
යුක්රේන සත්වෝද්‍යානයකට රුසියන් හමුදාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය. යුක්රේන මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් හාවුන් 10 දෙනෙක් මියගිය බවත්, තවත් 15 කට තුවාල සිදුවුණු බවත්ය.
ඩ්‍රෝන ප්‍රහාරය එල්ල වූයේ, කාර්කීව් නුවර සත්වෝද්‍යානයේ හාවුන් සහ ගිනිපිග් සතුන් කූඩු කර සිටි ස්ථානයටය. කාර්කීව් යනු යුක්රේනයේ දෙවැනි විශාලතම නගරයයි.
ඩ්‍රෝන ප්‍රහාරයෙන් සත්වෝද්‍යානයේ සේවකයන්ට හෝ සත්වා්ද්යානයට පැමිණි නරඹන්නන්ට හෝ කිසිදු අනතුරක් සිදුනොවුණු බව ද පැවැසෙයි.
ඩ්‍රෝන ප්‍රහාරයෙන් සත්වෝද්‍යානයේ සෙසු සතුන් බියටත් කම්පනයටත් පත්ව සිටින බව ද බලධාරීහු පවසති. අලි ඇතුන් රඳවා සිටින කලාපයට ද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වූ බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටින්ගේ මිනීමරු හමුදාවට දැන් ඉලක්ක වැරදෙනවද, යුක්රේනය රුසියාව ඇතුළටම ප්‍රහාර එල්ල කරනකොට????