්මනට ලංකාවට ගෙනියන්න ලැබෙන්නේ නැහැ. (ස)
ඔයාලා පිටරට වෙනදේවල් හේතුත් එකක්ම දන්නවා.. නමුත් ලංකාවෙ වෙන දේවල් ගැන මොනවත් කතාකරන්නේ නැහැනේ..!(නු)
දෙදෙනෙක් එක පාර නිකම් මැරෙන්නෙ නැහැ.. අපේ කසිප්පු පෙරෙන්න හරි ප්‍රසිද්ධයි මැද පෙරදිග.. වැරදිවැඩවල අවසානය මේ වගේ වෙනබව දැන ගත යුතුයි.. විශේෂයෙන්ම අරාබියෙ..!(නු)
මේ අයට ජාතියක් නැහැ.. මේ දේවල්වලට මට කිසිම දුකක් නැහැ..!(නු)
ඔන්න දකුණෙන් පිට වැඩක්..!(නු)
කොහෙ ගියත් මේ අයට බොන්නේ නැතිව ඉන්න බැරි හැටි..!(නු)
මෙරට බොහොමයක් වායුසමනය කළ කාමර නිසා ගෑස් කාන්දුවීමක් නම් පිටට කාන්දුවුන වායුව යා නොහැකියි.. අරක්කු පෙරද්දි ගද පිටවෙන නිසා කාමරය වහන්න ඇති..!(නු)
බොහොම කණගාටුයි වැරදිමාර්ගයෙන් හම්බකරන්න ගියොත් ඔහොම තමයි.. තව පෙරණ අයටත් හොද පාඩමක්..!(නු)
කසිප්පු පෙරද්දි රටේ තියෙන නීතිය මතක් වෙලා පැනලා ගියාද දන්නෙ නැහැ..!(නු)